කන්න බොන්න කලින් එන්න

Senses – Havlock Town පොඩි බඩගින්නක් ආවොත් ඉක්මනට බඩට මොනවා හරි දාගන්න සෙන්සස්

banner

සෙන්සස් කියන්නේ හැව්ලොක් ටවුමත් කිරුලපනත් අතර පිහිටි හොඳ ආපන ශාලාවක්.මෙහි ගොඩක් ගැනුම් කරුවන් වෙන්නේ සිග්මා අධ්‍යාපන ආයතනයට එන ලමයි සහ දෙමාපියන්.ඒ කොහොම උනත් ඕනි කෙනෙක්ට මෙතනින් කැම ගන්න කිසි ප්‍රශ්නයක් නෑ.මෙහි ගොඩාක් කෑම වර්ග සාධාරන මිලකට ගන්න පුලුවන්.

වටපිටාව

sense1

සෙන්සස් එකට කියලාම පාකිං එකක් නම් නෑ.හයිලෙවල් පාර අයිනේ තමයි වාහනයක් නවත්වනවා නම්.ඒත් කාර්‍ය බහුල වෙලාවන්ට නම් ඒ හරියේ වාහනයක් නවත්වන්න බෑ.එහෙම උනොත් වාහනේක එනවා නම් ටිකක් පයින් එන්න වෙයි.ඇතුලත ලොකු සැප පහසුවක් නෑ.කුඩා වීදුරු මේස සහ පු‍ටු ලඟ ලඟම අසුරලා තියනවා.පන්ති වෙලාවක නම් මෙතන ලමයින්ගේ දෙමව්පියන්ගෙන් පිරිලා.ඔවුන් ආහාර ගන්නේ නැතත් මෙතන පු‍ටු වල ඉඳගෙන ඉන්නේ.ඉතින් පෙලක් වෙලාවට මෙතන ඉන්න්හ්ඩගෙන කන්න තැනක් හොයා ගන්න එක ටිකක් අමාරු වැඩක්.ඇතුලත ගොඩක් වෙලාවට කලබලකාරී කියන්න පුලුවන්.

කැම බීම

sense3

මෙතන උදේට සහ දවල්ට රයිස් ඇන්ඩ් කරී කන්න ගන්න පුලුවන්.ඒ හැරුනාම ඒ වෙලාවල් වලට ඉතා නැවුම් ශෝට් ඊට්ස් වර්ග ගනනාවක් කන්න ගන්න තියනවාඅ.බනිස් වර්ග බර්ගර් වර්ග සැන්ඩ්විච් වර්ග පුන්චි පීසා වගේ කැම හැම ජාතියෙන්ම කන්න ගන්න පුලුවන්. ටිකක් වෙනස් විදියේ මශෲම් බන් එක මෙහි ඉතා රසවත් කැමක්.මෙහි මිල ගනන් සාමාන්‍ය ගනනට වඩා පොඩ්ඩක් වැඩියි.ඒත් රස අතින් බැලුවාම මිල සාධාරනයි කියලා හිතෙනවා.සැමන් බන් එකක් 50ක් වෙනවා. එහි පිරවුම රසයි.චිකන් පැටිස් එකක් රුපියල් හැටයි,දවල්ට රයිස් ඇන්ඩ් කරී කනවා නම් මිල 150ක් විතර.මෙහි තියන ගොඩාක් කෙටි ආහාර ඉතා රසවත් කියලා නම් කියන්නම ඕනි.

සේවාව

මෙතන් ස්වයං සේවා විදියට තමයි කටයුතු සිද්ද වෙන්නේ.. ඔබ ඔබට ඕනි දේ ඉස්සෙල්ලාම කියල බිල ගෙවලා බඩු ලබා ගන්න තියෙන්නේ.චිට් එක අදාල කෙනෙක්ට දුන්න ගමන් කෑම නම් හම්බවෙනවා. පන්ති ඇරුන වෙලාවක වගේ නම් මෙතන කෑම ගන්න පොඩි පෝලිමකත් ඉන්න වෙයි. සේවාව කියන්න ලොකු හොඳක් නෑ..නරකකුත් නෑ.

මග

මෙතනට කොලඹ පැත්තෙන් එනවා නම් රෙදි මෝල හංඳිය පහු වෙලා තියන පලමු බස් රථ නැවතුමේ ඉදිරි පසින් ඒ කියන්නේ පාරෙන් දකුනු අත පැත්තෙයි මෙය පිහිටන්නේ.තට්‍ටු ගොඩනැගිල්ලක පහල මහල.හොයා ගන්න ඒ හැටි අපහසුවක් නම් වෙන එකක් නෑ
ම්නෙතන උදේ 7.30 ඉඳන් සවස 5 වගේ වෙනකන් විවුර්ථයි.දුරකථන අංකය 0114527240.ඔබත් මේ පැත්තට ඇවිත් පොඩි බඩගින්නක් ආවොත් ඉක්මනට බඩට මොනවා හරි දාගන්න එන්න හොඳ තැනක් තමයි සෙන්සස් කියන්නේ


Leave a Reply

Your email address will not be published. Required fields are marked *