කන්න බොන්න කලින් එන්න

එක එක දවසට එක එක විදියට බොජුන් හල හම්බන්තොට – Bojun Hala Hambanthota

banner

ශැන්ගිලා හෝටල් ජාලයේ බොහොමයක් අවන්හල් ලංකාව තුල සේවය සපයනවා.ඒ හෝටල් අතර ඉතා සුපිරි මට්ටමේ අවන්හල් ජාලයක් ඔවුන් මේ හෝටල් තුල පවත්වාගෙන යනවා.බොජුන් හල නමින් ඔවුන්ගේ හම්බන්තෝ පිහිටි ශැන්ගිලා රෙසෝට් හි ඉතා ඉහල මට්ටමේ අවන්හලක් පවත්වාගෙන යනවා.ටිකක් අත දිග ඇරලා වියදම් කරන්න පුලුවන් නම් ඉතා හොඳ මට්ටමේ අත්දැකීමක් ගන්න යන්න මේ අවන්හල කදිම තැනක්

වටපිටාව

bojunhala2

මේ අවන්හල පිහිටන්නේ ශැංගිලා හෝටල් පරිශ්‍රයේ.ඉතා අලංකාර නවීන පන්නයේ පෙනුමකින් මේ අවන්හල යුක්තයි.අවන්හලේ පූල් එකට මුහුනලා පිහිටන අවන්හල ඈතින් දිස්වන හැටිත් අනර්ගයි.ඉතා සුව පහසු පු‍ටු සහ මේස දෙදෙනෙක් ගේ ඉඳන් ලොකු පිරිසකට එකට ආහාර ගන්න පුලුවන් වෙන විදිය දක්වා සකස් කරලා තියනවා.සියලුම දේ ඉතා පිලිවෙලට පිරිසිදුවට යන එන අයට ප්‍රියජනක වෙන විදියට මේ අවන්හලේ ඇතුලත සකස් කරලා තියනවා

මෙනුපත

bojunhala1

මෙහි උදෑසන දවල් සහ රාත්‍රී වරු තුනට ආහාර සපයනවා.ප්‍රධාන වෙන්නේ බුෆේ එක.බුෆේ එක තුන් වේලටම තියනවා.දේශීය ක්‍රමයට හදන කාම වගේම ඉන්දියානු තායි ඉතාලියානු ජපන් කෑම වර්ග මෙතනට ආවොත් කන්න ගන්න පුලුවන්.මේ බුෆේ එක ඉතා ලොකු විවිදත්වයකින් යුක්තයි.දේශීය ආහාර වර්ග ඉතා රසවත්.ඒ වගෙමයි ඔබ සතියේ දවස් හතම එක දිගට කෑවත් ඒ ඒ දවසට මේ මෙනු එක වෙනස් වෙනවා කියන්න ඕනි.

bojunhala3

කැම විදියට මේ ප්‍රධාන කෑම වර්ග වලට අමතරව පැස්ටා වර්ග පීසා ආප්ප කොත්තු වර්ග වගේ විවිද කෑමත් ඉතා දිග ඩෙසර්ට් මෙනු එකකුත් මේ අවන්හලට ආවොත් කන්න ගන්න පුලුවනි.මේ කෑම වර්ග බොහොමයක් එවෙලේ හදලායි දෙන්නේ.ඔවුන්ගේ උයන තැනත් අවන්හල ඉදිරිපසමයි පිහිටනේ.අවන්හලේ සුදු පැහැ ඇදුමින් කඩිසරව උයන කටයුතු වල නිරත අය ත් මේ අවන්හලට අලංකාරයක් ගෙනහ් කියන්න පුලුවන්.

සේවාව

මේ අවන්හලේ සේවාව ඉතා උසස් මට්ටමේ එකක්.ඔවුන් මේ සදහා පුහුනුව ලත් අය බව පේනවා.ඉහාම විනීතව මෙහි එන අයට ඔවුන් කඩිසරව සේවාව සපයන හැටි දැකගන්න පුලුවන්.ඉත ඉහල මට්ටමේ ආගන්තුක සත්කාර විඳගන්න ඔබට මේ අවන්හලට ආවොත් හැකියි.

මග

මේ අව්න්හල පිහිටන්නේ අම්බලන්තොට සහ හම්බන්තොට අතරමැද හරියේ.අම්බලන්තොට නගරයේ ඉඳ්න් හම්බන්තොට පැත්තට කිලෝමීටර් 5ක් වගේ යනකොට පාරෙන් දකුනු අත පැත්තට යන්න ශැංගිලා හෝටලයේ නාම පුවරු හොඳින් දර්ශනය කරලයි තියෙන්නේ.ඔබ මේ රෙසෝට් එකට ආවොත් බොජුන් හලට ගොඩ වෙන්න පුලුවන්,

ඉතා සැප පහසු නවීන වටපිටාවක රසවත් කෑම් වේලක් කන්න හිතුනොත් ඔබට බොජුන් හලට එන්න පුලුවන්.එක්කෙනෙක්ට බුෆේ වේලකට තුන් හාරදාහක් වියදම් කරන්න නම් වෙනවා.මෙහි දුරකථන අංකය වෙන්නේ 11 2 552060.ටිකක අත දිග ඇරලා වියදම් කරන්න කෑම්ති නම් මේ අවන්හල හොඳ ‍තෝරාගැනීමක්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *