කන්න බොන්න කලින් එන්න

Banana Leaf – Polonnaruwa ගමේ කෑම 20 කටත් වැඩිය තෝරගෙන කෙසෙල් කොලේ කෑම කන්න කෙසෙල් කොලේ අවන්හල

banner

පොලොන්නරුවේ නටඹුන් බලන්න ආවොත් දේශීය ක්‍රමයට රසවත්ව ඒ වගේම වෙනස් විදියකට කෑම වේලක් ගන්න කියාපු තැනක් ගැනයි අද අපි කියන්න යන්නේ.මෙතන නමින් කෙසෙල් කොලේ.දේශීය ක්‍රමයට හදපු බත් වේලක් මාලු පිනි වර්ග 20කට එහායින් කැමති විදියට බෙදාගෙන කන්න පුලුවන් තැනක් මෙතන්.ටිකක් පුදුමයි නේද.කෙසෙල් කොලේ කන්න අවන්හලට ආවොත් ඒ අත්දැකීමත් විඳගන්න පුලුවන්.

වටපිටාව

bananapol6

මෙතන වාහන නවත්වන පහසුකම ගැන කිව්වොත් ඒ සඳහා හොඳ ඉඩක් තියනවා.මෙහි සවිමත් මේස ලීයෙන් කරලා.එක වර ගොඩ දෙනෙකුට එකට එක මේසේ ඉඳගෙන උනත් කන්න පුලුවන්.ඒ වගේම දෙන්නෙක්ට උනත් එකට කැමා ගන්න පුලුවන් විදියට මේස පු‍ටු සකස් වෙලා.වහල සෙවිලි කරලා තියෙන්නේ පොල් අතු වලින්.ගැමි ගෙදරක් වගේ.වටේටම මැටියෙන් කල බිත්තියකුත් තියනවා.උන බට වලින් ඇතුලත නගා සි‍ටුවලා. ඒකත් ඇතුලට වෙනම පෙනුමක් ඇති කරලා තිඅයන්වා.ටිකක් රස්නෙයි නම් ඔවුන්ට කියලා ෆැන් එකක් ලං කරගන්න පුලුවන්. ඇතුලත පිරිසිදුව පිලිවෙලකට ඔවුන් තබාගෙන ඉන්නවා

බඩජාරි මෙනු පත

bananapol4

මෙතනට එනවා නම් දේශීය විදියට ගමේ කෑම කන්න බලාගෙන එන එකයි හොඳ.පොලොන්නරුව කියන්නේ දේශීය සහල් නිපදවන පලාතක්.ඉතින් මෙහි තියෙන්නේ ඒ පොලොන්නරුවේ සාරවත් කුඹුරු වල බත්.ඒ වගේම මාලුව වර්ග ඔක්කොම වගේ මේ පලාතෙන් හොයාගන්න පුලුවන් ඒවා බහුලයි.මෙහි කෑම බුෆේ ක්‍රමයට ත් ගන්න පුලුවන්.මාලු පිනි සහිත ඇතිලි මැටියෙන් කල මේසයක තබා තියන අයුරත් ටිකක් වෙනස්.ඒ වගේම ඔවුන් අදාල මාලු පිනි වල නම් එතනින් බෝඩ් එකක් මගින් පෙන්නනවා.ඉතින් ගමේ රසට කැමති මාලු පිනිත් එක්ක කැම මේසයට එන්නේ කෙසෙල් කොලේක.ඉතින් රස ගැන තවත් කියන්න දෙයක් නෑ.මෙහි කෑම වලට එකතු කරන කුලුබඩු පවා ඉතා නැවුම් ඒවා.ඉතින් කෑම් වෙල ගෙදර හැදුවා වගේ.ඉතාම රසවත්.

bananapol2
මෙහි උදේ වරුවට පිට්‍ටු ඉඳි ආප්ප වගේ කෑමත් ගන්න පුලුවන්.සවසට කොත්තු ත් තියනවා. කොහොම උනත් මෙහි ඇවිත් බත් සහ මාලුව කෙසෙල් කොලේ කන එකයි හොඳම දේ.කැමති විදියට ඕනි ප්‍රමානයක් කන්න ගන්න පුලුවන්. ගනනුත් සාධාරනයි.දෙන්නෙක් කෑම ගන්නවා නම් 800කින් විතර හොඳර රසට බඩ පිරෙන්න කන්න පුලුවන්.

සේවාව

bananapol1

මෙතන සේවාවත් ඉතා හොඳ මට්ටමේ එකක්.කන බොන දේවල් ගැන මෙහි ඉන්න සේවකයන් හොඳින් ඇහුම්කම්දීල ඔබේ අවශ්‍යතාවක සපුරලා දේවි.ඒ වගේමයි මෙතන අයිතිකරුවනුත් හරි සුහදශීලි.වැඩකරන අය ඔබේ කටයුතු ඉකමනට කරලා දේවි .මෙතන එන අයට වයිෆයි පහසුකම පවා සපයලා තිඅයනවා.පොලොන්නරුව වගේ පැත්තක ගමේ රස කෑම අවන්හලක මේ දේවල් තිබෙන එකත් පුදුමයි

මග


මෙතනට එනවා නම් පොලොන්නරුව පොලිසිය ගාවින් තියන හංදියෙන් රෝහල පැත්තට එන්න ඕනි.එතනින් මීටර් 300ක් වගේ එනකොට පාරෙන් වම් අත පැත්තේ පෙනෙයි කෙසෙල් කොලේ අවන්හල.

ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 076 5412629.උදේ දවල් ‍රැ ප්‍රධාන ආහාර වරු තුනටා ඔවුන් ආහාර සපයනවා.ඔබත් පොලොන්නරුව පැත්තට සංචාරයක් ආවොත් නවතින්න හොඳ නවාතැන්පොලක් තමයි කෙසෙල් කොලේ අවන්හල.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *