කන්න බොන්න කලින් එන්න

අතේ ඇති මිලට නියම ඉන්දියානු කෑම කන්න Chana’s Restaurant – Wellawaththa

banner

අද අපි කියන්න යන්නේ වැල්ලවත්ත ප්‍රදේශ්යේ පිහිටි අවන්හලක් ගැන .මේ අවන්හල නමින් චානා’ස් අවන්හල.ඉන්දියානු ක්‍රමයට ආහාර සපයන අවන්හල් අතරේ මේ අවන්හලත් සුවිශේශී අවන්හලක් කියලා හඳුන්වන්න පුලුවනි.ඒ නියම ඉන්දියානු කෑම රාශියක් අඩු මිලකට කන්න ගන්න පුලුවන් තැනක් වෙන නිසා.මේ අවන්හල 2013 වසරේ තමයි ආරම්භ වෙන්නේ .පවුලක් විසින් කරගෙන යන අවන්හලක් විදියට මේ අවන්හල සලකන්න පුලුවනි.

වටපිටාව

chana5

මේ අවන්හල වැල්ලවත්තේ ඩබ්ලිව් ඒ සිල්වා මවතේ තමයි පිහිටන්නේ.කාර්‍ය බහුල පරිසරයක පිහිටන පුන්චි තැනක් තමයි මේ අවන්හල.මෙතනට එනව නම් පාකිං පහසුකම නම් බලාපොරොත්තු වෙන්න එපා.මේ අවන්හල ඉතා කුඩා ප්‍රමානයේ අවන්හලක්.ඇතුලත කුඩා ඉඩක ලී මේස පු‍ටු දමලා තියෙන්නේ.ටිකක් ඉඩ නම් ඇහිරිලා වගේ.එක වර 15කට වගේ ආහාර ගන්න මෙතන පුලුවනි.මෙතනට ඇවිත් අරන් ගිහින් කෑම කනවා නම් තමයි වඩා හොඳ.සවස් වරුවට මෙතනට ඇවිත් ආහාර ගන්න පිරිස වැඩියි නම් ඔවුන් එලි මහනෙත් පු‍ටු මේස සකස් කරලා දෙනවා..මෙතනට ඇවිත් නියම ඩිනර් අවුට් එකක උපරිම රසය ගන්න මේ ඇහිරුනු ඉඩ ඔබට ඉඩ දෙන එකක් නම් නෑ.කොහොම උනත් ඇතුලත ඉතා පිලිවෙනලට පිරිසිදුව ඔවුන් තබාගෙන ඉන්න බවක් පේනවා.

බඩජාරි මෙනුපත

chana0

ඔබ මෙහි ආවොත් සාම්ප්‍රදායික ෆ්‍රයිඩ් රයිස් කොත්තු වගේ කෑම කනවට වඩා උත්සහ කරනවා නම් ඉන්ද්යානු කෑම වර්ග කන එකයි හොඳම දේ.ඔබ මෙහි ඇවිත් රස බැලිය යුතුම කෑමක් විදියට කුල්‍ෆි නමින් මෙනු එකේ තියන රසවත් ඩෙසර්ට් එක හඳුන්වන්න පුලුවනි.පොඩි පොට් එකක් එන මේ කුල්‍ෆි එක ඉතාම රසවත් ආහාරයක්.එය අයිස් ක්‍රීම් එකක් වගේ උනත් අයිස් ක්‍රීම් වල රසයට වඩා වෙනස් රසයක් තියනවා.ඒ වගේමයි කුල්‍ෆි වලට අමතරව චොකලට් බිස්කට් පුඩිම,අන්නාසි සහ කැරට් හල්වා එක ඉතා රසවත්.ඔවුන් සතු වටලප්පන් එකත් නියම ගාන්ට රසවත්.පොඩ්ඩක්වත් පැනි රස අඩුත් නෑ වැඩිත් නැ කියලා කියන්න පුලුවනි.අපි කලින් කිව්ව කුල්‍ෆි එකක් 170ක් වගේ වෙනවා.මේ ඩෙසර්ට් බොහොමයක් 100-300 අතර මිල සීමාවේ තමයි පවතින්නේ.

chana4

ඔවුන් සවස 4න් පසුව චාට් නමින් ඔවුන්ගේ මෙනු පතේ වෙනම ඉඩක් වෙන් කරලා තියනවා.මුම්බායේ වීදි ආහාර ලෙසින් තමයි ඒ නම හැඳින්වෙන්නේ.ඔබ මෙහි ආවොත් රස බලන්න මේ මෙනු එකේ කෑමත් ඉතාම සුවුශේශී.ඒ අතර පැනි පූරි බෙල් පූරි,දහි පූරි වගේම ඔවුන් සතු විශේශ ආහාර මෙනු එකක් වෙන චානා චාට් උනත් රස අතින් කදිමයි.ඒවා 200-250 අත මිල ගනන් යටතේ කන්න කන්න පුලුවනි.

chana3
අඩු මිලකට රසවත්ව ඉන්දියානු රොටියක් කන්න පරාට එක්ක චිකන ටික්කා මසාලා එකත් ගැලපෙන ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.මේ ටික්කා මසාල එක චිකන් කෑලි 6කින් යුක්තයි.රසත් උපරිමයි කියන්න පුලුවනි.අපි ගොඩක් ඉන්දියානු කඩවල දකින නාන් වර්ග ‍රැසක් වගේම ටිකක් වෙනස් නම් වලින් යුතු නාන් වර්ගත් මෙතනට ආවොත් කන්න ගන්න පුලුව්නෛ.කොහොම උනත් මේ මෙනු වල තියන හෑම කෑමක්ම මෙහි නොතිබෙන්නත් පුලුවනි කියන්න ඕනි.

chana1

මෙහි තන්දූරි රස වට්ටෝරු බොහොමයක් ඉතාමත් රසවත්.ප්‍රධාන ආහාරයක් ලෙස මෙහි ඇවිත් රස බලන්න තවත් ජනප්‍රිය කෑමක් තමයි ඔවුන්ගේ තන්දූරි චිකන් බිරියානි එක.එය එක් අයෙකුට ඕනිවටත් වඩා ප්‍රමානවත් කියන්න පුලුවනි.රස අතින් ගත්තොත් සාම්ප්‍රදායි බිරියානියේ රස නම් නෙවෙයි එන්නේ.කොහොම උනත් ඒ වෙනස් රස ඇත්තෙන්ම වෙනසක්.හැමදාම එකම රසට බිරියානි රස බලන රසවතෙක්ට මේ වෙනස් විදියේ බිරියානිය ඇත්තටම වෙනසක් වේවි කියලා අපි හිතනවා.මේ බිරියානි එකට ලැබෙන පෝශන් එකත් ඇති තරම්,ඒ වගේම කියන්න ඕනි ලැබෙන චිකන් කෑල්ලත් ලොකුම ලොකුයි.මේ සියල්ලත් එක්ක ලැබෙන රයිතා එකට මුසු උනු චිකන් හොද්ද ඉතා රසවත් අත්දැකීමක් ඔබට එක් කරනු නො අනුමානයි කියන්න පුලුවනි.මේ අපි කිව්ව තන්දූරි චිකන් බිරියානි එකක් 580 ක් වෙනවා..

chanass

මේ බිරියානි එකට අමතරව මාලු සහ ඉස්සෝ රස බිරියානිත් ඔවුන් ලබා දෙනවා.ඔබ මෙහි ආවොත් තවත් බොහොමයක් ඉන්දියානු ක්‍රමයට රසවත් ආහාර කෑමට ගන්න පුලුවනි.

සේවාව

මෙතන සේවාව සමානය මට්ටමේ එකක් කිව්වොත් හරි.මෙහි ඉන්න අය ඔබට අවශ්‍ය දේ ඉක්මනින් මේසයට ගේන්නට වග බලා ගන්නවා.ඒ වගෙමයි ඔබ නොදන්න මෙනු එකේ කෑමක් ගෑන රස විස්තර කරලා කියන්නත් ඔවුන් සතුව හොඳ දැනුමක් තියනවා කියන්න පුලුවනි.ඔවුන් සතුව අගනුවර තුල ඩිලිවරි සේවාවකුත් පවත්වාගෙන යනවා.0113288788 නම්බරයට කතා කරලා ඔවුන්ගේ රසවත් ආහාර ඔබ ලඟටම ගෙන්නා ගන්නත් පුලුවනි.

මග


මෙතන්ට එනවා නම් ගාලු පාරේ වැල්ලවත්ත හඳියට ඇවිත් එතනින් වමට තියන ඩබ්ලිව් ඒ සිල්වා මාවතේ 200 ම් වගේ එන්න ඌනි.එහෙම එනකොට පාරෙන් දකුනු අත පැත්තේ මේ අවන්හල දැකගන්න පුලුවනි.

ඔබටත් අතේ ඇති මිලකට රසවත් ඉන්දියානු කෑම් වේලක රස බලන්න හිතුනොත් Chana’s Restaurant එක ඉතාම හොඳ තීරනයක් වේවි.දෙදෙනෙක්ට රසට බඩ පිරෙන්න 1500ක් හොඳටම ඇති වේවි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *