කන්න බොන්න කලින් එන්න

Bake & Take Mathara නැවුම් බේකරි ආහාර පිරිනමන මාතර බේක් ඇන්ඩ් ටේක්

banner

බේක් ඇන්ඩ් ටේක් කියන්නේ වසර තිහකටත් වඩා පැරනි අවන්හලක්.බේකරි ආහාර මූලික කරගෙන පවත්වාගෙන යන අවන්හලක් උනත් අනෙක් ප්‍රධාන ආහාරත් කන්න යන්න හොඳ තැනක් තමයි බේකැන්ඩ් කේක් කියන්නේ.මේ අවන්හල පිහිටන්නේ මාතර ප්‍රදේශයේ.මුලින් පුන්චියට ආරම්භ කල අව්න්හල දැන් ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය රසවත් අවන්හලක් විදියට රසවත් ආහාර පාන පිරිනමන තැනක් බවට පත් වෙලා.රසවත්ව සහ ගුනවත්ව ආහාර ගන්න කියාපු තැනක් තමයි මාතර මේ Bake & Take අවන්හල.අද අපි කියන්න යන්නේ මේ අවන්හලේ කෑම වල රස ගුන.

වටපිටාව

bakentake2

අවන්හල ඉදිරියේ හොඳ මට්ටමේ පාකිං පහසුකම් තිබෙනවා.නිතරම ගොඩක් කාරය බහුල බවක් නැති නිසා ගොඩක් වෙලාවට වාහනේ පාක් කරගන්න ඒ තරම් අමාරුවක් වෙන්න ඕනි නෑ.මේ අවන්හල පිටතින් බලනකොටත් ටිකක් වෙනස් විදියට තමයි පේන්නේ.ඔවුන්ගේ අවන්හලේ නාමය වෙන බේක් ඇන්ඩ් ටේක් නාමය අලංකාර්වත්ව අවන්හලේ ඉදිරියේ පෙන්නුම් කරලා තියනවා.මේ අවන්හල ඇතුලත හොඳින් ඒ සී කරලායි තියෙන්නේ.ඇතුලත රාත්‍රී වෙලවට මේ බිත්ති සහබිම වර්න ගන්වා ඇති පාටත් එකතු වෙලා අපූරුවට දිස් වෙනවා.මෙහි ඇත්ලත කුඩා ඉඩක් තිබුනත් අවන්හල ඇතුලත ඒ ඉඩ ඔවුන් හොඳින් සියලු දේ සඳහා කලමනාකරනය කරගෙන තියනවා.හතර දෙනෙක්ට වගෙම දෙදෙනෙකුටත් එකට වාඩි වෙන්න පුලුවන් විදියට වීදුරු යෙදූ මේස සහ පු‍ටු සකස් කරලා තියනවා.ඇතුලත හොඳින් ඒ සී කරලා වගෙම ඇතුලත ගොඩක් පිරිසිදුවට තියාගෙන ඉන්න බවක් හොන්දින් පේන්න තියනව.මේ අවන්හලේ ඇතුලත බිත්තියකට එකතු කරලා හදලා තියන මාලු ටැන්කිය මෙහි එන ගොඩ දෙනෙක් මදකට නතර වන තැනක්.එහි අලංකාර මාලු සහ මුහුදු ගල් වර්ග අතුරලා කදිමට සකස් කරලා තියෙන්නේ.

බඩජාරි මෙනුපත

bakentake3

මේ අවන්හල බේකරි ආහාර තමයි මූලික කරගෙන තියෙන්නේ.මෙනු එක නම් ඉතා දිගු එකක්.මේ මෙනු එකේ බේකරි ආහාර වට්ටෝරුවට පාන් වර්ග ,පේස්ට්‍රි වර්ග, බනිස් වර්ග, සබ්මැරීන්,රෝල්ස් පැටිස් කට්ලට්,සමෝසා ඩ්‍රම්ස්ටික් වගේ කැම ඉතාම නැවුම්ව සහ ඉතා රසවත්ව කන්න ගන්න පුලුව්නෛ.කේක් වර්ග වලටත් මේ බේකරියේ නිශ්පාදන ගොඩ දෙනෙක් අතර ජනප්‍රියයි.කො‍ෆි කේක් මබල් කේක් රිබන් කේක් බටර් කේක් වගේ ඌනිම වර්ගයේ කෙක් වර්ගයක් මෙතනට ආවොත් මිලට ගන්න පුලුවනි.තේකක් බොනවා නම් කප් කේක් චොකලට් ම‍ෆින් එග්ලස් කේක් ස්පොන්ජ් වගේ රසවත් කේක් කෑම්ත් කන්න ගන්න පුලුවනි.මේවට අමතරව ඩෙසර්ට් විදියට වටලප්පන් ජෙලි කස්ටඩ් චොකලට් මූස් බිස්කට් පුඩිං වගේ කැමත් බීමට විවිද වර්ගයේ කෘතිම බීම වර්ගත් ගනනාවක් මේ මෙනු එකට ඇතුලත්.

baketake3

උදේ අහාරයට මෙතනට එනවා නම් දේශීය කෑම වලින් යුතු බුෆේ එකකෞත් තිබෙනවා.මීට අමතරව දවල් වරුවට රයිස් ඇන්ඩ් කරි කනවා නම් චිකන් හරි මාලු හරි කෑම එකක් 280ක් වගේ මිලක් වෙනවා.එලවලු කෑම එකක් 250යි.රාත්‍රී වරුවට චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් 225ක් වගේ මිලක් වෙනවා.සවස් වරුවට මෙහි එනවා නම් කොත්තු කන්නත් පුල්වුඅනි.ගොඩක් කෑම වල මිල ගනන් සාධාරනයි කියන්න පුලුව්නෛ.ගොඩක් සාමානය අවන්හල් වල මිලටම මේ ගොඩක් බේකරි නිශ්පාදන සහ ප්‍රධාන ආහාර කන්න ගන්න පුලුව්නෛ.කොහොම උනත් මේ අවන්හල සතුව ලොකු මෙනු එකක් තිබුනත් හැම වෙලේම මේ හැම කැමක්ම අවන්හලේ නෑ.

baketake4

සේවාව

මෙහි සේවාව සාමාන්‍ය මට්ටමේ එකක්.මෙහි සේවකයන් ඒ තරම් ලොකුවට මෙහි එන අය ගැන අවදානයක් දක්වන බවක් [එනෙන්නට නෑ.ඒත් ඔවුන් ඔවුන්ගේ වැඩේ හරියට කරනවා.කොහොම උනත් ලොකු පරක්කුවක් වෙන්නෙත් නෑ.ඒ නිසා සේවාවේ කියන්න තරම අවුලක් නෑ.

මග

මෙතනට එනවා නම් මාතර ටවුමේ ඉඳන් කොලඹ දේසට කිලෝ මිටර 5ක් වගේ එන්න ඕනි.වල්ගම කියලා තමයි මේ හරියට කියන්නේ .ගාලු පාර අයිනේම පාරෙන් වම් අත පැත්තට වෙන්නයි බේක් ඇන්ඩ් කේක් අවන්හල පිහිටන්නේ.

මේ අවන්හල උදේ 6.30 ඉඳන් රාත්‍රී 10 පමන වනතෘ විවුර්ථයි.ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 041 2 231925. මාතර පැත්තේ ඔබ සංචාරයක යෙදෙනවා නම් මේ අවන්හල පැත්තෙත් ඇවිල්ල නැවුම්ව රසවත් ආහාර වේලක් ගන්න ඇවිත් යන්න.එය හොඳ ‍තෝරාගැනීමක්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *