කන්න බොන්න කලින් එන්න

Dumbara Catering- Kalubowila සාක්කුවට පහසුවට රසට ගුනට කෑම වේලක් කන්න දුම්බර කේටරින්

banner

අපි අද කියන්න යන්නේ කලුබෝවිල නගරයේ පිහිටි හොඳ අවන්හලක් ගැන තොරතුරුයි.ගොඩ දෙනෙක් මේ පැත්තට එන්නේ කලුබෝවිල හොස්පිටල් එකට එන්න තමයි.කොහොම උනත් මේ අවට අවන්හල බොහොම ප්‍රමානයක් තියනවා.ඒ අතරින් හොඳ මට්ටමේ ආහාර පිරිනමන අවන්හලක් තමයි දුම්බර කේටරිං කියන්නේ.මේ අවන්හලට ආවොත් කටට රසට වගෙම සාක්කුවට බරක් නොදැනෙන්න රසවත් කැම වෙලක රස බලන්න ඔබටත් පුලුවනි.

වටපිටාව
dumbara
එලියේ පාකිං නම් නෑ.එලිය ගොඩක් කාරය බහුල වෙන තැන තමයි මේ හරිය.මේ අවන්හල කුඩා ප්‍රමානයේ එකක්.මහල් දෙකකින් යුක්ත අවන්හලේ නුල්පැහැ පසුබිමේ කහ පාටින් ද්ම්බර කේටරිං යන නාමය හොඳින් දර්ශනය කරලා තිබෙනවා.අවන්හල ඉහල මාලයේ තමයි මෙතනට ඇවිත් කනවා නම් කන්න වෙන්නේ .අවන්හල ඇතුලත තිර රෙදි වලින් ආවරනය කරලයි තියෙන්නේ.ටිකක් ඇතුලත අදුරුයි වගේ.ඇතුලත ෆැන් එකක් එහෙමත් සවි කරලයි තියෙන්නේ.ඇතුලත හොඳින් පිරිසිදුව ඔප්වුන් පවත්වාගෙන යනවා.ලීයෙන් හැදුව පු‍ටු වගෙම මේස ටයිල් ඇතිරුව පොලව මත හොඳින් සකස් කරලා තියනවා.

dumbara1

බඩජාරි මෙනු පත

මේ කෑම වල විශේශත්වයක් තමයි මේ කෑම් වලට කිසිම කෘතිම රසකාරකයක් එකත් කරන්නේ නෑ.ඒ බව ඔවුන්ගේ අවන්හල ඇත්ලේත් ලොකුවට දර්ශනය කරලා තියනවා.මෙහි කන්න පුලුවන් කෑම අතර රයිස් ඇන්ඩ් කරි සහ ෆ්‍රයිඩ් රයිස් කන්න ගන්න පුලුවනි.කෑම වල රසත් හොඳයි කියන්න පුලුවනි.රයිස් ඇන්ඩ් කරි කෑමට ගන්නවා නම් චිකන් ‍ෆිශ් සහ වෙජිටබල් විදියට කන්න ගන්න පුලුවනි.දවසින් දවසට මේ රයිස් ඇන්ඩ් කරි එකේ කරිස් වෙනස් වෙනවා.ඉතින් දිනපතා කන්න යන්න උනත් මේ අවන්හල හොඳ තැනක්ර.සවත් ෆ්‍රයිඩ් රයිස් එකකුත් මේ මොවුන්ගේ මෙනුවට ඇත්ලත්.මේ ෆ්‍රයිඩ් රයිස් එකටත් රස කාරක ඇතුල් වෙන්නේ නැති නිසා මේ රයිස් එක අපි නිතර අවන්හල් වල කන රයිස් එකට වඩා වෙනස් ඒ වගෙම ඉස්තරම්.මේ කෑම 120- 220 වගේ මිල සීමාවක්ල තමයි තියෙන්නේ.

dumabraa

මේ කැම වලට අමතරව ඔවුන් රසවත් පලතුරු යුශත් අලෙවි කරනවා.සවස් වරුවකට වගේ මෙහි ආවොත් ප්‍රනීත පලතුරු බීම වීදුරුවක රස බලන්නත් පුලුවනි.

සේවාව

මේ අවන්හලේ සියලු වැඩ කටයුත් අපිටයි කරගන්න වෙන්නේ.ස්වයං සේවා තමයි මෙහි තියෙන්නේ.කැම එක අරගෙන උඩ තට්‍ටුවට බෙදාගෙන ඇවිත් කාලා යන්න පුලුවනි.වතුර බොන්න කෝප්ප හොඳින් පිරිසිදු කරලා තියනවා.වැඩි කරදරයක් නෑ.

මග

මේ අවන්හල පිහිටන්නේ කලුබෝවිල රෝහලට ඇති බස් නැවතුම ඉදිරිපසට වෙන්නටයි.ඉතින් කවුරු හරි මේ පැත්තේ ආවොත් මේ අවන්හල හොයා ගන්න එක කිසි අපහසුවක් වෙන දෙයක් නෙවෙයි.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0716280470.දෙන්නෙක් ඇවිත් බඩපිරෙන්න කන්න රුපියල් 500ක් හොඳටම ඇති.ඔබ මේ අවට වැඩ කරන කෙනෙක් නම් දිනපතා ආහාර ගන්න හොඳ තැනක් විදියට මේ අවන්හල නම් කරන්න පුලුවනි.ඔයාලත් මේ පැත්තේ ආවොත් සාක්කුවටත් බරක් නොවී ගුනදායි ආහාර වේලක රස බලන්න Dumbara catering Kalubowila අවන්හලට ඇවිත් යන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *