නුවර ආවොත් රසට අයිස් ක්‍රීම් එකක් කන්න පුලුවන් තැනක් ගැනයි අද අපි කියන්න යන්නේ. මෙතන නම ද සෝයා සෙන්ටර්.සිංහලෙන් කිව්වොත් සෝයා ආහාර මධ්‍යස්ථානය.නුවර කොටුගොඩැල්ල වීදියේ තියන මේ අවන්හල ගොඩක් ප්‍රසිද්ධ සෝයා අයිස් ක්‍රීම් වලට. ඒත් තවත් බොහොමයක් කෙටි ආහාර සෝයා වලින් හදලා මෙහි ගන්න තියනවා. ඉතින් රස වගේම ගුනත් ගොඩක් වැඩියි මෙහි කෑම වල.
වටපිටාව
මෙතන මුලින්ම දකින කොට නම් එතරම් ප්‍රිය මනාප බවක් ඇති වෙන් නෑ.නුවර වයි එම් සී ඒ ගොඩනැගිල්ලට ඇතුලුවෙන තැනමයි මේ ආහාර කඩේ පිහිටන්නේ.අවන්හල ඉදිරිපස ලොකු අයිස් කෝන් දෙකක් තිබෙනවා.. මෙහි බිත්ති නම් ගොඩ කලෙකින් පේන්ට් බ්‍රශ් එකක් දැක නැති පාටයි. මෙහි අයිනට වන්නට හිඳගත්තොත් අවට වීදියේ වෙන දේවල් හොඳින් නරඹන්න පුලුවන්.නුවර නගරයේ කාර්යබහුල බව මෙතනට හොඳින් දැකගන්න පුලුවන්.
බඩජාරි මෙනුපත
අපිත් මුලින්ම රස බැලුවේ හැම දෙනාම රසයි කියන සෝයා අයිස් ක්‍රීම් එකක්. ඒ වගේම චොකලට් දැමූ සෝයා අයිස් ක්‍රීම් එකක්. රස විශිශ්ඨයි. චොකලට් සෝයා අයිස් ක්‍රීම් එකත් පට්ට. කිසිම අයිස් ක්‍රීම් එකක සෝයා රසක් නෑ. නියම අයිස් ක්‍රීම් රස එහි තියෙනවා. ඉතාම ප්‍රනීතයි. ඔබ නුවර ආවොත් සෝයා අයිස් ක්‍රීම් එකක් කන්න . අපි ඔබට යෝජනා කරනවා..
මීට අමතරව මෙහි සෝයා වලින් සෑදූ පේස්ට්‍රි පැටිස් කට්ලට් කේක් යෝගට් වගේ ලොකු මෙනු එකක් යටතේ කෑම ගන්න පුලුවන්.ගොඩ දෙනෙක් මෙහි සෝයා රොටි එකත් කැමැත්තෙන් රස බලනවා. අපට නම් රස බලන්න බැරි උනා.
සේවාව
ඔවුන් ගේ සේවාව හොඳයි. කාර්ය මංඩලය උනත් සුහදශීලී. මෙතන හොඳින් පිරිසිදුව පවත්වාගෙන යන්න උත්සහ කරනවා. ඔවුන් අයිස් ක්‍රීම් එකක් පාරිබෝගිකයන්ට පිරිනමන්නේ පේපර් සර්වියට් එකක් මත තියා ගෙන.සමස්තයක් විදියට ඔවුන් ඔබට හොඳ සේවාවක් ලබාදෙනවා
මග
මෙතනට එනව නම් නුවර කොටුගොඩැල්ල වීදියේ එන්න ඕනි.කාගෙන් හරි වයි එම් සී ඒ එකට යන්න පාර ඇහුවා නම් හරියටම හරි. මේ තැන පිහිටා තියෙන්නේ වයි එම් සී ඒ එකට යාබදවමයි
ඔබත් නුවර ආපු වෙලාවක ඇවිත් මේ අලුත් අත්දැකීමත් විඳගන්න.!!!
-
1 නැගෙනහිර වෙරලේ අසිරිය දකිමින් රසවත් ආහාර වේලක් ගන්න එන්න Sea Breeze Restaurant – Kalmune
-
2 රත්නපුර නගරය පසුකරන අයට ගොඩවෙන්න පුලුවන් රස නවාතැන Garland Cafe – Rathnapura
-
3 යාපනේ විදියට සාක්කුවට පහසුවට රසවත් වෙජ්ටේරියන් කෑම වේලකට නල්ලුර් භවාන් Nallur Bhavan – Jaffna
-
4 අතේ ඇති මිලට බඩපිරෙන්න කන්න එන්න කලුබෝවිල Candle Light Hut
-
5 කොත්තුවක් ආප්පයක් කාලා ප්ලේන්ටියක් බොන්න කියාපු කුරුවිට Palm Garden Travellers Paradise
-
6 Singharaja Bakery & Restaurant – Aluthgama සාක්කුවට පහසුවෙන් රසවත් ආහාර වේලකට අළුත්ගම සිංහරාජ අවන්හල
-
7 Donett’s Restaurant – Puttalam පුත්තලමේ පුන්චි පහේ රසවත් නවාතැන ඩොනෙට්ස්
-
8 Long Tang Trincomalee – ත්‍රීකුනාමලය නගරයේ පිහිටි සුපිරි චීන ආහාර අවන්හල ලෝන්ග් ටැන්ග් සී ෆුඩ් චයිනීස් රෙස්ටුරන්ට්
-
9 P N Fernando Seafood Palace – Ja ela ජා ඇල ඇවිත් ඇතිවෙන්න සී ෆුඩ් කන්න පී එන් ෆර්නැන්ඩු සී ෆුඩ් පැලස්
-
10 Athula Restaurant – Dambulla ගමේ රහට කන්න දඹුල්ල නගරයේ අංක එකේ බුෆේ අවන්හල අතුල රෙස්ටොරන්ට්
Niyama thanak !!