කන්න බොන්න කලින් එන්න

A & M Cup Cake – Kollupitiya විවිද රසයෙන් කප් කේක් ගන්න A & M කප් කේක්

banner

ඒ ඇන්ඩ් එම් කියන්නේ කොල්ලුපිටියේ පිහිටලා තියන තරමක් වෙනස් විදියේ අවන්හලත්. ඔවුන් මූලිකවම කරන්නේ කප් කේක් අලෙවි කරන එක. විවිද රසයෙන් කප් කේක් ගන්න මෙතන කියාපු තැන. අගනුවර රසම රස කප් කේක් අවන්හල් අතර ඉස්සරහින්ම කියවෙන නමක් තමයි A & M කප් කේක්.ඔබේ සේවය කරන තැනට හරි උපන්දින සාදයක් වගේ උත්සවයකට හරි කප් කේක් ගන්න ඕනි උනොත් මෙතන හොඳයි.

වටපිටාව

a&m1

මෙතන හොඳින් පිරිසිදුව පවත්වාගෙන යනවා.කුඩා ඉඩක් උනත් හොඳින් නඩත්තු කරන බව පේනවා. බිත්ති මත කලු බෝඩ් එකකක් ඔවුන්ගේ කප් කේක් සහ අනෙකුත් ආහාර වර්ග වල මිල ගනන් ඔවුන් සටහන් කරලයි තියෙන්නේ. එය මෙහි යන එන අයට පහසුවක්.ඇතුලට ඔබත් ආවොත් දැනේවි ඉතාමත් ප්‍රනීත ප්‍රියදායී සුවඳක්.ලොකුම ප්‍රශ්නයකට තියෙන්නේ මෙතන ඉඳන් කප් කේක් කන්න වටපිටවක් නම් නෑ. ගෙනිහින් කන්න තමයි වෙන්නේ.

බඩජාරි මෙනුපත

a&m2

මෙතන කප් කේක් වගේම කේක් වර්ග බ්‍රවුනීස් චීස් කේක් වගේ ඒවත් ගන්න පුලුවන්.බ්‍රවුනීස් එක ඉතාම රසයි.එකක් කෑවොත් තව එකක් කන්න බල කරන තරමටම එය රසවත්.ඒකක් 180ක් වෙනවා.චොක්ලට් කප් කේක් එකත් මෙහි එන ගොඩක් දෙනෙක් ප්‍රිය කරනවා.ඒකක් 140යි.ආමන්ඩ් රෝස්ට් එකත් ඉතා රසවත් කප් කේක් එකක්.පැනි රස ගතිය නම් උපරිමයි.වැනිලා කප් කේක් එක වැනිලා රසයෙන් චොකෝ ඇඩික්ට් එකේ උඩින් චොකලට් අතුරලා. කප් කේක් හොඳින් මෘදුවට හැපෙනවා. දිවගට අමුතුම රසයක් එකතු කරනවා.

මෙහි කේක් ස්ට්‍රෝබෙරි ගැටෝ,වැනිලා කේක් වගේ වෙනස් විදියට ගන්න පුලුවන්.ඔබට එහි යමක් ප්‍රින්ට් කරගෙන ගන්න ඒ පහසුකමත් ඔවුන් සලසනවා.උපන්දින සාදයකට වගේ නම් ඒ අදහස ඉස්තරම්.

සේවාව

මෙතන කුඩා තැනක් උවත් නිතරම පාරිබෝගිකයන් ගැවසෙනවා. ඒත් එතරම් කාරය බහුල නෑ.ඉක්මනට අවශ්‍ය දේ ගන්න පුලුවන්. වැඩ කරන අයත් ප්‍රියමනාපයි ආචාරශීලියි.

මග

මෙතනට එනවා කොලඹ ඉඳන් එනවා නම් ගාලු පාරේ ඇවිත් කොල්ලුපිටිය හංඳිය පහුවෙලා ෆැශන් බග් එකත් පහු වෙලා පාරෙන් දකුනු අතට තියන ටෙම්පල් ලේන් එක ගාලු පාර හමුවෙනකන් ආවනම් දකුනු අත පැත්තෙයි පිහිටන්නේ.බෙය ෆුට් ආයතන ඉදිරිපස

උදේ දහයේ ඉඳන් සවස 6.30 පමන වෙනකන් විවුර්ථයි.කාඩ් මගින් ගෙවීමේ පහසුවත් සහිතයි.ඔබටත් නිකමට කප් කේක් එකක් කන්න හිතුනොත් ඇවිත් යන්න හොඳ තැනක් A & M කප් කේක්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *