කන්න බොන්න කලින් එන්න

Gamagedara Village Food – Sigiriya මිරිස් ගලේ අඹරපු පොල් සම්බෝලෙත් එක්ක ගමේ රහට කන්න එන්න ගමගෙදරට

banner

ලංකාවේ ගොඩ දෙනෙක් සංචාරය කරන්න ගොඩක්ම කැමති තැනක් තමයි සීගිරිය කියන්නේ.අපි අද කියන්න යන්නේ සීගිරිය නරඹන්න ආවොත් රසට ගුනට ගෙදර වගේ කන්න පුලුවන් තැනක් ගැන තොරතුරුයි.මේ අවන්හල නමින් ගමගෙදර විලේජ් ෆුඩ්ස්.නමේ හැටියටම ගම ගෙදරක රසටම මේ අවන්හලට ආවොත් කැම කන්න පුලුවන් තැනක් තමයි මේ අවන්හල.

වටපිටාව

gamagedara0

මේ අවන්හල පිහිටන්නේ සීගිරියට යන පාරේ පොඩ්ඩක් විතර ඇතුලට වෙන්නයි.අවන්හල ට පාකිං කියලා වෙනම නැති උනත් ඔබ මෙතන්ට වාහනයකින් එනවා නම් අවන්හල ඉදිරිපස ඇති තරම් වාහනයක් නවත්වන්න ඉඩ පහසුකම තියනවා.මේ අවන්හල ඇත්ලත ගැන කිව්වොත් අවන්හල මැටියෙන් හදලා තියෙන්නේ.බිමත් මැටියෙන් හදලා වහලට පොල් අත් සෙවිලි කරලා තියනවා.මෙහි ඇවිත් ආහාර ගන්න වැඩිය උස නැති දිගට තියන මේස සකස් කරලයි තියෙන්නේ.වාඩි වෙන්න පුලුවක් ගන්නත් පුලුවන්.නැත්නම් අවන්හලේ මැටි බිත්තියකට හේත්තු වෙලා මැටියෙන් හදාපු වාඩි වෙන බංකුවක වාඩි වෙන බංකුවක වාඩි වෙන්නත් පුලුවනි.පුලුවෙන් වාඩි වෙනවට වඩා ඒ විදිය හොඳයි.අවන්හලේ කුස්සියත් මේ අවන්හලට ඈදලාමයි තියෙන්නේ.මෙහි උයන පිහන විදියත් ඕනි නම් පොඩ්ඩක් බෙල්ල දැම්මොත් බලාකියාගන්න පුලුව්නෛ.සීගිරිය පැත්ත ටිකක් විතර රස්නේ පලාතක් නිසා මේ විදියට මේ අවන්හල හදලා තියන එකෙන් ටිකක් ඒ කාශ්ඨක ගතිය මග හැරෙනවා කියන්න පුලුවනි.

මෙනුපත

gamagedara1

මෙතනට අවොත් ඔබ රස බැලිය යුතුම කැම වට්ටෝරුව තමයි ඔවුන්ගේ ප්‍රධාන මෙනු එක.ඔබට බුෆේ විදියට බෙදගෙන එන්න වගෙම ඔබේ ටේබල් එකට කෙලින්ම ඔවුන් ලවා ගෙන්වා ගන්නත් පුලුවනි.රත් හෝ සුදු හාල් එක්ක ගමේ විදියට හදාපු මාලු පිනි අටක් එක්ක කැම බෙදා ගන්න පුලුවනි.ඒ මාලු පිනි අතර අඹ මාලුවක්,බන්ඩක් මාලුවක්,අලු කෙසෙල් මාලුවක් මාලු මිරිස් ,පොල් සම්බෝල වගේ කෑම දෙක තුනක් නම් අනිවාර්‍යයි කියන්න පුලුවනි.ඒත් එක්කම පපඩමකුත් එක්ක ලුනු සහ දෙහි රසට බඩ පිරෙන්න කන්න පුලුවන් තැනක් තමයි මේ ගමගෙදර කියන්නේ.

gamagedara4

මෙ අවන්හලේ ඔබට මේසයට කෑම ගෙන්වා ගන්නවා නම් මේ මාලුපිනි ඔබට ලැබෙන්නේ මැටි හට්ටි වල.ඔබටම බත් සහ මාලු පිනි ඒ මැටි හට්ටි වලින් බෙදා ගන්න පුලුවනි.ඒ වගෙම කන්න තියෙන්නේ මැටි පිඟාන උඩින් දාපු නෙලුම් කොලේක.නෙලුම් කොලේ බත් එක කනකොට වඩාත් රසවත්.මේ බත් පතේ කියන්න කිසිම වරදක් නෑ.මේ කැම වෙලක් එක්කෙනෙක්ට 750ක වගේ මිලක් වෙනවා.ටිකක් විතර වැඩියි වගේ උනත් කෑම රසයත් එක්ක බලද්දි නම් ඒ තරම් අවුලක් නැ.මේ මෙනු එකට ඔබට පතුරු ප්ලැටර් එකකුත් කන්න ලැබෙනවා.

gamagedara3

මීට අමතරව පොල් රොටී නූඩ්ල්ස් කොත්තු වගේ කැමත් මෙනු එකේ ඇත්ලත්.ඒ වගෙම පලතුරු බීම අන්නාසි අඹ කෙසෙල් වගේ රසයෙන් බොන්න ගන්නත් පුලුවනි.මෙතන තියන ජනප්‍රිය කම නිසාද මන්දා මෙතන ඔවුන් ප්ලේන්ටියක් දෙන්නේ 50ක මිලකට.සමස්තයක් විදියට ගත්තොත් කෑම වල මිල නම් ටිකක් සැරයි ගමගෙදරක් උනත්.

සේවාව

gamagedara6

මෙතන පවත්වාගෙන යන්නේ මැදි වියේ පවුලක් විසිනුයි.ඔයන වැඩේ ඉඳන් මෙහි යන එන අයට සේවය සලසන්නෙත් ඔවුන් එකතු වෙලායි.සිනා මුසු මුහුනින් වැඩ කරන මේ මැදි වියේ දෙදෙනා මෙහි යන එන අයට ඉතා ඉක්මන් සේවයක් සලසනවා.ඔබට ඕනි කෑම එක මේසයට එන්න විනාඩි පහක් වගේ කාලයක් ඇති තරම් ඔවුන්ට.

මග

මෙතනට එනව නම් මෙතන්ට ඉනාමලුව හංදියෙන් සීගිරිය පැත්තට කිලෝමීටර් 8ක් විතර එන්න ඕනි.ඔය පාරේ කිලෝමීටර් අටක් විතර ඇවිත් කයන්වල වැවට යන පාරට හැරුනු තැනම මීටර් 50ක වගේ දුරකින් තමයි මේ අවන්හල පිහිටන්නේ.මේ කයන්වල වැවට හැරෙන පාරට කලින් තල්කොට්ට පාර හම්බවෙනවා..ඒ පාරට හැරෙන්නේ නැතුව ඊට පස්සේ තියන කයන්වල වැවට යන පාරේන් දකුනු අත පැත්තට තියන පාර දිගේ මීටර් පනහක් වගේ ආවනම් මේ තැන හොයා ගන්න පුලුවනි.මෙතන ඉඳන් සීගිරියට තියෙන්නේ කිලෝමීටරයක් විතර දුරක්

උදේ ඉඳන් රාත්‍රී 10 විතර වෙනකන් මේ අවන්හල විවුර්ථයි.076 522 6657 තමයි මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ.ඔබත් සීගිරිය නරඹන්න ආපු ගමනේ කටට රසට ගමේ විදියට රසවත් කෑම වේලක් කන්න හිතුනොත් Gamagedara Village Food එකට එන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *