කන්න බොන්න කලින් එන්න

Rio Ice Cream – Wellawaththa ගෙවන මිලට ඇතිවෙන්න රසවත් අයිස් ක්‍රීම් එකක් කන්න රියෝ අයිස් ක්‍රීම්

banner

යාපනේ නගරයේ වීදියක ඇවිදින අතර කාගෙන් හරි ඔබ ඇහුවොත් හොඳ අයිස් ක්‍රීම් කඩයක් ගැන සියයට අනූනවයකගේම පිලිතුර වෙන්නේ රියෝ අයිස් ක්‍රීම් .යාපනය නගරයේ කුඩා අයිස් ක්‍රීම් කඩයක් ලෙස ඇරඹුන රියෝ අයිස් ක්‍රීම් වලට අවුරුදු 40කට එහා අතීතයක් තියනවා.යාපනයේ රියෝ අයිස් ක්‍රීම් අවන්හල ලංකාව පුරාවටම ජනප්‍රිය තැනක්. කවුරු හරි යාපනේ ගියොත් රියෝ අයිස් ක්‍රීම් එකක් කෑවේ නැත්නම් වැඩක් නෑ. ඒ තරමටම රියෝ අයිස් ක්‍රීම් ප්‍රනීතයි.

ඒ ප්‍රනීත තත්වයේ රියෝ අවන්හලක් අගනුවරට කිට්‍ටුවෙන් වැල්ලවත්ත මැරීන් ඩ්‍රයිව් එකේ ඔවුන් පවත්වාගෙන යනවා.යාපනේ ගිහින් රියෝ අයිස් ක්‍රීම් රස බලන්න බැරිවෙන කොයි කාටත් මෙතනට ආවොත් ඒ රසය විඳින්න පුලුවන්.මුහුද පෙනෙන දුරින් ඉඳගෙන රසවත් අයිස් ක්‍රීම් එකක රස බලමින් රසවත් හැන්දෑවකට මෙතන ඉස්තරම්

වටපිටාව

rio3

මෙතන ඉතාම පිරිසිදුයි.ඉතා අනර්ග ලෙස ගොඩනැගිල්ල නිර්මාන්ය කරලා තියනවා.සැප පහසුවට කල මේස පු‍ටු ගොඩනැගිල්ල ඇතුලත සහ පිටත අසුරා තියනවා. අපිට කැමති නම් ඇතුලේ හෝ පිටත හිඳගෙන අයිස් ක්‍රීම් රස බලන්න පුලුවන්.හොඳම නම් එලියේ මේසයකට වෙලා මුහුදු හුලඟේ පහස විඳින ගමන් අයිස් ක්‍රීම් එකක් රස බලන එක.විවිද වර්ගෑ අයිස් ක්‍රීම් වලින් හැඩවුනු බිත්ති අවන්හලට අලංකාරයක් එක් කරනවා.එක වර වැඩි පිරිසකට අයිස් ක්‍රීම් රස බලන්න පුලුවන්.ඉඩ කඩ අඩුපාඩුවක් නම් නෑ. ඒත් වාහනයක් පාක් කරනවා නම් පොඩි ඉඩක් තමයි තියෙන්නේ.
බඩජාරි මෙනුපත

rio

මෙතන අයිස් ක්‍රීම් වර්ග එක එක නම් වලින් තියනවා. මෙනු එක විවිදාකාරයි.ගොඩ දෙනෙක් මෙතනට ආවොත් ඇනවුම් කරන අයිස් ක්‍රීම් එකක් තමයි ජම්බෝ අයිස් ක්‍රීම් එක.අඹ අන්නාසි පැපොල් රස පලතුරු එකතුවක් එක්ක පාට පටින් ඒක යුක්තයි. මිල වෙන්නේ රුපියල් 250ක් වගේ. ගෙවන මිලට ගොඩාක් ලැබෙනවා. ඒවගේම ජනප්‍රිය අයිස් ක්‍රීම් වර්ග වලට වඩා හොඳ මට්ටමේ රසක් රියෝ අයිස් ක්‍රීම් වල තියනවා.චොකලට් හරි ෆෘට් ඇන්ඩ් නට් අයිස් ක්‍රීම් හරි කෝන් එකත් ඉතා රසවත්. එහි කෝන් එක නම් ටිකක් හයියයි.මෘදුවට හැපෙන්නේ නෑ. ඒත් අයිස් ක්‍රීම් රස එහි කෝන් එකේ අවුල මකා දමන්නට සමත්.රියෝ ස්පෙශල් අයිස් ක්‍රීම් එකත් හොඳයි.උත්සහා කරනවා නම් ඒ කත් නරක නෑ.එහි විවිදාකාර පලතුරු රසට ජෙලි සහ කජු ඇතුලත්.Rio Sundae එකක් 250යි. වැඩිපුර චොකලට් රසට කැමති කාටත් ඒක කදිම තේරීමක්.පෙනුමටම ඉස්තරම්. කටට කෙල උනන සුලුයි. ඒ වගේම ප්‍රමානයත් විශාලයි.

rio6

දෙන්නෙක් ඇවිත් අයිස් ක්‍රීම් කනවා නම් රුපියල් 500ක් වියදම් කරනකොට ඇතිවෙනකන් අයිස් ක්‍රීම් කන්න පුලුවන්.විවිදාකාරයේ අයිස්ක්‍රීම් වර්ග ගනනාවක් 50-300 අතර මිල සීමාවේ පවතින්නේ.මෙහි අයිස් ක්‍රීම් රසවත් . ඒත් යාපනේ තරම්ම රසවත් නම් නෑ.

සේවාව

මෙතන් සේවාව ගැන වරදක් කියන්න බෑ.අයිස් ක්‍රීම් ඇනවුම් කලාම ලැබෙන්න වෙලා ගත වෙන්නේ නෑ.පොඩ්ඩක් වැඩ කරන අය හිනා වෙන්නත් පුරුදු උනා නම් හොඳයි.ගෙවන මිලට හොඳ සේවාවක් ලැබෙනවා.දවල් දොලහේ ඉඳන් රාත්‍රී 10 දක්වා මෙත විවුර්තයි.ඇතුලත ඒ සී කරලා තියනවා.ඒ වගේම අයිස් ක්‍රීම් ගෙනියන්නත් පුලුවන්.

මග

මෙතන පිහිටා තියෙන්නේ වැල්ලවත්ත දුම්රිය නැවතුම පේන දුරින්.මැරීන් ඩ්‍රයිව් එකේ.ගාලු පරේ ඉඳන් එනවා නම් කොලඹ පැත්තේ ඉඳන් ඇවිත් දුම්රියපල පාර දිගේ මැරීන් ඩ්‍රයිව් එකට ගිහින් මදක් ඉස්සරහට යන්න. පෙනේවි රියෝ අවන්හල.

ගෙවන මිලට ඇතිවෙන්න රසවත් අයිස් ක්‍රීම් එකක් කන්න ඇවිත් බලන්න.නැවතත් මෙතනට එන්න හිතේවි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *