පැල කියන්නේ තිඹිරිගස්යාය හංදියට කිට්‍ටුවෙන් පිහිටන කඩයක්. මෙහි කෑම දෙන්නේ දවල් වේලාවට විතරයි. ගොඩක් ඒ අවට කාර්‍යාල වල සේවය කරන අය මෙතනින් තමයි ආහාර ගන්නේ. ගෙවන මිලට හොඳ කෑම එකක් ගන්න පුලුවන් තැනක් තමයි පැල කියන්නේ
වටපිටාව
මෙතන ඉතා කුඩා තැනක්. පැල කියලා ඉස්සරහින් පොඩි බෝඩ් ලැල්ලක් දාලා තියෙයි. කඩේ විවුර්ත කරන්නේ දවල් 12න් පස්සේ. ඒ වෙලාවට ඉතින් ගොඩාක් කාර්‍ය බහුල වෙනවා.අවට වැඩ කරන අයගෙන් තමයි පිරෙන්නේ. තමුන්ගේ වෙලාව එනකන් ටිකක් ඉවසන්න වෙනවා බොහෝ වෙලාවට. මෙතන ඉඳන් කන්න උනත් අවුලක් නෑ. ඇතුලත ටිකක් අඳුරුටි. කෑම තියලා තියෙන්නේ බුෆේ විදියට මුට්ටි වල උඩින් පොල් අතු වලින් හෙවිල්ලපු පියස්සක් සහිත කොටසක.කැම හොඳින් පිරිසිදුවට තියෙනවා
බඩජාරි මෙනු පත
මෙතන කැම වෙන තැනක උයලා තමයි ගෙනෙන්නේ. ඔබට තෝරා ගන්න හොඳ විවිදත්වයක් තියනවා. මස් මාලු බිත්තර වලට අමතරව ඉස්සෝ දැල්ලෝ වගේම ඌරු මසුත් ගන්න පුලුවන්.ඒක ලොකු විශේශත්වයක්.ගොඩක් වෙලාවට මෙහි ඌරු මස් ගන්න පුලුවන්. කැම ඉතා පිරිසිදුයි.. දැලෝ ඉස්සෝ කෑම එකක් යන්නේ 150ක් වගේ මිලකට. රස හොඳයි. මේ බත් උනත් ඉතා හොඳ හාලක් වගේ දැනෙනවා. මාලු පිනි නම් හොඳම තත්වගේ ලුනු ඇඹුල් හොදට පදමට දාලා.බත් එකේ ලොකූ අවුලක් දැන්නේ නෑ.ති වෙන්න බත් ලැබෙනවා. ඒක ඇති බඩ පිරෙන්නම. මෙතන දවල්ට විතරයි ජෑම දෙන්නේ.මෙතන ෆ්‍රයිඩ් රයිස් එකත් පන්කාදුයි. ඒකක් 180ක් වෙනවා. බැදපු කුකුල් අන්ඩක් එක්ක තම්බපු බිත්තරයක් සෝස් එකතු කරපු ලූනු සම්බෝලයක් සහ අන්නාසි පෙත්තකුත් ඒකට ඇතුලත්.. නාසියත් රසයි.. ඒක 200ක් වෙනවා..වට පිටේ අනික් තැන් වලට සාපේක්ශව 200කට අඩුවෙන් රසට පිරිසිදුව කෑම එකක් ගන්න හොඳම තැනක් තමයි පැල කියන්නේ.
සේවාව
මෙතන සල්ලි ගන්න සහ කෑම දෙන්න පෙලක් වෙලාවට ඉන්න එකම කෙනා. ඉතින් ටිකාක් වෙලා පෝලිමක් තිබුනොත් නම් ඉවසන් ඉන්න වෙනවා.මෙතනට නිතර එන්න පුරුදු වෙච්ච පිරිසක් ඉන්නවා. කොහොම උනත් සෙනග ඉන්න වෙලාවට ටිකක් කරදර ගතියක් දැනැයි.. ඔවුන් කෑම බෙදනකොට ඔබට අවශ්‍ය දේ පිඟානට එක් කරගන්න පුලුවන්. ඒ අතින් හොන්දයි.පෙලක් වෙලාවට සේවකයෙකුත් න්නවා. ඒවගේම බත් බෙදන්න කෙනෙකුත් තව ඉන්න වෙලාවල් තියනවා. එහෙම වෙලාවට නම් ඒ තරම් පරක්කුවක් නෑ.
මග
මෙතනට එනවා නම් තිඹිරිගස්යායේ කලර් ලයිට් එකෙන් ජාවත්ත පාරට හැරිලා මීටර් 50ක් වගේ එන්න ඕනි ජාවත්ත පැත්තට. පොඩි ඉඩක පිහිටන නිසා එක පාර පේන්නේත් නෑ.පැල කියලා බෝඩ් එකක් ඇති පොඩියට. සිංගර් එකට මෙහායින් තමයි ඇතුල් වෙන්න තියෙන්න.
අතේ ඇති මිලට රසට කෑම එකක් පිරිසිදුවට කන්න තිඹිරිගස්යායට ආවොත් ඔබත් රස බලන්න මෙතනින්. අපි කලිනුත් කිව්වා වගේ රයිස් ඇන්ඩ් කරි එකක් ඌරු මස් එක්ක කන්න. පන්කාදුයි
-
8 Long Tang Trincomalee – ත්‍රීකුනාමලය නගරයේ පිහිටි සුපිරි චීන ආහාර අවන්හල ලෝන්ග් ටැන්ග් සී ෆුඩ් චයිනීස් රෙස්ටුරන්ට්
-
9 P N Fernando Seafood Palace – Ja ela ජා ඇල ඇවිත් ඇතිවෙන්න සී ෆුඩ් කන්න පී එන් ෆර්නැන්ඩු සී ෆුඩ් පැලස්
-
6 Singharaja Bakery & Restaurant – Aluthgama සාක්කුවට පහසුවෙන් රසවත් ආහාර වේලකට අළුත්ගම සිංහරාජ අවන්හල
-
8 Long Tang Trincomalee – ත්‍රීකුනාමලය නගරයේ පිහිටි සුපිරි චීන ආහාර අවන්හල ලෝන්ග් ටැන්ග් සී ෆුඩ් චයිනීස් රෙස්ටුරන්ට්