කන්න බොන්න කලින් එන්න

The Blockhouse – Galle අඩු මිලට රසට කන්න ගාලු කොටුවේ බ්ලොක්හවුස් අවන්හල

banner

ගාලු කො‍ටුවේ අවන්හල් වල තියන කෑම වල ගනන් නම් ටිකක් විතර වැඩියි.ගොඩක් අවන්හල් විදේශිකයන් ඉලක්ක කරගෙනයි පවත්වාගෙන යන්නේ.කොහොම උනත් විදෙස් සහ දේශීය අය වෙනුවෙන් සාධාරන මිලකට කෑම කන්න ගන්න පුලුවන් හොඳ තැනක් ගෑනයි අද අපි කියන්න යන්නේ.මේ අවන්හල නමින් ද බ්ලොක්හවුස්.

වටපිටාව

blockhouse1

මේ අවන්හල ඉතාම කුඩා එකක්.ඒ අවන්හලේ ප්‍රමානයත් සලකලා වෙන්න ඇති මේ නම ද බ්ලොක්හවුස් කියලා මේ අවන්හල නම් කරලා තියෙන්නේ.මේ අවන්හල තුල එක පාර 15ක් වගේ එකට ඉඳගෙන කන්න ඉඩකඩ තියනවා.ටිකක් සවස් වෙනකොට මේ අවන්හලේ ඉඩ කඩ ටිකක් වැඩි කරගන්න ඉස්සරහ වීදියටත් මේස පු‍ටු එකතු කරනවා.ඔබට මෙතනට ආවොත් වීදියේ ඉඳගෙන උනත් කෑම කන්න පුලුවනි.ලීයෙන් හැදුව මේස පු‍ටු වලින් යුක්ත අවන්හල ඇත්ලත ඉතාම පිරිසිදුව පවත්වාගෙන යනවා.ඇතුලත ෆෑන් එකකුත් වැඩ.ඔබට වයි ෆයි පහසුකමත් මේ අවන්හලේ තියනවා.

මෙනුපත

blockhouse2

මෙතන ගොඩක් වෙලාවට කන්න තියෙන්නේ දේශීය ආහාර වර්ග තමයි.ඉතාම රසවත්ව බත් සහ මාලු පිනි කන්න දවාලට හොඳ ‍තෝරාගැනීමක් තමයි මේ බ්ලොක්හවුස් අවන්හල.දවල් වරුවට වෙජිටබල් රයිස් ඇන්ඩ් කරි කනවා නම් රුපියල් 250ක් වගේ මිලක් වෙනවා.ඔබ මස් හෝ මාලු කෑම එකකට යනවා නම් 350ක මිලක් වෙනවා.මේ මිලට ඇති වෙන්න මාලු පිනි සහ බත් ඔබට ලැබෙනවා.ඉතින් ගෙවන මිලට වගේම ගාලු කො‍ටුව තුල තියන අනෙක් අවන්හල් එක්ක බලද්දි මේ මිල ගනන් බොහොම සාදාරනයි කියන්න ඕනි.මේ කැමා වලට අමතරව දිවා හෝ රාත්‍රී කෑමට නාසිගුරන්.චිකන් බිරියානි ලම්ප් රයිස් ෆ්‍රයිඩ් රයිස් වගේ කෑමත් කන්න ගන්න පුලුවනි.බිරියානි සහ ලම්ප් රයිස් 400ක් වගේ වෙනවා.නාසියක් 450ක මිලක් වෙනවා.

blockhouse4

ඔබ මෙහි සවස් වරුවකට ආවොත් ආහාරයට ගන්න කියාපු කෑමක් තමයි ඔවුන්ගේ කොත්තුව.චිකන් කොත්ත්වක් 300ක් වගේ මිලක් වෙනවා.මේ චිකන් කොත්තුව චීස් චිකන් කොත්තුවක් කරගත්ත නම් තවත් පංකාද්යි.ඒක 450ක වගේ මිලක් වෙනවා.ඔබ මෙහි ආවොත් රස බලන්න හොඳම කෑමක් කියන්න පුලුවනි මේ කොත්ත්ව.ඒ තරමටම එය රසව්ත්.
මේ අවන්හල උදේ වරුවටත් විවුර්ථයි.ආපා ඉඳි ආප්ප පොල් රොටි කිරිබත් වගේ කැම වර්ග ඔබට මෙතනි කන්න ගන පුලුවනි.

blockhouse3

මේ අවන්හලේ රසවත් බීම ජාතිත් බොන්න ගන්න පුලුවනි.ස්වාභාවික රසයෙන් යුක්ත රසවත් බීම වීදුරුවක් බොන්නත් මේ අවන්හල කියාපු තැඑනක්.අඹ කෙසෙල්,දෙහි,අන්නාසි,ඇපල් මික්ස් ෆෘට් වගේ බීම ජාති 150-200 මිල සීමාවේ තමයි තියෙන්නේ.

සේවාව

මෙහි අයිතිකරු ගොඩක් වෙලාවට මෙහි ඉන්නවා.ඔහු ඉතාම මිත්‍රශීලි අයෙක්.ඒ වගේමයි මෙහි වැඩ කරන අනෙක් අයත් ඉතා කාර්‍යශීලීව මේ කටයුතු සිදු කරනවා.ඔබට ඔබේ ඇනවුම මේසයට එන්න වැඩි වේලාවක් නම් බලන් ඉන්න වෙන්නේ නෑ.සේවාව ඉතා හොඳ මට්ටමේ එකක් කියන්න පුලුවනි

මග

ඔබ ගාලු කො‍ටුවේ ඇති ලයිට් හවුස් එක පැත්තේ ඉඳන් ‍රැම්පාට් වීදියේ ඉදිරියට එනකොට හමු වෙන පල්ලිය වීදියේ මීටර් 50ක් විතර ගියහම පාරෙන් වම් පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ

මේ අවන්හල උදෙ 7 ඉඳ රාත්‍රී 10 පමන වෙනකන් විවුර්ථයි.මෙහි ශුරකථන අංකය වෙන්නේ 076 803 8393.ඔබත් ගාලු නගරයේ සංචාරයකට ආවොත් THe Blockhouse අවන්හලට ගොඩ වෙලා රසවත් ආහාර වේලක රස විඳින්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *