කන්න බොන්න කලින් එන්න

Kingspark Restaurant – Nugegoda දවසේ පැය 24ම කන්න ගන්න කින්ග්ස්පාක් අවන්හල

banner

අද අපි කියන්න යන රස නවාතැන තමයි කින්ග්ස්පාක්.මේ අවන්හල පිහිටන්නේ නුගේගොඩ නගරයට ආසන්න වෙන්න.පිටත පෙනුම වගෙම ඇතුලතත් සාමාන්‍ය විදියේ හෝටලයක් උනත් මේ අවන්හලේ කෑම රසවත්.ඉතින් ඒ විස්තර ඔයාලත් එක්ක බෙදාගන්නයි අපි මේ අවන්හලට ගොඩ උනේ.

වටපිටාව

kingspark1

මේ අවන්හල පිහිටන්නේ හයිලෙවෙල් පාරේ .ඉතින් මෙතනට කියලා වෙනම වාහන පාක් කරගන්න නම් ඉඩක් නෑ.ඔබ මෙහි එනව නම් පාර අයිනෙන් වාහනේ නවත්ට්වන්න පහසුකම් තියනවා.අවන්හල ඇතුලත 15 කට වගේ එක වර ආහාර ගන්න පුලුවනි.මේස සහ පු‍ටු නම් එතරම් සැපවත් බවක් නම් නෑ.ඒ වගේමයි ඇතුලත එතරම් පිරිසිදු බවකුත් නෑ.ප්‍රධාන පාර අසල තියන හංදා ටිකක් විතර දූවිලිත් තියනවා.මෙතන වටපිටාවත් එක්ක බලනකොට නම් කින්ග්ස් පාක් කියන නම මේ අවන්හලට ගැලපෙනවද කියන එක ප්‍රශ්නයක්.

මෙනුපත

kingspark3

වටපිටාව එතරම් හොඳට නැති උනත් මෙහි කෑම පෙලක් මෙනු ඉතා රසවත් කියලා කියන්න ඕනි.අංක එකට රසවත් මෙනු එකක් විදියට ඔවුන් සතු චිකන් චීස් කොත්තුව කියන්න පුලුවනි.මේ චීස් කොත්තු කුඩා ප්‍රමානයේ එකක් 350ක් වගේ මිලක් වෙනවා.කොහොම උනත් එය දෙදෙනෙකුට හොඳහැටි ප්‍රමානවත්.මේකට එක් චීස් කැබැල්ලක් එක්ක කිරි එකතු කරනවා.ඒ වගෙම හොඳ හැටි චිකන් එකතු කරනවා.උනු උනුවට කනවා නම් මේ තේරීම කින්ග්ස්පාක් ආවොත් ඔබට හොඳ ‍තෝරාගැනීමක්.

මේ අවන්හලේ තවත් අපි නිතර ආහාරයට ගන්න ෆ්‍රයිඩ් රයිස් බිරියානි වගේම රයිස් ඇන්ඩ් කරිත් කන්න ගන්න පුලුවනි.චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් 200ක් වෙනවා.ඒකට ලොකු චිකන් කෑල්ලක් ලැබෙනවා.රසේ ඒතරම් ලොකු විශේශත්වයක් කියන්න බෑ.කොහ්ම උනත් මෙහි බිරියානි එක ඉතා රසවත්.එය අපි නිතර දකින පැහැයෙන් නම් වෙනස් .ඒ වැඩිපුර රසකාරක එකතු කරන නිසා වෙන්න ඕනි.අපි දැකපු දෙයක් තමයි මේ කින්ග්ස් පාක් එකේ කැම වලට ටිකක් විතර වැඩියෙන් තෙල් පාවිච්චි කරනවා.

kingspark2

ඔවුන්ගේ මෙනුපතේ ඇති හැම කෑම වර්ගයක්ම නම් මෙහි නෑ .මැකරෝනි ඉස්සෝ රයිස් වගේ කෑම මෙනු එකේ තිබුනත් ගොඩක් වෙලාවට ඔවුන් සතුව ඒ කෑම වර්ග නෑ.කොහොම උනත් ගොඩක් වෙලාවට නූඩ්ල්ස් චිකන් එග්ග් විදියට මෙතන කන්න ගන්න පුලුව්නෛ.එහි කුඩා ප්‍රමානයේ එකක් දෙන්නෙකුට ප්‍රමානවත් කියන්න පුලුවනි.ඒ වගෙමයි අපි කලින් කිව්ව තෙල් ගතිය නම් මේ කෑම එකෙත් ටිකක් වැඩියි.

සමස්තයක් විදියට මේ කෑම වර්ග වල රස හොඳ මට්ටමක පවතිනවා.ඒ වගෙම ලැබෙන ප්‍රමානය සහ රසත් එක්ක මුදලත් සාධාරනයි කියන්න පුලුවනි.

සේවාව

මෙහි ඇවිත් හොඳ සේවාවක් බලාපොරොත්තු වෙන්න බෑ.මෙහි වැඩ කරන සේවක මහතුන් තුන් හතරදෙනෙක් ඉන්නවා.පෙලක් වෙලාවට ඔබ ඇනෞම් කරන කෑම එක මේසයට එන්න විනාඩි 15-20ක් යන්නත් පුලුවනි.මෙහි වැඩ කරන අය එතරම් ප්‍රියමනාප බවකුත් පේන්න නෑ.කෑම ඉක්මනට ගන්න ඕනි නම් ටිකක් පස්සෙන් ඉදලා ලබාගන්න වෙනවා.නැත්නම් ඔබට පස්සේ ආපු අයත් අවශ්‍ය කෑම අරන් යාවි.

මග

මේ අවන්හල හොයා ගන්න එතරම් අපහසුවක් නෑ.කොලඹ පැත්තේ ඉඳන් එනවා නම් නුගේගොඩ නගරය පහු කරලා මීටර් 500ක් වගේ යනකොට හතේ කනුව කියන තැන තමයි මේ අවන්හල පිහිටන්නේ.හරියටම බස් නැවතුමට පොඩ්ඩක් මෙහායින්.

මේ අවන්හල දවසේ පැය 24 ම විවුර්ථයි.ඉතින් නුගේගොඩ නගරය පැත්තේ අවිත් බඩගින්නක් හැදුනොත් වෙලාවක් නොබලාම කන්න යන්න පුලුවන් තැනක් තමයි කින්ග්ස්පාක් කියන්නේ.ඔබත් මේ පැත්තේ ආවොත් Kingspark Restaurant එක පැත්තේ ඇවිත් කෑම වේලක රස බලලා යන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *