මීට අවුරුදු දහයකට වගේ කලින් ඔබ කොලඹ ඇවිත් ඇහුවා නම් අග නුවර හොඳම බුරියානි කඩේ කොහිද කියා වචන දෙකක් නැහැ ඔබට ලැබෙයි පිලිතුරු ඒ බුහාරි හෝටලය. ඔවුන් කාලයක් තිස්සේ රසම රස බුරියානි වලට ප්‍රසිද්ධ අවන්හලක් උනා. සම්ප්‍රදායික බුරියානි කඩ අතර බුහාරි පෙරමුනේ.. නමුත් කාලය සමග ඒ රසයන් තත්වයන් තවමත් පවතිනවද යන්න ගැටලුවක්. අවන්හලේ මුල් අයිතිකරු මුස්ලිම් ජාතිකයෙක්. නමුත් මෙහි පාලනය දැන් වෙනස් වෙලා. කොහොම උනත් බඩජාරි අපේ කන්ඩායම බුරියානි පෙරේතකමක් හදාගෙනම ඇතුල් උනා බුහාරි අවන් හලට
වටපිටාව
අවන්හලේ පහත මාලය නම් ටිකක් බැලුවමටම කලබලකාරී. ගෝශාවක් වගේ.මෙය මහල් දෙකකින් යුක්ත අවන්හලක්. උඩ මහල හොඳින් පවතිනවා. උඩු මහල AC කරලයි තියෙන්නේ.. ඒ වගේම කුඩා උත්සව ශාලාවක මෙන් පුටු සරසා තියනවා. ඒවා තරමක් සුව පහසුයි. ඔබ මෙහි හවස් කාලයේ පැමිනියත් මිනිසුන් ගෙන් නම් අඩුවක් වෙන් නෑ. පිරිලා .නමුත් රසවත් බුරියානි එකකට මේ පරිසරය නරකම නෑ..
බඩජාරි මෙනුපත
මුලින්ම අපි බුහාරි නම ප්‍රසිද්ද උනු චිකන් බුරියානියකට වග කිව්ව..ඒකක් තුන්සිය පනහක්.පෙනුමට ටිකක් වගේ කුඩායි.නමුත් බාගයක් වගකියනකොට නම් දැනුනේ මේ ප්‍රමානය ඇති වගේ. ඇත්තටම රසයි. බුරියානි එකක් සමග චිකන් හොදි දීසියක් ලූනු සම්බෝලයක් වගේම බිරියානියට විශෙශිත මිංචි සම්බෝලයකින් අප සප්පායම් උනා.. මේ සියලු දේ බිරියානි බතක් සමග හැපෙන විට ඇත්තටම හොන්ද රසක් දනවනවා..සුපිරිම මට්ටමට දමන්න්ට බැරි උනත් බුහාරි බුරියානිය තවමත් ඔවුන්ගේ මුල් නාමය යම් තාක් දුරකට රඳවා ගත හැකි බුරියානියක් ලබාදෙන්නට උත්සහ කරනවා.නමුත් අප දන්නවා මේ ඉස්සර කාලේ තිබුනු රසම රස බුරියානිය නම් නෙවෙයි වෙන්න ඕනා..
ඒවගේමයි මොවුන්ගේ මාසලා චිකන් එකක් 300යි.ඒකත් එක්ක එග් බිරියානියත් ගොඩ දෙනෙකුගේ නමගිය තේරීමක්. ඇත්තටම එහිත් රස හොඳයි. මෙහි හම්බෙන මැලේ අච්චාරුවට මගේ හිත හොඳින් ඇදී ගියා.. එහි රස සුපිරි මට්ටමේ.ඔබ ඇවිත් ට්‍රයි කරනවා නම් එලු මස් බුරියානිත් හඳුන්වල දෙනවා. එහි මිල රුපියල් 580ක්.ඒ වගේඅම චිකන් පලන්ඩිය කුඩා කොටසක් 310යි. ඇත්තෙන්ම තෙල් සමග ලූනු මිශ්‍ර හොන්ද්දක් දැවටුනු පලන්ඩියේ හැඩය රස තවත් ඔබට අඩගසාවි.
ඩෙසර්ට් එකටත් ඔබේ බඩේ ඉඩක් තිබේ නම් ෆලුඩා එක රසවත් ඒ වගේම බුහාරියේ වටලප්පම් උනත් ඒ හැටි වරදක් නෑ..තව ත් මෙහි ක්ශනික කෑම වගේම ඉඳි ආප්ප උනත් තියනවා.. විශේශයෙන් මෙහි එනවා නම් අප ඔබට කියන්නේ මෙහි බුරියානියක් රස විඳින්න..
සේවාව
සේවාව විදියට කිව්වොත් ඒ තරම්ම ලොකු හොඳකුත් නෑ නරකකුත් නෑ..අප මේසයට ගිය සැනින් වේටර් වරයෙක් අපි ලඟට පැමිනියා.අපේ ඇනවුමට විනාඩි පහෙන් කැම වර්ග මේසයට ගෙනත් දුන්නා.ඔවුන් අත්තටම ඔබට උදව් කරාවි.ඊට එහා කිව යුක්තක් නෑ.
ගමන් මග
බුහාරි හෝටලය උදෑසන නමයේ පටන් රාත්‍රී දහය පමන වන තුරු විවුර්තයි.කොලඹ කැම කඩ සොයමින් නගරයේ වීදි පුරා සැරිසරන බඩජාරියෙක් නම් ඔබත් එක් වරක් හෝ බුහාරි හෝටලයෙන් බුරියානියක් කන්න. අංක එකට ම නැතත් එහි ඇත්තටම රසයක් තියනවා.ගිහින්ම බලන්න
-
1 නැගෙනහිර වෙරලේ අසිරිය දකිමින් රසවත් ආහාර වේලක් ගන්න එන්න Sea Breeze Restaurant – Kalmune
-
2 රත්නපුර නගරය පසුකරන අයට ගොඩවෙන්න පුලුවන් රස නවාතැන Garland Cafe – Rathnapura
-
3 යාපනේ විදියට සාක්කුවට පහසුවට රසවත් වෙජ්ටේරියන් කෑම වේලකට නල්ලුර් භවාන් Nallur Bhavan – Jaffna
-
4 අතේ ඇති මිලට බඩපිරෙන්න කන්න එන්න කලුබෝවිල Candle Light Hut
-
5 කොත්තුවක් ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න කියාපු කුරුවිට Palm Garden Travellers Paradise
-
6 Singharaja Bakery & Restaurant – Aluthgama සාක්කුවට පහසුවෙන් රසවත් ආහාර වේලකට අළුත්ගම සිංහරාජ අවන්හල
-
7 Donett’s Restaurant – Puttalam පුත්තලමේ පුන්චි පහේ රසවත් නවාතැන ඩොනෙට්ස්
-
8 Long Tang Trincomalee – ත්රීකුනාමලය නගරයේ පිහිටි සුපිරි චීන ආහාර අවන්හල ලෝන්ග් ටැන්ග් සී ෆුඩ් චයිනීස් රෙස්ටුරන්ට්
-
9 P N Fernando Seafood Palace – Ja ela ජා ඇල ඇවිත් ඇතිවෙන්න සී ෆුඩ් කන්න පී එන් ෆර්නැන්ඩු සී ෆුඩ් පැලස්
-
10 Athula Restaurant – Dambulla ගමේ රහට කන්න දඹුල්ල නගරයේ අංක එකේ බුෆේ අවන්හල අතුල රෙස්ටොරන්ට්