කන්න බොන්න කලින් එන්න

Isso Restaurant – පිස්සෝ වඩේ වගේම එක එක රසට ඉස්සෝ කන්න එන්න ඉස්සෝ අවන්හලට

banner

කටට රසට වෙනස්ම විදියකට ඉස්සෝ කන්න පුලුවන් තැනක් කොලඹ නගරයේ තිබෙනවා.මේ අවන්හලේ නමත් ඉස්සෝ.ප්‍රධානතම කෑම මෙනු එක හැදෙන්නේ ඉස්සොන්ගෙන්.අනෙක් අවන්හල් වලට වඩා වෙනස් අත්දැකීමක් ගන්න එන්න කියාපු තැනක් තමයි මේ අවන්හල.ඉතින් අපි අද කියන්න යන්නෙ මේ අවන්හලේ විස්තර

වටපිටාව

isso2

මේ අවන්හල කුඩා ප්‍රමානයේ එකක්.පාකිං පහසුකම නම් මෙතන අවමයි.පාර දෙපස වාහනේ පාක් කරලා මෙතනට එන්න පුලුවනි.ඒත් එහෙම වාහනයක් නවත්තන්නත් පොඩි ගෙමක් දෙන්න වෙනවා.මේ අවන්හල පුන්චි පහේ එකක් උනත් ඒ ඉඩ කඩ හොඳට කලමානකරනය කරගෙන තියෙන බවක් පේනවා.ඇතුලත සහ පිටතින් අවන්හලේ වාඩි වෙලා රසවත් ඉස්සෝ කෑම වේලක රස බලන්න පුලුවනි.මේ අවන්හල ඇතුලත ලා කහ පාටින් ඉස්සෙක්ගේ ලාක්ශනික පාට එන්න ඇතුලත වර්න ගන්වලා තියනවා.ඩෙස් බංකු පවා කහ පාටින් පාට කරලායි තියෙන්නේ.පුලුවනි පැහැ කමිස ඇඳගත්තු තැඹිලි පාටින් ජටා බැඳපු කෝකිවරු මේ අවන්හලේ ඇත්ලේ හරි හරියට වැඩ.මේ උයන සීමාවත් ඔබට අවන්හල ඇතුලට ආවොත් දැකගන්න පුලුවනි.ඒ වගෙමයි මේ අවන්හල ඇතුලට ආපු ගමන්ම අපේ ඇහැ යන්නේ අවන්හල ඇතුලේ දර්ශනය කරලා තියන පිස්සෝ වඩේ කියන නාම පුවරුවට.ඒ වගෙම ඔවුන්ගේ මෙනුපත අවන්හල ඇතුලත පැහැදිලිව පෙන්නුම් කරලා තියනවා

මෙනුපත

isso3

මෙතන මෙනු එක ‍තෝරාගන්න වෙන්නේත් අමුතුම විදියකටයි.ඒක ආකාර හතකින් සිද්ද වෙන්නේ .මුලින්ම අපිට ඕනි සයිස් එක ලාර්ජ් ද එක්ස්ට්‍රා ලාජ් ද ඩබල් එක්ස් එල් ද කියලා හොයාගන්න වෙනවා.ඒ අපිට ලැබෙන ඉස්සගේ සයිස් එක තමයි.ඊට පස්සේ ඉස්සඕ කොහොම හදාපුවද කියන එක ‍තෝරන්න වෙනවා.ඒ මෙනු එක සල්සා,හෝම් මේඩ් ,ලෝකල් ෆේවරිට් රිච් ඇන්ඩ් රෙඩ්, සහ නදර්න් ට්විස්ට් කියලා කැමති විදියකට ‍තෝරගන්න පුලුවනි.ඔය අන්තිමට කිව්ව එකට යාපනේ විදියට හදාපු හොද්දකුත් එක්ක තමයි ඉස්සෝ හම්බවෙන්නේ.මේක නම් ඉස්තරම් රසයි වගෙම ටිකක් සැරයි.කාලා ඉවර වෙනකොට කඳුලුත් එනවා.

isso1
ඒ වගෙම රස මෙනු එකක් තමයි මේ මෙනු එකේ තියන හෝම් මේඩ් රෙසිපි එකත්.ගෙදර හැදුවා වගේ බය නැතුව කන්න ගන්න හොඳ තේරීමක් විදියට ඒ මෙනු එක කියන්න පුලුව්නෛ.ඊලඟ අදියර විදියට අපිට මේ මෙනු පතේ අපිට ඕනි කාබෝ හයිඩ්‍රේට් ටික එකතු කරගන්න පුලුව්නෛ.කාර්බ් කියලා තමයි ඒ පියවරට ඔවුන් නම් දාල තියෙන්නේ.මේ මෙනු එකේ කුස් කුස්, ස්ටිකී රයිස් ගාලික් රෝස් පාං සහ බතල ෆ්‍රයිස් කන්න ගන්න පුලුවනි.මේ අතරින් බතල ෆ්‍රයිස් පැනි රසයි කියලා හිත්නට පැනි රස නෑ.ඒත් ඒක අපි නිතර කන ෆ්‍රයිස් වලට වඩා වෙනස් රසයකින් යුක්තයි..මේ මෙනු එකේ තියන රෝස් පාං එකත් එක්ක අපි කලින් කිව්ව Nothern මෙනු එකත් රස ඉස්තරම් කියන්න ඕනි.හතරවෙනි පියවර විදියට අපිට මෙතනින් බීම ‍තෝරාගන්න පුලුව්නෛ.කඩේ චායි කියලා බීමක්,ස්පයිසි කොෆී සහ තැඹිලි බීම ඔබට මෙහි ‍තෝරාගන්න පුලුව්නෛ.කෝපි එක නම් ලොකු වෙන්සක් නෑ.රස සාමානයයි.ඉස්සෝ කාලා උශ්නෙටත් එක්ක තැඹිලි ගෙඩියක රස බලන එක තමයි හොඳම.තැඹිලි ගෙඩියක්ම ඔබට හම්බවෙනවා.ඒ හැම එකක්ම 200ක මිලක් වෙන්නේ.

දෙන්නෙක්ට මෙතනට ඇවිත් කන්න ගන්න මෙතන රුපියල් 2500ක් විතර යාවි.මේ එක එක මෙනු එකට ලැබෙන ප්‍රමාන සමස්ථයක් විදියට කිව්වොත් සාමානයයි.කොහොම උනත් මිල ගනන් නම් පොඩ්ඩක් විතර වැඩියි වගේ.

සේවාව

මේ අවන්හලේ සේවාව හොඳ මට්ටමක තිබෙනවා.ඔබ මෙහි පලමු වරට එනවා නම් මේ මෙනු සම්බන්දව මෙහි සේවකයන් හොඳින් කියලා දෙනවා.ඒ වගෙම ඔවුන් ඉතා කාර්‍යශීලී.ඉක්මනීන් ඔබට අවශය කෑම ලබා දෙන්න සැදී පැහැදී ඉන්නවා.මිත්‍රශීලී සේවාවක් ඔවුන් සත්යි කියන්න පුලුවනි.

මග

මෙතන හොයාගන්න එක නම් ටිකක් අපහසු වැඩක්.මේ අවන්හල පිහිටන්නේ කොලඹ පහ ජාවත්ත පාරේ .ඉස්සර අයිඩින්ටි කාඩ් ඔ‍ෆිස් එක තිබුන පාරේ.හයිලෙවල් එකේ කොලඹ පැත්තට එනවා නම් තිඹිරිගස්යාය හංදියෙන් දකුනට දාලා ඊට පස්සේ හම්බෙන පලමු තුන් මං හංදියෙන් ආයෙත් වමට ඇවිත් ජාවත්ත පාරට එන්න පුලුවනි.එහෙම නැත්නම් බෞද්ධාලෝක මාවතේ තුම්මුල්ල පැත්තට එනකොට රූපවාහිනී සංස්ථාව පහුවෙලා පාරෙන් වමට හැරුනමත් ජාවත්ත පාරට එන්න පුලුවනි.මේ පාරේ ඔබ බෞද්ධාලෝකමාවත පැත්තේ ඉඳන් එනවා නම් පාරෙන් දකුනට ඇති සුලෙයිමාන් පාඅරේ මීටර් 50ක් වගේ ආවනම් මේ අවන්හලපාරෙන්දකුනු අත පැත්තේ ඩහ්කින්න පුලුවනි.

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නේ 0117770300.ඔවුන් දහවල් 12 ඉඳන් සවස තුන වෙනතුරුත් ආයෙත් සවස 6 ඉඳන් රාත්‍රී එකොලහ පමන වනතුරුත් විවුර්ථයි.අපි ඉහත කිව්ව අංකෙට කතා කරලා ඔබට ඕනි නම් ඔවුන්ගේ මෙනු එකෙන් බලලා කැමති විදියට ඇනවුම් කරන්නත් පුලුවනි.ඔබත් වෙනස් විදියේ රසවත් අත්දැකීමක් ගන්න හොඳ තෙනක් විදියට මේ Isso Restaurant හඳුන්වලා දෙන්න පුලුවනි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *