කන්න බොන්න කලින් එන්න

Gami Gedara Restaurant – Nugegoda කලබල නුගේගොඩ නගරයේ නිදහසේ කෑම වේලක් කන්න එන්න ගැමි ගෙදරට

banner

නුගේගොඩ නගරයේ අලුතෙන්ම ආරම්භ කල අවන්හලක් ගැනතමයි අද අපි කියන්න යන්නේ.මේ අවන්හල නමින් ගැමි ගෙදර.ගැමි ගෙදර කියලා නමින් තිබුනත් ගමේ රසට වගෙම නාසි බිරියානි ෆ්‍රයිඩ් රයිස් වගේ කෑමත් මේ අවන්හලට ආවොත් රස බලන්න පුලුවනි.

වටපිටාව

gamigedara4

අවන්හල පිහිටන්නේ නුගේගොඩ නගර මැදට වන්නට පලමු මහලක.ඉතින් පාකිං පහසුකම නම් නෑ.මේ අවන්හලේ ඇතුලත ඉතා චාම් උනත් ලස්සනට සකස් කරලා තියනවා.ඉඳගන්න තියන මේස පු‍ටු හරියටම ඉස්කොලේ පන්ති කාමරේ තිබුනු ලී ඩෙස් සහ බංකු වගෙමයි.ඒවා කොල පාටින් පාට ගාලයි තියෙන්නේ.අවන්හලේ ඇත්ලත අලංකාරවත් විදියට එල්ලෙන විදුලි පහන් දල්වලා. ෆැන් වැඩ කරනවා හැම ටේබල් එකක් ගාම.මෙහි ආහාර තබා තියෙන තැනත් කුඩා වහලයක් මත පොල් අත් සෙවිලි කරලා නියම ගැමි ගෙදරක ස්වරූපය අවන්හලටත් ලබා දෙන්න උත්සහ කරලා තියෙනවා.අවන්හල ඇතුලත ඉතාම පිරිසිදුවට තියෙනවා.තාම පටන් ගත් අලුත නිසා වැඩි තදබදයකුත් නැ.

මෙනුපත

gamigedara2

මේ අවන්හලේ නම ගැමි ගෙදර උනත් ඔවුන් අපි කලිනුත් කිව්වා වගේ දේශීය පන්නයේ රයිස් ඇන්ඩ් කරි එකට අමතරව ෆ්‍රයිඩ් රයිස් නාසි සහ බිරියානි පිරිනමනවා.රයිස් ඇන්ඩ් කරී කනවා නම් දිනපතා මේ මෙනු එක වෙනස් වෙනවා.රතු කැකුලු හරි සුදු කැකුලු බත් එක්ක ගමේ රසට හදලා මුට්ටිවල එකතු කල මාලු පිනි වර්ග 6-8ක් වගේ කන්න ගන්න පුලුවනි.ඔබ කැමති විදියට ඒ කැමති මාලුවක් එක්ක චිකන් මාලු වගේම ඌරු මස් පවා කන්න ගන්න පුලුවනි.මේ කෑම එකක මිල රුපියල් 180ක් වෙනවා.කැම එකේ රසත් හොඳයි.

gamigedara1

බිරියානි නාසිගුරන් සහ ෆ්‍රයිඩ් රයිස් කන්න ගන්නවා නම් ඒකක් 350ක් වගේ මිලක් වෙනවා.ඒවත් වරදක් කියන්න බෑ.රසවත් මට්ටමේ තියෙනවා.ඒ වගෙම මේ බත් පතට හම්බවෙන චිකන් කුට්ටියත් ටිකක් ලොකුයි.ඒවගෙම පිඟානට ලැබෙන ප්‍රමානත් ලොකුයි.ඉතින් මේ ගෙවන මිලට සාධාරනයි කියන්න පුලුවනි.

gamigedara6

සේවාව
මෙහි සේවයට තුන් දෙනෙක් ඉන්නවා.ඔවුන් නම් මේ වැඩේට ටිකක් ආදුනිකයි වගේ.වැඩි කලබලයක් නැති තැනක් නිසා ඔබට ඔවුන්ට කියලා කැමති විදියට ආහාර ඇනවුම් කරවා ගන්න පුලුව්නෛ.ඔවුන් ඔවුන්ගේ පාඩුවේ වැඩේ කරනවා.සේවාව ගැන ඒ තරම් ලොකුවට කියන්න දෙයක් නෑ.කොහොම උනත් පැමින්ලි සහ යෝජනා වලට 0772014486 දුරකතන අංකයක් වෙන කරලා තියනවා.

gamigedara3

මග

මේ අවන්හල තියන තැන නම් හොයාගන්න එක අපහසු වැඩක් නෙවෙයි.නුගේගොඩ බෝගහ ගාව මංසංදියේ ඉඳන් මීටර් පනහක් විතර කොලඹ පැත්තට යනකොටම තියන පියදාස හේවාවිතාරන ගොඩනැගිල්ලේ පලමු මහලේ තමයි මේ අවන්හල පිහිටන්නේ.ලොකුවට සවි කල ගැමි ගෙදර බෝඩ් එකෙන් පහසුවෙන්ම මේ අවන්හල දැකගන්න පුලුවනිල්.

මේ අවන්හලේ දුරකතන අංකය වෙන්නේ 0112821377.ඔබට කෑම් පාර්සල් විදියට ලොකු ඇනවුමක් උනත් ඔවුන් භාරගන්නවා.ඒ ගැන ඔය අංකයට කතා කරලා තොරතුරු කතාකරගන්න පුලුවනි.ඔබත් නුගේගොඩ නගරයට ඇවිත් පාඩුවේ වැඩි කලබලයක් නැත්ව රසවත් ආහාර වේලක් ගන්න Gami Gedara Restaurant Nugegoda අවන්හලටත් ගොඩ වෙලා යන්න.එහෙම ඇවිත් මේ කෑම වල රස ගුන අපිටත් ලියලා එවන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *