කන්න බොන්න කලින් එන්න

Lunu Ambula – Thimbirigasyaya ( ලුනු ඇඹුල )

banner

ලුනු ඇඹුල තවත් එක බත් කඩයක්. එහි කැමට තියන සියලු කෑම කලින් සාදා මෙතනට ගෙනත් තැබූ ඒවා..ඒවා පාර්සල් විදියටයි තියෙන්නේ.. කෙසෙල් කොලේ හොඳින් ඔතන ලද කැම පාර්සල් විවිද වර්ර්ගයෙන් ගන්න එහි තියනවා.පිරිසිදු කෑම එකක් ගන්න හැකි තැනක් තමයි ලුනු ඇඹුල කියන්නේ.

වටපිටාව. lunuambulaමෙතැන ටිකක් විතර වාහන යන එන හන්දියක්.පාකිං කියා තැනක් නම් නෑ..බොහෝ විට කඩේ අසල ඔබේ වාහනය නැවැත්තුවොත් අසලම සේවයේ යෙදෙන පොලිස් නිලධාරියෙක් ලඟට ඒමටත් බැරි කමක් නෑ.කොහොම උනත් මෙතන ඉතා කුඩා ඉඩ ප්‍රමානයක සැකසුනු කඩයක්. ලීයෙන් සැදුනු මේස තුනක් විතර තියනවා..වැඩිය ලොකු සෙනගක් නම් නෑ. බිම නම් බැලූ බැල්මටම ටිකක් දූවිලි පිරිලා වගේ.

බඩජාරි මෙනුපත

lunuambula-lamprice

අප ලුනු ඇඹුලේ ලම්ප්‍රයිස් එකක් සහ රයිස් ඇන්ඩ් කරී කැමට ගත්තා.මෙහි කෑම පාර්සල් කරල තියන නිසා ලොකු කරදරයක් නෑ.. පන්කොලයක් තමයි කෑම එක තියන්න හම්බෙන්නෙ. ඒකත් ටිකක් වෙනස් අත්දැකීමක්. අපේ ලම්ප්‍රයිස් එක 350ක්. ඒකට එලඟිතෙල් බතක් අලු කෙසෙල් මාලුවක් බැදපු වම්බො‍ටු බැදපු බිත්තරයක් වගේම සීනි සම්බෝලත් ඇතුලත්.කැම හොඳයි.

රයිස් ඇන්ඩ් කරි එකත් ප්‍රනීතයි. කෙසෙල් කොලේ රසත් එක්ක අමුතු රසක් ලුනු ඇඹුලේ කැම එකේ තිබුනා. රයිස් ඇන්ඩ් කරියට එලවලු තුනක් එක්ක පොල්සම්බෝල පපඩම් බැදපු මිරිස් කෑල්ලක් කෑම එකට ලැබෙනවා..එලවලු එකක් 180ක් ,මාලු කෑම එකක් 200යි. ඒ වගේම චිකන් කෑම් එකක් 220ක් වෙනවා..අපිට උත්සහ කරන්න බැරි උනු ෆ්‍රයිඩ් රයිස් එකක් මෙහි 350ක් වගේ මිලක් වෙනවා. ඒක නම් මේ ගානට ටිකක් වැඩිද මන්දා.. කොහොම උනත් අපිට ඒක නම් උත්සහ කරන්න බැරි උනා.

සේවාව.

ලොකුවට කියන්න තරම් දෙයක් නෑ. ඔබ මිල ගෙවූ විට කෑම පාර්සලය ලැබෙනවා.එහි කාඩ් පතින් මුදල් ගෙවන්න පුලුවන් කම පහසුවක්

ගමන්මග

මෙතනට එනවා නම් එකසිය තිස් අට පාරේ කොලඹ ඉඳන් ආවොත් තිඹිරිගස්යාය හන්දියේ න්වම් අතට ජාවත්ත පාරේ ජාවත්ත හන්දියට එන්න ඕනි.පාරෙන් දකුනු අත පැත්තේ සෙන්සාල් එකට ටිකක් එහායින් තමයි මේක පිහිටන්නේ..ටිකක් පොඩි තැනක් නිසා උනන්දුවෙන් බැලුවොත් හොයා ගන්න එක අපහසු නෑ

ගොඩ දෙනෙක් ඒ අවට ඔ‍ෆිස් වල වැඩ කරන අය මෙතනින් කෑම ගන්නව දකින්න් අපුලුවන්. වැඩි කලබලයක් නෑ.. ඔබත් ඇවිත් කාල බලන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *