කන්න බොන්න කලින් එන්න

Hotel De Buhari – Maradana ( බුහාරි හෝටලය )

banner

මීට අවුරුදු දහයකට වගේ කලින් ඔබ කොලඹ ඇවිත් ඇහුවා නම් අග නුවර හොඳම බුරියානි කඩේ කොහිද කියා වචන දෙකක් නැහැ ඔබට ලැබෙයි පිලිතුරු ඒ බුහාරි හෝටලය. ඔවුන් කාලයක් තිස්සේ රසම රස බුරියානි වලට ප්‍රසිද්ධ අවන්හලක් උනා. සම්ප්‍රදායික බුරියානි කඩ අතර බුහාරි පෙරමුනේ.. නමුත් කාලය සමග ඒ රසයන් තත්වයන් තවමත් පවතිනවද යන්න ගැටලුවක්. අවන්හලේ මුල් අයිතිකරු මුස්ලිම් ජාතිකයෙක්. නමුත් මෙහි පාලනය දැන් වෙනස් වෙලා. කොහොම උනත් බඩජාරි අපේ කන්ඩායම බුරියානි පෙරේතකමක් හදාගෙනම ඇතුල් උනා බුහාරි අවන් හලට

වටපිටාව

buhari

අවන්හලේ පහත මාලය නම් ටිකක් බැලුවමටම කලබලකාරී. ගෝශාවක් වගේ.මෙය මහල් දෙකකින් යුක්ත අවන්හලක්. උඩ මහල හොඳින් පවතිනවා. උඩු මහල AC කරලයි තියෙන්නේ.. ඒ වගේම කුඩා උත්සව ශාලාවක මෙන් පු‍ටු සරසා තියනවා. ඒවා තරමක් සුව පහසුයි. ඔබ මෙහි හවස් කාලයේ පැමිනියත් මිනිසුන් ගෙන් නම් අඩුවක් වෙන් නෑ. පිරිලා .නමුත් රසවත් බුරියානි එකකට මේ පරිසරය නරකම නෑ..

බඩජාරි මෙනුපත

buhari-biri

මුලින්ම අපි බුහාරි නම ප්‍රසිද්ද උනු චිකන් බුරියානියකට වග කිව්ව..ඒකක් තුන්සිය පනහක්.පෙනුමට ටිකක් වගේ කුඩායි.නමුත් බාගයක් වගකියනකොට නම් දැනුනේ මේ ප්‍රමානය ඇති වගේ. ඇත්තටම රසයි. බුරියානි එකක් සමග චිකන් හොදි දීසියක් ලූනු සම්බෝලයක් වගේම බිරියානියට විශෙශිත මිංචි සම්බෝලයකින් අප සප්පායම් උනා.. මේ සියලු දේ බිරියානි බතක් සමග හැපෙන විට ඇත්තටම හොන්ද රසක් දනවනවා..සුපිරිම මට්ටමට දමන්න්ට බැරි උනත් බුහාරි බුරියානිය තවමත් ඔවුන්ගේ මුල් නාමය යම් තාක් දුරකට රඳවා ගත හැකි බුරියානියක් ලබාදෙන්නට උත්සහ කරනවා.නමුත් අප දන්නවා මේ ඉස්සර කාලේ තිබුනු රසම රස බුරියානිය නම් නෙවෙයි වෙන්න ඕනා..

buahri

ඒවගේමයි මොවුන්ගේ මාසලා චිකන් එකක් 300යි.ඒකත් එක්ක එග් බිරියානියත් ගොඩ දෙනෙකුගේ නමගිය තේරීමක්. ඇත්තටම එහිත් රස හොඳයි. මෙහි හම්බෙන මැලේ අච්චාරුවට මගේ හිත හොඳින් ඇදී ගියා.. එහි රස සුපිරි මට්ටමේ.ඔබ ඇවිත් ට්‍රයි කරනවා නම් එලු මස් බුරියානිත් හඳුන්වල දෙනවා. එහි මිල රුපියල් 580ක්.ඒ වගේඅම චිකන් පලන්ඩිය කුඩා කොටසක් 310යි. ඇත්තෙන්ම තෙල් සමග ලූනු මිශ්‍ර හොන්ද්දක් දැව‍ටුනු පලන්ඩියේ හැඩය රස තවත් ඔබට අඩගසාවි.

buhari-faluda

ඩෙසර්ට් එකටත් ඔබේ බඩේ ඉඩක් තිබේ නම් ෆලුඩා එක රසවත් ඒ වගේම බුහාරියේ වටලප්පම් උනත් ඒ හැටි වරදක් නෑ..තව ත් මෙහි ක්ශනික කෑම වගේම ඉඳි ආප්ප උනත් තියනවා.. විශේශයෙන් මෙහි එනවා නම් අප ඔබට කියන්නේ මෙහි බුරියානියක් රස විඳින්න..

සේවාව

සේවාව විදියට කිව්වොත් ඒ තරම්ම ලොකු හොඳකුත් නෑ නරකකුත් නෑ..අප මේසයට ගිය සැනින් වේටර් වරයෙක් අපි ලඟට පැමිනියා.අපේ ඇනවුමට විනාඩි පහෙන් කැම වර්ග මේසයට ගෙනත් දුන්නා.ඔවුන් අත්තටම ඔබට උදව් කරාවි.ඊට එහා කිව යුක්තක් නෑ.

ගමන් මග


බුහාරි හෝටලය උදෑසන නමයේ පටන් රාත්‍රී දහය පමන වන තුරු විවුර්තයි.කොලඹ කැම කඩ සොයමින් නගරයේ වීදි පුරා සැරිසරන බඩජාරියෙක් නම් ඔබත් එක් වරක් හෝ බුහාරි හෝටලයෙන් බුරියානියක් කන්න. අංක එකට ම නැතත් එහි ඇත්තටම රසයක් තියනවා.ගිහින්ම බලන්න


Leave a Reply

Your email address will not be published. Required fields are marked *