කන්න බොන්න කලින් එන්න

Boardwalk Restaurant – Waters Edge දියවන්නාවේ සුන්දරත්වය විදිමින් රසවත් ආහාර වෙලක රස බලන්න බෝර්ඩ්වොල්ක්

banner

බෝඩ්වෝල්ක් අවන්හල කියන්නේ බත්තරමුල්ලේ පිහිටන සුපිරි පන්නයේ අවන්හලක්.බත්තරමුල්ල දියත උයන කිට්‍ටුව වෝටර්ස් එජ් හි තමයි මේ අවන්හල පිහිටන්නේ.හැන්දෑවකට දියවන්නා ඔයේ සුන්දරත්වය විදිමින් රසවත් ආහාර වෙලක් ගන්න මෙන්ම පුන්චියට බියර් වීදුරුවක් තොලගාන්න උනත් මේ අවන්හල කදිමයි.

වටපිටාව

board2

මේ අවන්හල මහල් දෙකකින් යුක්තයි.ඇතුලත වගේම එලිමහනේ හිතගෙනත් ආහාර ගන්න මෙතන්ට ආවොත් පුලුවනි.සැප පහසු ලීමේස සහ පු‍ටු අවන්හල ඇතුලත පිලිවෙලට අසුරලා තියනවා.අමුතු පන්නයට යකඩ කනු මත ‍රැදෙන වහල සුදු පාටින් අමුතු අලංකාරයක් අවන්හලට එක් කරනවා.අවන්හල ඇතුලත කදිමට පිරිසිදුව තියෙනවා.ඇතුලත කොටසේ බාර් එකකුත් ඇතුලත්.සවස් වරුවකට එලිමහනේ තනබිස්ස මත ඇති කොන්ක්‍රීට් පු‍ටු මතට වී ආහාර ගන්න පුලුවන් නම් ඒකත් හොඳයි.බීර් වීදුරුවක් තොලගාන ගමන් දියවන්නාවේ සුන්දරත්වය විඳින්න ඉහල මාලය කදිමයි.

බඩජාරි මෙනුපත

board3

මේ අවන්හලේ මෙනු එක ඉතා දිගු එකක් නම් නෙවෙයි.කොහොම උනත් අනෙක් අවන්හල් වගේ නැතුව මේ මෙනුපතේ තියන කෑම් සියල්ලක්ම පාහේ හැම විටම ලබා ගන්න හැකියාව පවතිනවා.මෙහි ප්‍රධාන වශයෙන්ම Seafood, Italian සහ American කියන කෑම විවිද රසයෙන් කන්න ගන්න පුලුවනි.
අනෙක් අවන්හල් වල වගේ සුප් වර්ග ඇපටයිසර් සැන්ඩ්විච් වගේ කෑම කන්න ගන්න මෙහි පුලුවනි.සැන්ඩ්විච් විදියට ක්ලබ් සැන්ඩ්විච් එක චිකන් බිත්තර තක්කාලි සහ ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක්ක මිල රුපියල් 600ක් වගේ වෙනවා.සැන්ඩ්විච් මෙනු එකේ චිකන් බර්ගර් චිකන් හොට් ඩෝග් වගේ කෑම්ත් තියනවා මේ හැම කෑමක්ම ඉතා අලංකාර අයුරින් පිරි නමනවා.දැක්කම කන්න හිතෙන විදියට ඒ පිරවුම අලංකාරයි.මේ සැන්ඩ්විච් අතර යහමින් බීෆ් කුට්ටි ඇති ස්ටීක් සැන්ඩ්විච් එකත් බඩ පුරවගන්න හොඳ තේරීමක්.මේ කැම වල විශේශයෙන් කියන්න තරම් රසයක් නෑ.ඒත් සියලු කෑම හොඳ මට්ටමේ තියනවා.

board4

මෙතන්ට ආවොත් නාසිගුරන්ග් ෆ්‍රයිඩ් රයිස් එලවලු සහ චිකන් රසට කන්න ගනත් පුලුවනි.ඒවායේ රසත් හොඳ මට්ටමේ පවතිනවා.ලැබෙන ප්‍රමානත් ඉතා විශාලයි.තවත් මෙහි මෙනු පතේ විශේශිත කෑම ලෙස ජපන් මෙනු එක කියන්න පුලුවනි.ඔබ මෙහි ඇවිත් රස බලන්න මේ ගොඩක් කැම රසවත්.

board1

ඉහත කෑම වලට අමතරව පැස්ටා විවිද නම් වලින් මෙහි ගන්න පුලුවන්.ඒවායේ මිල ගනන් 600-700ත් අතර වෙනව.සවස් වරුවේ අවට ජොගිං පාරක් දාලා ඇවිත් බොනවා නම් රසවත් නැවුම් පලතුරු බීම වර්ගත් මෙහි සපයනවා..දෙහි යුශ ,ස්ට්‍රෝබෙරි,අඹ පැපොල් දොඩම් වගේ පලතෘ යුශ මෙහි බොන්න ගන්න පුලුව්නෛ.මෙහි මිල 300-700 අතර පවතින්නේ.කොහොම උනත් මේ මිල ගනන් නම් ටිකක් වැඩියි කියන්න ඕනි.

board5

කෑම වලට අමතරව මෙහි අපි කලිනුත් කිව්ව වගේ බාර් එකකුත් පවත්වාගෙන යනවා.එහි දේශීය වගෙම විදෙස් මත්පැන් කුඩා ප්‍රමානයේ ඉඳන් බොන්න ගන්න පුලුවනි.කොහොම උනත් මේ බීම වලත් ගනන් නම් ටිකක් සැර පටයි.

සේවාව

මෙතන කෝකිවරුන් නම් ඉතා ඉක්මනින් කඩිමුඩියේ වැඩ කරන බවක් පේනවා.මෙහි ඇවිත් ඔබ හරි වේටර වරයෙක්ව ‍තෝරාගත්තොත් ඉතා ඉක්මනින් ඔබට අවශ්‍ය කරන කෑම ඉක්මනින් මේසයට ගෙන්වා ගන්න පුලුවන් වේවි.කොහොම උනත් මෙහි පෙලක් සේවක මහත්තුරුන්ගෙන් නම් ඉතා හොඳ සේවයක් ලැබෙන්නේ නෑ.ඉතින් සමස්ථයක් විදියට සේවව ගැන සතු‍ටු වෙන්න බෑ.

මග

මෙතනට කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් රාජගිරිය එහෙම පහු වෙලා බත්හරමුල්ල නගරයට කලින් දියත උයන අසල ඇතිපොල්දූව පාර දෙසට වමට යන්න ඌනි.ඒ පාරේ හමුවෙන දෙවෙනි හරස් පාරේ වමට ගියානම් මේ අවන්හල වෝටර්ස් එජ් පරිශ්‍රයේ දැකගන්න පුලුවනි.

මෙතන දුරකථන අංකය වෙන්නේ 011 7363863 011 2863863.ද්දෙනෙක් එක්ක ආහාර ගන්නවා නම් 2500ක් වගේ මුදලක් ප්‍රමානවත් වේවි.ඔබට මෙතනට ආවොත් කෑම අර්න් ගිහින් කන්නත් පුලුවනි.සති අන්තයේ සවස් වරුවක දියවන්නවේ සුන්දරත්වය නරඹමින් රසවත් ආහාර වේලක් ගන්න වගේම බීර වීදුරුවක් තොලගාන්නත් මේ Boardwalk Restaurant කදිම තැනක්.ඉතින් ඔබත් මේ පැත්තේ ආවොත් මෙහි ඇවිත් කෑම් වල රස බලන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *