කන්න බොන්න කලින් එන්න

TGI Friday’s – Colombo Fort ලෝ ප්‍රකට අවන්හල් ජාලයක ලංකාවේ අවන්හලට යමු

banner

අද අපි කියන්න යන්නේ ජාත්‍යන්තර මට්ටමේ අවන්හල් ජාලයක ලංකාවේ පිහිටි අවන්හලක් ගැනයි.මේ අවන්හල නමින් T.G.I. Friday’s. මේ අවන්හල මුලින්ම ඇති වෙලා තියෙන්නේ ඇමරිකාවේ නිව් ජර්සි වලදි.Alan Stillman කියන පුද්ගලයා තම්ගේ අතේ තිබුනු මුදලකට අම්මගෙනුත් යම් මුදලක් ඉල්ලාගෙන තමයි මෙහි මුල්ම අවන්හල පටන් අරන් තියෙන්නේ.T.G.I. Friday’s යන නම දාලා තියෙන්නෙත් තේරුමක් ඇතුව. ඒ කියන්නේ Thanks God!!! Its Friday කියන එකේ මුල් අකුරු තුන තමයි TGI නමින් කියවෙන්නේ.

ලංකාවේ මේ අවන්හල පිහිටන්නේ කොලඹ කො‍ටුවේ. ලෝකය පුරා මේ වගේ අවන්හල් 45කට වැඩි ප්‍රමාන්යක්.තිබෙනවා.ඒ සෑම එකකම තියන පොදු ලක්ශන ලංකාවේ තියන T.G.I. Friday’s අවන්හල තුලත් පවතිනවා.

වටපිටාව

tgi1

මෙතන පාකිං පහසුකම නම් ගොඩක් ලොකුවට නෑ.සති අන්තයේ සහ සවස් වරුවට මේ අවන්හල පාරිබෝගිකයන්ගෙන් පිරී යනවා.ඉතින් වාහන පාකිං පහසුකම ගැන වැඩි බලාපොරොත්තුවකින් තොරව මෙතනට ආවොත් වඩා හොදයි.ලොව පුරා පවතින T.G.I. Friday’s අවන්හල් වල පොදුවේ Wall papers, ග්‍රැනයිට් වලින් කල විසිතුරුකම් ,රත් සහ සුදු විදුලි ලාම්පු පවතිනවා.ඒ වගෙම කොලඹ පිහිටි මේ අවන්හලත් ඇතුලත ඉතා ලස්සනට සිත්ගන්නා සුලු අයුරින් නිමා කර තියනවා.

ඇතුලට එනවිට ඇති අවන්හල් නාමය සමග ඊට යටින් In Here, It’s always Friday යන්න ලොව අනෙක් රටවල වගේම මෙහිත් දකින්න පුලුවනි.මෙහි මහල් දෙකක් පුරාවට ඔවුන්ගේ අවන්හල පවතිනවා.ඇතුලත ඔවුන්ට ආවෙනික රතු සහ සුදු වර්නය නිරූපනය වෙන විදියටයි ඇතුල සකස් කර තියෙන්නේ.පු‍ටු සහ මේස ඉතා සැපවත්.ඒත් පු‍ටු සහ මේස අහුරලා තියන හැටි නම් ටිකක් අවුල් වගේ.එක ලඟ අසුරල තියන නිසා හිර වෙච්ච ගතියක් තියනව.ගොඩක් අය එන වෙලාවට ඉඩ පහසුකම් සීමා වෙන එක අවම කරන්න වෙන්න ඌනි ඒ දේ කරලා තියෙන්නේ.සියල්ල ඉතා පිරිසිදුයි.අලංකාරවත්.ඒත් කාර්‍ය බහුල වෙලාවක නම් ටිකක් ගෝසාකාරී වටපිටාවක් තමයි මෙහි තියෙන්නේ.

ඔබ ආහාරය ගන්නවා නම් යන්න හොඳ පහල මාලයට.බාර් එකත් පාවිච්චි කරනව නම් ඉහල මහල වඩා හොඳයි.

බඩජාරි මෙනුපත

මෙහි ආවොත් ඔබට ඇමරිකානු රසට කෑම රස බලන්න පුලුවනි.ඒ අත්දැකීම ටිකක් වෙනස්.කොහොම උනත් ඇමරිකානු කෑම වර්ග ‍රැසක් ලාංකිකයන්ටත් ගැලපෙන විදියට ඔවුන් සපයනවා.මෙහි ආහාර විදියට සලාද,සුප් වර්ග,ස්ටාටර්ස්,චිකන් බීෆ් වලින් සැදුනු රසවත් කෑම වර්ග,බර්ගර්ස්,සැන්ඩ්විච් වර්ග,සහ ඩෙසර්ට් වර්ග කන්න ගන්න පුලුවනි.

tgi9

ස්ටාටර් විදියට ඔවුන් සතු ගාලික් පාන් එකත් එක්ක ක්‍රිස්පි ගතියට හැපෙන Potato Wedges එක කදිම තේරීමක්.ඒ දෙකටම මිල 450ක් වගේ යනවා.එහි රස ඉස්තරම්.ශෙයාර් කරන්න බලාගෙන ඇපටයිසර් විදියට සීෆුඩ් ප්ලැටර් එකක් ගන්නත් පුලුවනි.ඒක 1300ක් වගේ මිලක් වෙනවා.එයත් හොඳ ‍තෝරාගැනීමක්.ඒ වගෙම තව ස්ටාටර් විදියට Fried mozzarella කැමට ගන්න පුලුවනි.පිටින් එහි ක්‍රිස්පි ගතියක් තියනවා.ක්‍රීම් සාරයට දියවුනු චීස් තමයි ඇතුලතින් තියෙන්නේ.marinara කියන සෝස් එකත් එක්ක තමයි මේ Fried mozzarella එක හදන්නේ.එතරම්ම රසක් එහි නම් කියන්න බෑ.

tgi8

ඔවුන් සතු විශේශතම කැම වට්ටෝරුවක් තමයි jack daniels grill නමින් තියෙන්නේ.ජැක් ඩැනියෙල්ස් චිකන්,ජැක් ඩැනියෙල්ස් චිකන් ඇන්ඩ් ශ්‍රිම්ප්,ජැක් ඩැනියෙල්ස් ස්ටීක් වගේ නම් වලින් ඔවුන්ගේ මේ මෙනු සමන්විත වෙනවා.මේ සියලුම ආහාර වලට ලැබෙන ජැක් ඩැනියෙල් සෝස් එක තමයි විශේශිත වෙන්නේ.එය දේශීය අවන්හල වල සෝස් වර්ග වලට වඩා හාත්පසින් වෙනස් රසක් කෑම වේලට එකත් කරනවා.ලෝක ප්‍රසිද්ධ ඇමරිකානු විස්කි නාමයක් තමයි ජැක් ඩැනියෙල්ස් කියන්නේ.අපි දන්නේ නැ මේ සෝස් වර්ගයට ඒ විස්කි වලින් පොඩ්ඩකුත් එකතු කරවාද කියා නම්.මේ මෙනු එකේ කෑම වර්ග 1000-3000 අතර මිලක තමයි පවතින්නේ.

tgi6

මෙහි තියන බර්ගර් රසයෙන් සාමාන්‍යයි කියන්න පුලුවනි.පැස්ට එකක් කනවා නම් cajun chicken n shrimp pasta එක හොඳ තේරීමක්.බැටර් කරන ලද කූනිස්සන් සමග එන සෝස් එකත් ඉතාම රසවත්.රස දිව පිනා යන සුලුයි.ඩෙසර්ට් එකට කනවා නම් ඔවුන්ගේ බ්‍රවුනි එකත් ඉතාම හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුවන්.එය මද උනුසුමට චොකලට් ආලේපනයකින් යුක්තයි.එයත් එක්ක කැරමල් සෝස් සහ වැනිලා අයිස් ක්‍රීමුත් එකතු වෙනවා.මෙය ගෙවන මිලට වඩා වටිනවා. පිලිගැන්වුමත් අනර්ගයි කියන්න පුලුවන්.මෙහි සියලු කෑම ඉතා මනා ලෙසින් පිලිගන්වනවා.ඒ වගේම ලොකු පෝශන් එකක් ලැබෙනවා.මෙහි කෑම වර්ග ගොඩක් ඒවා අපිට ටිකක් නුහුරුයි.කොහොම උනත් හැම කෑමක්ම රස නෑ.පෙලක් කෑම තමයි රස.කොහොම උනත් ඇමරිකානු ක්‍රමයට රසවත් කෑමක් කන්න පුලුවනි ඔබ හරි කෑම ‍තෝරාගත්තොත්.

tgi4

මෙහි බාර් මෙනු එකේ ගොඩාක්ම කොක්ටේල් වර්ග තියනවා.ඒ වගෙම මොක්ටේල් වර්ගත්.මේ බීම වගේම බීර වර්ගත් ටිකක් ගනන්.කොහොම උනත් Pitcher එකකිං පිරිනමන නිසා ටිකක් විතර පිරිමැහෙනවා.

සේවාව

මෙහි සේවාව අති විශිශ්ට මට්ටමේ එකක් කිව්වොත් නිවැරදියි.මෙහි වැඩ කරන අය ඉතාම කාරයශීලි.ඇතැම් විටෙක ඔබ හිතනවාටත් වඩා ඉක්මනින් ඔබ ඇනවුම් කල කෑම වර්ග මේසයට එන්න පුලුවනි.ඒ තරමට ඔවුන්ගේ සේවාව ඉක්මන්.ඔවුන් ඉතාම මිත්‍රශීලී සහ ඔබගේ අදහස් වලට හොඳිනැහුන්කම් දෙන ගතියක් පෙන්නුම් කරනවා.ඔවුන්ට සිංහල සහ ඉංග්‍රීසි බස හොඳින් කතා කරන්නට පුලුවනි.ඉතින් ඔබට අවශ්‍ය දේ ඉතා ඉක්මනින් මේසයට ගෙන්න ගන්න ඔබට පහසුයි.මෙහි ඇතුලත වයි ෆයි පහසුකමුත් තිබෙනවා.ඒ වගෙම විශාල රූපවාහිනී තිරයකුත් දර්ශනය වෙනවා

මග

මෙය පිහිටන්නේ කොලඹ කො‍ටුවේ.හොයාගන්න නම් එතරම් අපහසුවක් නෑ.ලෝක වෙලඳ මධයස්ථානය තියන ගොඩනැගිල්ලට ඉදිරිපසිනුයි මේ අවන්හල තියෙන්නේ.එය ඉදිරිපස ඩච් හොස්පිටල් එකට මෙහායින් ඇති කැනල් පාරේ ඇති කාගිල්ස් ගොඩනැගිල්ලේ තමයි මේ අවන්හල පිහිටන්නේ


මෙතන උදේ හතේ ඉඳන් රාත්‍රී 11 පමන වන තුරු විවුර්තයි.ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0112337501.දෙදෙනෙකුට කැම රුපියල් 4000ක් වගේ වේවි.TGI Friday’s ගනන් නම් ටිකක් වැඩි උනත් එක් වරක් හරි ගිහින් කැම වේලක් රස බැලුවට ඒ හැටි පාඩුවක් නම් නෑ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *