ඇඹිලිපිටිය නගරයේ අවන්හල් අතුරින් අංක එකේ දේශීය ආහාර පිරිනමන තැනක් විදියට සමන් බුෆේ එක නම් කරන්න පුලුවන්. නගරය මැද පිහිටි මේ අවන්හල මේ අවට ඉන්න ඕනි කෙනෙක් ගේ රස නවාතැනක්.අද අපි ගොඩ උනේ ඇඹිලිපිටියේ පිහිටි සමන් බුෆේ එකට.
වටපිටාව.
මෙතන නගරයේ උනත් ඇතුලට වන්නට පිහිටි නිසාවෙන් ගහකොල වවලා වටපිටාව හොඳ මට්ටමක තියෙනවා.එලියේ පාකිං වලටත් යම් ඉඩක් පවතින එක හොඳයි.ඇතුලත ආහාර ගන්න කොටසේ උඩට ගෝනි වලින් බැදි වියන අමුතු වෙනසක් අවන්හලට ගෙනත් කියන්න පුලුවන්.දිගු මේස සහ ඒ සඳහා දැමූ ප්ලාස්ටික් පුටු එතරම් සැපක් නම් නෑ.ඒත් ගොඩ දෙනෙක්ට එකට ඉඳගෙන කන්න පහසුකම මෙතන තියනවා
බඩජාරි මෙනුපත
මෙතන් කැම රස නම් සුපිරි මට්ටමේ එකක්.ඒ පිලිබඳ හොඳම නිදසුන තමයි මෙතනට දිවා කාලයේ කෑම කන්න එන පිරිසා.දවල් ආහාර වේලට මෙතන පිරී ඉතිරී යනවා.මෙත දේශීය ආහාර වගේම චීන රසට ආහාර වර්ගත් කන්න ගන්න පුලුවනි.කැම ඉතාම රසයි.චීන ක්‍රමයට පොකිරිස්සන් පවා කන්න ගන්න පුලුවන්.අපි සාමානය විදියට රයිස් ඇන්ඩ් කරී වගේම ෆ්‍රයිඩ් රයිස් මික්ස් රයිස් වගේ රයිස් වර්ග බොහොමයක් ඔවුන්ගේ මෙනු එක සතුයි.කෑ හැම වෙලේම උනු උනුවේ ඒ වගේම ටිකක් සැරට කන්න ගන්න මෙහිදී පුලුවනි.සමානයයෙන් බුෆේ එක රුපියල් 300ක් වගේ වෙන්නේ.ඉතින් මේ මිලට මේ කෑම එක ඉතාම වටිනවා කියන්න පුලුවනි.
සේවාව
මෙතන ඉන උදවිය හොඳින් මිත්‍රශීලී අය. ලොකු සේවාවක් බලාපොරොත්තු වෙන්න නම් බෑ.කොහොම උනත් ඔබට කැමති කෑම වේල කැමති විදියට ලබාදෙන්න මේ අය සැදී පැහැදී ඉන්නවා
මග
මේ අවන්හල පිහිටන්නේ ඇඹිලිපිටිය නගර මැද.හරියටම කිව්වොත් බස් නැවතුමට ඉදිරිපසින් .ඉතින් කාට උනත් හොයාගන්න එක නම් අපහසු වෙන්නේ නෑ.නගරය මැද ඇති කඩ අතර ටිකක් අමාරු උනොත් කාගෙන් හරි අහන්න සමන් බුෆේ එක ගැන .ඕනි කෙනෙක් පාර පෙන්වාවි
මෙහි දුරකථන අංකය වෙන්නේ 047 2230930/047 4 931260.ඔබත් දිගු ගමනක් යන අතර මග රසට කෑම වෙලක් කන්න යන්න හොඳ තැනක් විදියට Saman Buffet Embilipitiya එක හඳුන්වලා දෙන්න පුලුවන්.
-
1 සීගිරිය බලන්න ඇවිත් කටට රසට කන්න එන්න Royal Sigiriya Restaurant
-
2 නිවාඩු පාඩුවේ ආහාර වේලක් ගන්න පොලොන්නරුවේ තිදස් අරනට ගොඩ වෙමු – Thidas Arana Polonnaruwa
-
3 අතේ ඇති මිලට රසට කන්න එන්න අනුරාධපුරේ The Walkers Restaurant Anuradhapura
-
4 රසවත් කෝපි කෝප්පයක රස බලන්න එන්න නාරම්මල අමාකී කැෆේ Cafe Amakie – Narammala
-
5 Humbug Restaurant haggala ස්ට්රෝබෙරි රසට කෑම කන්න එන්න හක්ගල හම්බග් අවන්හලට
-
6 Mama’s Restaurant- Kirinda පුන්චි පහේ කඩේකින් රසවත් දිවා ආහාරවේලක් කිරින්දේ මමාස් බුෆේ
-
7 AMRO Vegetarian Cafe – Nugegoda දේශීය නිර්මාංශ කෑම වේලක් කන්න එන්න නුගේගොඩ අම්රෝ අවන්හලට
-
8 Kingspark Restaurant – Nugegoda දවසේ පැය 24ම කන්න ගන්න කින්ග්ස්පාක් අවන්හල
-
9 Five Star Bakers – Rathmalana තරු පහේ නමක් තියන පුංචි බේකරි අවන්හල
-
10 Diyaluma Falls In – Koslanda දියලුම බලන්න යනවා නම් කන්න දියලුම ෆෝල්ස් ඉන්
I have been there. We were about 100 people and couldn’t find a proper place to eat. Somebody in the town told us about the place and we just went to see. But the owner was very kind and he somehow arranged food for all of us within an hour for a reasonable price. Highly recommended.