කන්න බොන්න කලින් එන්න

Foodland Family Park – Warakapola කොලඹ ඉඳන් නුවර පැත්තට යනකොට වැදගත් විදියට කන්න ෆුඩ්ලන්ඩ් ෆැමිලි පාක්

banner

කොලඹ ඉඳන් නුවර පැත්තට යනකොට වැදගත් විදියට කන්න පුලුවන් තැනක් තමයි ෆුඩ්ලන්ඩ් කියන්නේ.ෆුඩ්ලන්ඩ් නමින් ඔවුන් අවන්හල් ජාලයක් පවත්වාගෙන යනවා. නුවර වයිට් හවුස් එක නුවර එලියේ මිලානෝ අවන්හල වගේම අඹේපුස්සේ ට්‍රාන්සිට් ලොජ් එක .අපි අද කියන්න යන්නේ ෆුඩ්ලන්ඩ් ෆැමිලි පාක් එක ගැන.ඔවුන් මෙතන අවන්හල ආරඹ කරලා තියෙන්නේ 2000 වසරේ.මෙතන ගොඩ දෙනෙක් දන්න කියන තැනක්.උදේ 6 ඉඳන් රාත්‍රී 10.30 11 වෙනකන් ඔවුන් ආහාර සපයනවා

වටපිටාව

foodland2

මේක පිහිටන්නේ වරකපොල නගරය ආසන්නයේ. මහල් දෙකකින් යුත් අවන්හලේ හොඳට පාකිං පහසුකම තියනවා. ඇතුලත වගේම එලිමහනේ ඉඳනුත් ආහාර ගන්න පුලුවන් පහසුකම තියනවා. පහල මාලය වගෙරම ඉහල මාලය පිරිසිදුව පවත්වාගෙන යන බවක් පේන්න තියනවා..ඉහල මාලය උදේ සහ දවල් වරුවට ගොඩාක් වෙලාවට නිදහස්.පාඩුවේ ආහාර වේලක් ගන්න කදිමයි.

බඩජාරි මෙනුපත

foodland3

මෙතන ටිකක් ලොකු මෙනු එකක් දකින්න පුලුවන්.උදේට දවල්ට සහ රෑ කෑමට විවිද වර්ගයේ කැම ගන්න පුලුවන්. බර්ගර්, සී ෆුඩ් රයිස් වගේ ආහාර වගේම සැන්විච් වර්ගත් කන්න ගන්න පුලුවන් මෙතනට ආවොත්.සවසට කොත්තුත් තියනවා. ඒවගේම ශෝට් ඊට් එකතුවකුත් .ඒ වගේම උදේට සහ දවල්ට බුෆේ විදියට කැම ගන්න පහසුකමුත් සලසල තියනවා.ඒ සඳහා සුප් සැලඩ් වගේම හොඳ ඩෙසර්ට් එකතුවකුත් ඇතුලත්.උදේ 6 ඉඳන් 10.30 වෙනකන් බ්‍රේක්ෆස්ට් බුෆේ එකත් දවල් 12 ඉඳන් 3.30 වෙනකන් ලන්ච් බුෆේ එකත් ගන්න පුලුවන්.

මෙතන නූඩ්ල්ස් වගේ ගන්නවා නම් 300ක් වගේ වෙනවා රයිස් වර්ග 300-500ත් අතර මිල ගනන් වලට කන්න ගන්න පුලුවන්.සුප් වර්ගත් 300 මිල සීමාවේ තමයි තියෙන්නේ.දකුනු ඉන්දියන් විදියට හදපු විනාකිරි මුසුවෙච්ච ගැඹුරු තෙලේ බැදපු චිකන් 65 එක වෙනස් රසක් හොයනවා නම් හොඳයි.ඒකක් 250ක් වගේ වෙනවා.රයිස් ඇන්ඩ් කරි කනවා නම් 250ට අඩුවෙන කන්න පුලුවන්.සම්බා හෝ බාස්මතී විදියට ඒවා ඕඩර් කරන්න හැකියාව තියනවා.ඒ වගේම බර්ගර් සැන්ඩ්විච් සබ්මැරීන් වර්ග 300-350 අතර මිල සීමාවේ පවතින්නේ.

foodland1

ඔබ උත්සහ කරනවා නම් තන්දූරි චිකන් එක ඉතා රසවත්.පෙනුමටත් නියමයි.හොඳින් කටට කෙල උනන විදියට සකස් කරලා.ඒ වගෙම සබ්මැරින් එකත් මරු.නාන් එකත් එක්ක බීෆ් කරි එකත් උත්සහ කරන්න.නියම රසයි.කැම බීම වල ගනන් නම් පොඩ්ඩක් විතර වැඩියි.ඒත් ගෙවන මිලට ඇති වෙන්න ලැබෙනවා.ඒ වගේම රසත් අවුලක් නෑ.

සේවාව

මෙතන සේවකයන්ගෙන් හොඳ සේවාවක් ඔබට හම්බවෙනවා. ඉල්ලන කෑම වේල මේසයට එන්න ලොකු වේලාවක් නම් යන්නේ නෑ.කාඩ් මගින් ගෙවීමේ පහසුකමත් මෙතන තියනවා.කැම ඕනි නම් අරන් යන්නත් පුලුවන්.සේවාව හොඳයි. අවුලක් කියන්න දෙයක් නෑ.

මග

කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් වරකාපොල නගරයේ බස් නැවතුමට මීටර් 500ක් වගේ මෙහායි පාරේ දකුනු අත පැත්තෙයි මෙය පිහිටන්නේ.නගරය පටන් ගන්න කලින්.

නුවර පැත්තට දුර ගමනක් යන ගමන් හරි , කොලඹ පැත්තට එනවා නම් හරි බඩගින්නක් හැදුනොත් ඇවිත් හොඳට කාලා යන්න එන්න හොඳ තෑනත් තමයි ෆූඩ්ලන්ඩ් ෆැමිලි පාක් අවන්හල.මෙතන මග ඇරුනොත් ඔවුන්ගේ අඹේපුස්සේ අවන්හලත් විවුර්තයි.කෑම රස ඒතරම් වෙනසක් නෑ.ඇවිත් රස බලන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *