කන්න බොන්න කලින් එන්න

Sakura Restaurant Dambulla දඹුල්ලේ රසවත් බුෆේ අවන්හල සකුරා

banner

සකුරා අවන්හල කියන්නේ දඹුල්ල නගරයේ පැල්වෙහෙර කියන ප්‍රදේශයේ පිහිටි අවන්හලක්.එය පවුලක් මගින් පවත්වාගෙන යන අවන්හලක්.මේ අවන්හලටිකක් විතර ප්‍රසිද්ධ තැනක්.ගොඩ දෙනෙක් මෙහි එන්නේ මේ අවන්හලේ තියන බුෆේ ආහාර වේල බලාපොරොත්තුවෙන්.දේශීය කෑම වර්ග ගොඩක් එක්ක රසවත් ආහාර වේලක් කන්න කියාපු තැනක් තමයි මේ අවන්හල.

වටපිටාව

sakura2

මේ අවන්හලේ පාකිං වලට ලොකු ඉඩක් නැතත් පාර අයිනේ වාහනයක් නවත්වන තරම් සැලකිය යුතු ඉඩක් පවතිනවා.ඇතුලත කොටස් තුනකින් යුක්තයි.ඇතුලත කොටස ප්‍රධාන පිවිසුම සහ පොල් අතු සෙවිලි කල කොටස විදියට කොටස් දෙකකින් යුක්තයි.ඒ වගේම අයිනට වන්නට කුඹුරට යාබදව ටෙන්ට් ගහලා එලිමහනේ ඉඳන් උනත් මෙතන කැම කන්න පුලුවනි.ඇත්ලත පොල් අතු සෙවිලි කල කොටසේ ෆැන් දාල තියනවා.ටිකක් මේ ප්‍රදෙශයට රස්නෙ හොඳින් දැනෙන හඳ පොල් අතු මඩුවේ ඉඳන් ආහාර ගන්න එකයි හොඳ.එක වර 70-80 ක වගේ පිරිසකට එක තැන ඉඳන් කෑම ගන්න මෙතන පහසුකම් තියනවා.ලීයෙන් සැදූ මේස පු‍ටු වගේම පිටත කොන්ක්‍රීට් වලින් සැද් පු‍ටු සහ මේසත් අසුරලයි තියෙන්නේ.මෙතන සංචාරකයන් අතරත් ගොඩක් ජනප්‍රිය තැනක්.ගොඩක් වෙලාවට මෙහි විදෙස් සංචාරකයන් දැකගන්න පුලුවනි.ඒ නිසාවෙන් මෙතන ටිකක් කාර්‍ය බහුලයි.

sakura5

මෙනුපත

sakura1

මෙහි තියන ප්‍රධානම ආහාර වේල තමයි බුෆේ එක.මාලු පිහි වර්ග විස්සකට වැඩි ප්‍රමානයක් එක්ක කන්න ගන්න පුලුවනි.ඔබට සුදු කැකුලු හෝ රතු කැකුලු බත් එකට ගන්න පුලුවනි.ඒත් එක්ක ගමේ සැදේන කැම වර්ග රාශියක් කැමති විදියට ‍තෝරලා ගන්න පුලුවනි.මේ බුෆේ එකත් එක්ක බතල රොටී වගේ කැමත් කන්න ගන්න පුලුවන් එක විශේශත්වයක්.මේ හැම මාලු පිනි වර්ගයක්ම නියම දේශීය රසට ලුනු ඇඹුල් නියම පදමට තියනවා කියන්න පුලුවනි.රස උපරිමයි කියන්න පුලුවනි.

sakura3

මේ බුෆේ එකට අමතරව සුප් වර්ගත් මේ අවන්හලේ බොන්න ගන්න පුලුවනි.ඩෙසර්ට් එකට කිරියි පැනියි කැව නම් නියම ‍තෝරාගැනීමක්.නියම රස කිරිත් එක්ක කලවම් නොවුනු පැනිත් එක්ක මැටි හට්ටියක කිරියි පැනියි කන්න හම්බෙනව.ඒකත් ටිකක් හොඳ අත්දැකීමක්.

sakura4

මේ බුෆෙට් එක රුපියල් 850ක් වගේ වෙනවා.ගෙවන මිලට එතරම් වරදක් නෑ.

සේවාව

මෙතන සේවාව කියන්න තරම් වරදක් නෑ.මෙහි අයිතිකරු ඉතාම මිත්‍රශීලී අයෙක් කිව්වොත් හරි.ඒ වගේම වැඩ කරන සේවකයනුත් ඉතාම මිත්‍රශීලී අය.මෙහි වැසිකිලි පහසුකමත් තියෙනව.ඒව ගොඩක් සැප පහසු නැති උනත් පිරිසිදුව පවත්වාගෙන යනවා.

මග

මේ අවන්හල පිහිටන්නේ දඹුල්ල නගරයේ පැල්වෙහෙර කියන හරියට වෙන්නයි.Sakura Restaurant Dambulla දඹුල්ල නගරයේ ඉඳන් කිලෝ මීටර් පහක් වගේ සීගිරිය පැත්තට යනකොට පාරෙන් වම් අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.

ඔවුන්ගේ දුරකථන අංකය වෙනෙන 0775202995/066 2 283177.ලිපිනය නොම්බර 420/A පැල්වෙහෙර, දිවා සහ රාත්‍රී ආහාර වේලකට මෙතනින් කැම කන එක හොඳ අදහසක්.ඔබත් මේ පැත්තෙන් යනව නම් දේශීය ආරට රසවත් කෑම වේලක් කන්න මෙහි ඇවිත් යන්න.එය ඉතා රසවත් අත්දැකීමක් වේවි


Leave a Reply

Your email address will not be published. Required fields are marked *