කන්න බොන්න කලින් එන්න

Yoosufiya eat house නුවර අඩු මිලට රසවත් බිරියානි කන්න එන්න යුසුෆියා අවන්හලට

banner

නුවර නගරයට යන එන ගොඩ දෙනෙක් දන්න කියන ආහාර අවන්හලක් තමයි යුසු‍ෆියා කියන්නේ.ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය බුරියානි කන්න ගන්න පුලුවන් තැනක් කිව්වොත් හරි.මෙතන බුරියානි වලට ප්‍රසිද්ද ගොඩක් තරුන අය අතරයි.මිල අඩු බුරියානි කන්න පුලුවන් එකත් මේ අවන්හල මෙතරම් ගොඩ දෙනෙක් අතර ජනප්‍රිය වෙන්න එක හේතුවක් වෙන්න ඇති.අපි අද ගොඩ උනේ නුවර උදවිය කවුරුත් දන්න කියන යුසු‍ෆියා අවන්හලට.

වටපිටාව

yusufiya2

මේ අවන්හල පිහිටන්නේ නුවර නගරයේ අලි මුඩුක්කුව කියන හරියේ,නගරය මැද පලමු මහලේ තමයි මේ අවන්හල තියෙන්නේ.වාහනයකින් නම් ඇවිත් මෙතනින් නවත්වන්න නම් තැනක් නැති වෙයි.හොඳම දේ පයින් එන එක තමයි.මේ අවන්හල ඇතුලත ඒ තරම් පිරිසිදු බවක් නම් නෑ.නිතරම මෙතන බුරිආය්නි වගේම බත් කන්න එන අයගෙන් පිරිලායි තියෙන්නේ.ඉතින් ටිකක් කාර්‍ය බහුල වටපිටාවක් තමයි තියෙන්නේ.එක වර 20-30කට වගේ එකට කෑම කන්න ගන්න පුලුවනි.මේස පු‍ටු නම් එහෙම සැපවත් බවක් නෑ.මේ අවන්හලේ කෑම බෙදන කියන තැනත් අවන්හල ඇත්ලෙමයි තියෙන්නේ.පොඩ්ඩක් ඔලුව දාලා බැලුවොත් ගොඩක් අපිලිවෙලයි වගේ පෙනේවි.ඒ වගේම ඇත්ලතත් පිරිසිදු කම නම් අඩුයි කියන්න ඕනි.

බඩජාරි මෙනුපත

yusufiya_biriyani

අපි කලින් කිව්වා වගේ මේ අවන්හල වඩාත්ම ජනප්‍රිය බුරියානි වලට තමයි.මේ බුරියානි එක ගැන කියනවා නම් සම්බා බත් වලින් හදාපු බුරියානියක් තමයි තියෙන්නේ .ඒත් එක්ක ලොකුම ලොකු චිකන් කෑල්ලක් සහ බිත්තරයක් ලැබෙනවා.ඒත් එක්කම මිරිස් සැරට හොදි වගේම කොල පාට සැර සම්බෝලයකුත් බුරියානි එකට ලැබෙනවා.මේ බිරියානි එක 190ක් වෙනවා.ලැබෙන ප්‍රමානය පොඩි බඩජාරි දෙන්නෙක්ට මේ එක බිරියානියක් හොඳටම ප්‍රමානවත්.කොහොම උනත් මේ මිලත් එක්ක ලැබෙන ප්‍රමානය ඕනිවටත් වඩා වැඩියි කියන්න ඕනි.ඒ වගේමයි බිරියානිය අති විශිශ්ඨ රසයක් නැතත් රසවත් බිරියානි එකක්.හොඳ බඩජාරියෙක්ට මේ බිරියානි එකක් ඕනිවටත් වඩා වැඩි කියන්න පුලුවනි.

මේ බිරියානි වලට අමතරව රයිස් ඇන්ඩ් කරි කන්න ගන්නත් පුලුවනි.ඒවා චිකන් මාලු එලවලු සහ බීෆ් විදියට කන්න ගන්න පුලුව්නෛ.කොහොම උනත් ඒ එකක් වත් අර බිරියානි එක මට්ටමේ නෑ කියන්න ඕනි.තවත් විශේශ දෙයක් තමයි මෙතනින් කාල තවත් මදි වගේ දැනෙනවා නම් අඩුවට තවත් ඉල්ලාගෙන කන්න පුලුවනි.

සේවාව

මෙතන සේවාව හොඳයි.මෙහි වැඩ කරන අය ගොඩක් කලෙක ඉඳලා මේ අවන්හලේ වැඩ කරන අය .මේ අවන්හල ගොඩක් ජනප්‍රිය වෙන්න ඇත්හ්ටේ මේ ආහාර වල රස වගේම ඔවුන් සපයන සේවාවත් නිසා වෙන්න ඕනි.ගොඩ දෙනෙක් සේවකයන් ඉතා සුහදශීලීව එන අයත් එක්ක කටයුතු කරනවා.මෙහි ඉන්න යකැමි පවා සිනා මුසු මුහුනින් ඔබව අවන්හලට පිලිගනීවි.ඔබ මෙතට ඇවිත් කෑම ඇනවුම් කලොත් ඉතාම අඩු කාලයකදි ඔබට අවශ්‍ය කෑම එක ලැබෙන බවත් කියන්න ඕනි.මෙහි අවන්හලේ හැටියට ලොකු පිරිසක් වැඩ කරනවා.ඉතින් ඉක්මනට ඔබට අවශ්‍ය දේ ඉක්මනට කරගන්න පුලුව්නෛ මෙතනට ආවොත්

මග

මේ අවන්හල පිහිටන්නේ නුවර නගරයේ.නගරයේ ඔරලෝසු කනුව ගාවින් ඩී සොය්සා මාවතේ ගිහිනේ පාර යටිනුවර පාරට සම්බන්ද වෙන තැනම පාරෙන් වම් අත පැත්තේයි මේ අවන්හල පිහිටන්නේ.හොයාගන්න අමාරයි වගේ දැනෙනවා නම් නුවර ඔරලෝසු කනුව ගාවට ඇවිත් කාගෙන් හරි අහන්න අලි මුඩුක්කුවට යන හැටි.අලි මුඩුක්කුවට ඇවිත් යුසු‍ෆියා හෝටලය කොහේද ඇහුවොත් ඕනි කෙනෙක් පාර පෙන්වාවි.

ඔබත් නුවර ආපු වෙලාවක මේ yoosufiya eat house අවන්හලටත් ගොඩ වෙලා රසවත් බිරියානි එකක රසය විඳගන්න කියලා අපි ආරාධනා කරනවා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *