කන්න බොන්න කලින් එන්න

Rama’s Tea House – Kotte ඇල්කොහොල් තොර බියර් තේකක් එක්ක ඉංග්ලිශ් විදියට කෑම කන්න රාමාස් ටී හවුස්

banner

අගනුවර තේකක් බොන්න තියන සුපිරිම අවන්හල් අතරට එක් වෙලා තියන තවත් නොම්බර එකේ අවන්හලක් තමයි රමාස් ටී හවුස් කියන්නේ.එක එක විදියට තේ බොන්න වගෙම වෙනස් විදියේ කෑම වෙලක රස බලන්නත් මෙතන කදිම තැනක්.මිතුරෙක් සමග දිගු කතා බහකට වගෙම පවුලේ අය සමග නිදහසේ ආහාර වේලක් ගන්න කදිම වටපිටාවක් රාමාස් ටී හවුස් ඔබට සපයා දෙනව.අපි අද මේ අවන්හලේ තොරතුරුයි ඔබට ගෙන එන්නේ.

වටපිටාව

ramas2

මේ අවන්හල පිහිටන්නේ දියවන්නාව අසල.තරමක් ලොකුත් නැති වාහානයක් පාක් කරන්න වෙනම ඉඩක් ඔවුන් සතුව පවතිනවා.මෙහි ඇතුලත ඉතා විශාල නොවුනත් 20ක්ට 25කට එකව වර ආහාර ගන්න පුලුවන් මට්ටමේ පවතිනවා.ලී මේස පු‍ටු වගේම කුශන් කල සැප පහසු පු‍ටු,බීන් බැග් පිලිවෙලට අසුරලා තියනවා.ගොඩ දෙනෙක් එක්ක එකට කෑම ගන්න දිගු මේස සහ ඒ සඳහා එක් කල පු‍ටු වලිනුත් මේ අවන්හල යුක්තයි.මේ අවන්හලේ බිමට වෙනම කාපට් අතුරලා.ඇතුලත බිත්ති කහ පැහැයෙන් වර්නවත් කරලයි තියෙන්නේ.බිත්ති වල එල්ලලා ඇති චායාරූප වගෙම විදුලි පහන් වල හැඩයත් අවන්හලට අමුතු එලියක් ඇති කරලා තියනවා.මෙහි එක අන්තයක රූපවාහිනියක් වගේම බිලියට් මේසයක් තිබෙනවා.

විවිද වර්ගයේ තේ කොල සහිත පෙට්ටි මෙහි දක බලාගන්නත් පුලුවනි.මේ තේකොල පිට රට යවන ඉස්තරම් වර්ගයේ තේ කොල කිව්වොත් නිවැරදියි.ඒ තේකොල වර්ගත් ඔවුන්ගේ ටී බාර් එකේ වෙනම අසුරලා තියනවා.අවන්හල ඇතුල හොඳින් ඒ සී කරලායි තියෙන්නේ.

බඩජාරි මෙනුපත

ramas

මෙතනට එන ගොඩ දෙනෙක් ඔවුන්ගේ රසම රස තේකක් බොන්න අමතක කරන්නේ නෑ.Tea-nger බියර් නමින් ඔවුන් සතු තේක ඇත්තටම බියර් පාටයි.නමුත් මෙහි ඇල්කොහොල් ගතියක් නම් නෑ.එය වෙනස් ඉඟුරු රසයක් සහිත තේ එකක්.ටෙරමුසු නමින් ඔවුන් සතු පානය ඉරමුසු රසයෙන් යුතු තේකක්.ශැම්පේන් එකක පාටින් යුතු ටී ශැම්පේන් පාන්ය ඇපල් රසයෙන් යුතුව කලු තේ සමගින් තමයි රසවත් වෙන්නේ.මේ ශැම්පේන් එකක් 450ක් වෙනවා.අපි කලින් කිව්ව ටෙරමුසු පාන්ය 375ක්.මෙතන කොයි කාගේත් ජනප්‍රිය පාන්යක් වෙන්නේ ඔවුන්සත් බටර් බියර් එක.කලු තේ සාරයට වෙනඩරු සහ සීනි මිශ්‍රිත රසයක් සමගින් තමයි එය සෑදෙන්නේ.මේ තේ වීදුරුව සැබැවින්ම බියර් එකක් වගේ පෙනුනත් ඇත්තටම එය ඇල්කොහොල් ගතියක් නම් නෑ.උඩින් ඇති අයිස් ක්‍රීම් සමග මේ පානය වෙනස් සහ අමුතුම රසයක් දනවනවා.ඒ නිසා වෙන්න ඕනි මෙහි එනයන ගොඩ දෙනෙක් මේ තේ පාන්යට ප්‍රිය කරන්නේ.මෙහි මිල 450ක් වගේ වෙනවා.

ramas3

ඔබ ඔබගේ ශරීර බර ගැන සැලකිලිමත් වෙනවා නම් ඔවුන්සතු ග්‍රීන් ටී එක හොඳ ‍තෝරාගැනීමක්.ඒ වගෙම මස් මාංශ ආහාරයට ගන්නේ නැතිනම් ග්‍රීන් ගර්ඩන් සැලඩ් එක රසවත් ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.දවල් වරුවකට රාමස් රයිස් එක පොල්සම්බෝල සමගින් බැටර් කල මාලුවෙකුත් එක්ක කන්න පුලුවනි නම් හොඳ ‍තෝරගැනීමක්.මෙහි ෆ්‍රයිඩ් රයිස් කන්න ගන්නත් පුලුවනි.මාලුත් එක්ක හරි චිකන් එක්ක හරි කැමති විදියකට ඔබට ඇනවුම් කරන්න පුලුවනි.එහි රස නම් එතරම් විශේශයක් නෑ.ඔබට ලැබෙන ප්‍රමානයත් ලොකු බඩාජරියෙක්ට නම් ප්‍රමානවත් නොවෙන්න පුලුවනි…

ramas6

ඔබ මේ අවන්හලට ආඕත් රස බැලිය යුතුම ආහාර මෙනු එකක් තමයිචිප්ස් ඇන්ඩ් ‍ෆිශ්.මේ ආහරයේ මුල්බිම වෙන්නේ එංගලන්තය.මේ කැම වට්ටෝරුවට බැටර් කරපු මාලු සහ චිප්ස් හම්බවෙනවා.මේ චිප්ස් එක්ක ටාටර් සෝස් එක ඉතා රසවත්.මාලු කෑල්ල නම් සාමානය රසයක් කියන්න පුලුවනි.මේ ‍ෆිශ් ඇන්ඩ් චිප්ස් එකක් 800ක් වගේ මිලක් වෙනවා.‍ෆිශ් ඇන්ඩ් චිප්ස් වගේම චිකන් ඇන්ඩ් චිප්ස් ,දේශීය විදියට ‍ෆිශ් ඇන්ඩ් චිප්ස් වගේ කැමාත් ඔවුන් සතුයි.ඒ නම් ඔවුන්ගේම ආහාර වට්ටෝරු වෙන්න ඌඅනි.ඩෙසර්ට් විදියට හෝම් මේඩ් අයිස් ක්‍රීම් එක හොඳ ‍තෝරාගැනීමක්.ඔවුන්සතුයි තවත් බොහොමයක් අතුරුපස.

ramas2

සේවාව

ඔවුන්ගේ සේවාව ඉහල මට්ටමේ එකක් කියන්න පුලුවනි.ඔබ ඇනවුම් කර විනාඩි පහක් දහයක් අතර කාලයකදි ඔබේ කෑම ඇනවුම මනා පිලියෙල කිරීමකින් මේසයට එනවා කියන්න පුලුවනි.මේ වේටර් වරු කාර්යශීලී කියන්න පුලුවන්. ඒ නිසාමදෝ ඔවුන්ගේ මුහුනු නම් හැම විටකම බැරෑරුම් කමකින් පිරිලා.කොහොම උනත් ඔබට අවශ්‍ය දේ ඉක්මනින් මේසයට ගෙනෙන්නට ඔවුන් සමත්.

මග

මේ අවන්හල පිහිටන්නේ කෝට්ටේ හඳියට වන්නටයි.නුගේගොඩ පැත්තේ ඉඳන් එන කෝට්ටේ පාර කෝට්ටේ හංදියට වැටෙන හරියෙන් පාරෙන් වම් අත පැත්තට වෙන්න තමයි මේ අවන්හල පිහිටන්නේ.

වෙනස්ම විදියේ කෑම වෙලක් කන්න වගෙම රසවත් තේකක් බොන්න මේ අවන්හල හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුවනි.ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0112884600.උදෑසන 11 ඉඳන් රාත්‍රී 11 පමන වෙනකන් ඔවුන් විවුර්ථයි.කැම අරගෙන යන්නත් පුලුව්නෛ.දෙන්නෙක්ට නම් මෙහි ඇවිත් කන්න 1500ක වගේ මිලක් යාවි.කොහොම උනත් වෙනස් විදියේ අත්දැකීමක් එක්ක තේ වෙලක රස විඳින්න ඔබත් Rama’s Tea House ඇවිත් යන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *