කන්න බොන්න කලින් එන්න

Natural Coffee – Kandy නුවර ගිහිං උනුසුම් කෝපි කෝප්පයක නියම රස අත්වින්දින්න නැචුරල් කොෆී

banner

නුවර නගරයේ පොශ් විදියට උනුසුමට රසවත්ව කෝපි කෝප්පයක් බොන්න කදිම තැනක් ගැනයි අද අපි කියන යන්නේ. මෙහි නම නැචුරල් කොෆී. නමේ හැටියටම ඔවුන් කෝපි ලෙස යොදා ගන්නේ ලාංකීය නැවුම් කෝපි.නියම කෝපි රස අත්විඳින්න නුවර ආවොත් යන්න පුලුවන් තැනක් තමයි නැචුරල් කොෆී කියන්නේ.

වටපිටාව

මෙතන මහල් දෙකකින් යුක්ත ලොකු ඉඩක් නැති තැනක්.නමුත් එතරම් කාර්‍ය බහුල ගතියක් නම් නෑ.ඇතුලත ඉතා පිරිසිදුව පවත්වාගෙන යනවා.පහත මාලයේ කුශන් පු‍ටු වගේම ලෙයෙන් කල පු‍ටු වලින් යික්තයි. ඔබ මෙහි එනවා නම් සුදුසුම තෑන උඩු මහල. උඩු මහලේ වේවැල් පු‍ටුවකට බරදීගෙන කවුලුවක් අතරින් වීදිය දිහා බලමින් උනුසුම් කෝපි කෝප්පයක් බොන්න පුලුවන් නම් මරු.මෙහි පීරිසි කෝප්ප පවා වර්නවත්.උනුසුම් කෝපි කෝප්පයකට හොඳ වටපිටාවක් නිතරම මෙතන පවතිනවා.අවන්හල පුරා පවතින ශාන්ත ගතියත් අවන්හල පුරාම පවතින කෝපි සුවඳත් වෙනස්ම අත්දැකීමක් ඔබට සපයාවි.

naturalcofee5

බඩජාරි මෙනුපත

මෙහි ප්‍රධානම බීම එක ස්වභාවික කෝපි බීම.එහ් රස අපි කලින් කීවාක් මෙන් නියම කෝපි රස.ඔබට අවශ්‍ය ප්‍රමානයට සීනි එකතු කරගන්න පුලුවන්.එය මිලෙන් 400ක් වෙනවා.මෙහි ඇවිත් තවත් උත්සහ කල යුතු බීමක් තමයි ග්‍රීන් ටී කෝපි එක.ඒ Maccha Latte එකක් 500ක්. එය දැකීමටත් ප්‍රියජනකයි. උඩින් පවතින ලා කොල පැහැය සමග දුම් දමන තේ කොප්පය නුවර තිබෙන සිසිලසින් ඇඟ උනුසුම් කරාවි.බීම වර්ග විදියට Cafe Latte සහ Ice Latte එකක් 500ක් වෙනවා.

naturalcofee3

කෙසෙල් යුශ බීම වීදුරුවක් 300ක් වෙනවා.. ඒවා හොට් හරි කුල් විදියට ගන්න පුලුවන්.ඒ වගේම සීතල ස්ට්‍රෝබෙරි වීදුරුවක් 330ක් වෙනවා.ඒ වගේම බේක් කල පාන් වල දව‍ටුනු ham cheese and tomato,corn cream and onion,chocolate and banana ඕනි එකක් 400ක් වගේ මිල සීමාවේ තියෙන්නේ.විශාල ප්‍රමානයේ සෝසේජ් එකක් මැදි කල හොට් ඩෝග් එකක් 400ක් වෙනවා. එය විශාලයි.Belgian Waffle එක මෙහි ආවොත් ඔබ රස බැලිය යුතු ආහාරයක්.එය කිතුල් පැනි වලින් සාදා තියෙන්නේ.කෝපි කෝප්පයට කේක් කැලක් ගන්නවා නම් චොකලට් රිච් කේක් එක පංකාදුයි.එය 400. ඉතාම ප්‍රනීතයි.මෙහි ආවොත් ඔබ උත්සහ කල යුතුම කෑමක්.

naturalcofee2

කොහොම උනත් මෙහි මිල ගනන් නම් ටිකක් වැඩියි.ගොඩක් වෙලාවට විදේශිකයන් තමයි මෙහි කෝපි බොන්න එන්නේ. ඒත් ලාංකිකයගෙනුත් අඩුවක් නෑ.

සේවාව

මෙහි සියලු කටයුතු කෙරෙන්නේ කාන්තාවන් අතින්. වැඩිය කාර්‍ය බහුල නොවන තැනක් උනත් මෙතන සේවාව ටිකක් සෙමින් සිදුවන්නේ.කොපි කෝප්පයක් මේසයට එන්න මද වෙලාවක් යාවි.ඔවුන් එතරම් පුහුනුවක් නැති අය වගේ දෙයක් ඔබට දැනේවි.මෙහි සෑම ඉරිදා දිනයකටම කාන්තාවන්ට කැම වලට අය කරන්නේ අදාල මුදලින් භාගයක් ව්තරයි.ඇත්තටම් එය හොඳ දෙයක්.කාන්තාවන්ට මෙහි ප්‍රමුඛ තෑනක් දීලද කොහෙද.වැඩ කරන අයත් කාන්තාවන් නේ.මෙහි වයි ෆයි පහසුකමත් තියනවා.අවශ්ය නම් දුරකතනෙන් අන්තර්ජාලයේ සැරිසරන්නත් පුලුවන්

මග

මෙතන හොයා ගන්න එක නම් එතරම් අමාරුවක් නැති වැඩක්. දලදා මාලිගය ආසන්නයේමයි මෙය පිහිටන්නේ. දලදා මාලිගය පෙනෙන නොපෙනෙන දුරින්.පන්සල් මාවතේ නොම්බර පහ කියන තෑනයි මෙය පිහිටියේ. පීස හට් එක ගාවම.

නුවර ඇවිත් සීතලට උනුසුම් කෝපි කෝප්පයක් බොන්න හිතුනොත් ඇවිත් යන්න නැචුරල් කොෆී එකට.ඒත් පොක‍ටුවට නම් ටිකක් බර වැඩි වේවි මිල ගනන්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *