කන්න බොන්න කලින් එන්න

Green Chili Restaurant – Kilinochchi කිලිනොච්චියේ අමු මිරිස් අවන්හලට ගොඩවෙමු

banner

අපි අද කියන්නේ කොලඹින් ගොඩක් දුර පිහිටි අවන්හලක් ගැන තොරතුරු.මේ අවන්හල නමින් ග්‍රීන් චිලී.සින්හලෙන් අමුමිරිස් කියන තේරුමෙන් කිලිනොච්චියේ පිහිටි අවන්හලක් තමයි මේ ග්‍රීන් චිලී අවන්හල.විවිද වර්ගයේ කෑම බීම කන්න ගන්න තියන රසවත් නවාතැනක් තමයි මේ අවන්හල.ඔබ දිගු ගමනක් යන ගමන් දේශීය වගේම ඉන්දියානු චීන ආහාර වර්ග කන්න ගන්න තියන අවන්හලක් තමයි මේ අවන්හල.

වටපිටාව

greenchilli

මේ අවන්හල පිහිටන්නේ කිලිනොච්චියේ දුම්රියට යන පාරේ.පාර අයිනේම පිහිටි අවන්හලක් තමයි මේක.ඉතින් වාහනයක් පාක් කරගන්න වෙන්නේ පාර අයිනේ තැනක තමයි.අවන්හල ඇතුලට ඇවිත් බැලුවොත් මේ අවන්හල පුන්චි පහේ තැනක්.ඇත්ලත ලා කොල පාටින් බිත්ති පාට කරලා. ඒ නම් නමේ හැටියට මිරිස් වල පාට ලගින් යන්න වෙන්න ඕනි.මේ අවන්හල ඇතුලත යම් මට්ටමකට පිරිසිදුව තියනවා කියන්න පුලුවනි.ඇතුලත ටීවී එකක් බිත්ටිහ්යේ සවි කරලා තියනවා.ඇත්ලත ඒ සී කරලයි තියෙන්නේ.ඒත් ඒ සී එක නම් ඒ තරම් සැරට වදින්නේ නෑ.එක පාරකට 30-40කට වගේ කෑම කන්න ගන්න පුලුවනි මෙතනට අවොත්.එක වර 4ක් හෝ ඊට වැඩි ගානකට එකට කෑම කන්න පුලුවන් විදියට මේස පු‍ටු සකස් කරලා තියනවා.මෙහි වැඩ කරන අයත් මිරිස් කරලක පාටින් වෙනම ඇඳුම් ඇඳගෙනයි ඉන්නේ.

බඩජාරි මෙනුපත

greenchilli3

මේ අවන්හල චීන ඉන්දියානු සහ ලාංකීය ආහාර වර්ග කෑමට ගන්න පුලුවන් තැනක්.මෙනු එකත් තරමක් ලොකු මෙනු එකක්.මේ මෙනු එකේ තියන හැම ආහාර වර්ගයක්ම ඔවුන් සත්ද කියන්න නම් අපි දන්නේ නෑ.කොහොම උනත් අගනුවර නමගිය අවන්හලකට නොදෙවෙනි වෙන්න මේ පුන්චි අවන්හලේ ලොකු මෙනු එකක් තියනවා.උදෑසනකට මෙහි ආවොත් ඉඳි ආප්ප පිට්‍ටු ‍තෝසේ වගේ කෑමක් කන්න ගන්න පුලුව්නෛ.ඔබ මෙහි උදේට එනවා නම් මෙහි ඇති ‍තෝසේ වර්ගයක් කන එක හොඳයි.මොකද මේ ආහාර මේ පැතිවල රසට හැදෙනවා.ඒ වගෙම ඒ රස අපි අගනුවර අවන්හල් වල රසයට වඩා වෙනස්.

greenchilli2

දවල් වරුවකට මෙහි එනවා නම් රයිස් ඇන්ඩ් කරි විවිද ක්‍රමයට කන්න ගන්න පුලුවනි.මාලු මස් බිත්තර ඔම්ලට් ෆීෆ් ඉස්සෝ කකුලුවෝ පවා කෑමට ගන්න පුලුවනි.ඒ කෑම 140 – 220 අතර මිල සීමාවේ තමයි තියෙන්නේ.මේ කෑම වේල ගැන විශේශයෙන් කියන්න ඕනි.මේ හාල ඉතාරසවත් එකක්.ඒ වගේමයි මේ කැමත් එක්ක පිඟාන්ට එන මාලු පිනි වර්ග වල රසය ටිකක් වෙනස්.ඒ මේ ප්‍රදේශයට ආවේනික ක්‍රමයකට කෑම හදන නිසා වෙන්න ඕනි.ඔබට ඕනි කැම එකත් එක්ක අමතර හොදි ත් ලැබෙනවා.කැමති නම් ගන්න පුලුවනි.ලැබෙන බත් ප්‍රමානය අඩුත් නැති වැඩිත් නැති වෙන මට්ටමේ කියන්න පුලුවනි.මදියි වගේ නම් වැඩිපුර ඉල්ල ගන්නත් පුලුවනි.

greenchilli1

මීට අමතරව ඔබ දවල් වරුවට මෙහි ආවොත් බිරියානි ෆ්‍රයිඩ් රයිස් නාසි ගුරන් වගේ කෑමත් කන්න ගන්න පුලුවනි.විශේශයෙන්ම කියන්න ඕනි මේ බිර්යානි එක ඉතාමත් රසවත් .බඩ පැලෙන්න කන්න පුලුවන් මට්ටමේ බිරියානි එකක් කිව්වොත් හරි.ඒත් එක්ක ලැබෙන මස් කුට්ටියත් ලොකුයි.පිඟානට පිලිගන්වලා තියන විදියත් දකිනකොට ඉක්මනට කාගෙන යන්න පුලුවනි.නාසිය වගේම ෆ්‍රයිඩ් රයිස් එකත් ඒ තරම්ම විශේශයක් කියන්න බෑ.ඒත් රසවත් මට්ටමේ තියනවා.මෙහි ෆ්‍රයිඩ් රයිස් ලොකු කුඩා කියලා පෝශන් දෙකකට ගන්න පුලුව්නෛ.ෆ්‍රයිඩ් රයිස් සී ෆුඩ් මික්ස් විදියට කකුලුවොත් එක්ක.ඉස්සෝත් එක්ක චිකන් ,‍ෆිශ් වගේ විවිද විදිඅය්ට කන්න ගන්න පුලුව්නෛ.එහි මිල ගනන් 200-600 අතර මිල සීමාවේ පවතින්නේ .

මෙහි සවස 6 ඉදන් රාත්‍රී වෙනතුරු පරාට සහ කොත්තු කන්න ගන්න පුලුවනි.විවිද රසයෙන් යුක්තව කැමති විදියකට කොත්තු කන්න ගන්න පහසුව මේ අවන්හල සපයනවා.ඒ වගේම නූඩ්ලෙස් වගේ කෑමත් රාත්‍රියට මෙහි ආවොත් කන්න ගන්න් අපුලුවනි.ඩෙසර්ට් එකට අයිස් ක්‍රීම් වටලප්පන් ෆෘට් සැලඩ් පුඩිං වර්ගත් මෙනු පතේ නම් සඳහන් වෙනවා.ඒත් මේ හැම කැමක්ම නම් මෙහි නෑ.කොහොම උනත් ගොඩක් වෙලාවට අයිස් ක්‍රීම් හරි පලතුරු සලාදයක් හරි කන්න ගන්න පුලුවනි.සමස්තයක් විදියට ඔබ ගෙවන මිලට වඩාත් සාදාරනව රසවත් කෑම වේලක් කන්න පහසුව මේ ග්‍රීන් චිල්ලී අවන්හල සපයනවා.

සේවාව

මෙතන සේවාව හොඳ මට්ටමේ තියනවා.ඉක්මනට කන්න බොන්න ඕනි ඒවා මේසයට ගෙනත් දෙන්න පුලුවන් ක්‍රියාශීලී කාර්‍ය මංඩලයක් මෙහි සේවය කරනවා.ඔබට මෙහි මෙනු එක දැකලා කන්න දෙයක් හිතාගන්න බැරුව ඉන්නවා නම් ඔබේ කැමැත්ත අනුව ඔබට හොඳ විදියට මෙහි ඇති කෑම ඔවුන් යෝජනා කරාවි.

මග

අපි කලිනුත් කිව්වා වගේ මෙතනට එන්න ඕනි කිලිනොච්චිය රේල්වේ ස්ටේශන් පාර දිගෙයි.ඒ පාර පිහිටන්නේ කිලිනොච්චි නගරයේ ඉඳන් යාපනය පැත්තට යනකොට කිලිනොච්චි පොලිසියට මෙහායින් පාරෙන් වම් අත පැත්තට පාරේ.ඒ පාරේ පෙනෙන දුරින් තමයි මේ අවන්හල පිහිටන්නේ.

මෙහි දුරකථන අංකය වෙන්නේ 0775642121.ඔබ ටිකක් වැඩි පිරිසක් එක්ක මෙතනට යනවා නම් කලින්ම ඇමතුමක් දෙන එක කෝකටත් හොදයි.ඒවගේම ඔය නම්බරේට කතා කරලමේ අවට ඉන්නවා නම් ඩිලිවරි කරගන්නත් පුලුවනි.මේ අවන්හල් වල තත්වය සුපිරි මට්ටැමේ නැති උනත් Green Chili Restaurant අවන්හල හොඳ මට්ටමේ පවත්වාගෙන යනවා.දශක ගනනක් යුද්ධය නිසා පීඩාවෙලා තිබුන පරිසරයෙන් මිදිලා හොඳ තත්වයේ අවන්හලක් විදියට වර්දනය වෙන අවන්හලක් විදියට අපිට මේ අවන්හල නම් කරන්න පුලුවනි.ඉතින් ඔබත් යාපනය පැත්තේ දිගු ට්‍රිප් එකක් යන අතරේ මේ අවන්හලටත් ගොඩ වදින්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *