කන්න බොන්න කලින් එන්න

අතේ ඇති මිලට ඇති වෙන්න කන්න කතරගම The chill Restaurant

banner

කතරගම නගරය කියන්නේ ගොඩ දෙනෙක් සංචාරය සඳහා ‍තෝරාගන්න ගමනාන්තයක් .ඒ කතරගම පූජා නගරය වැඳ පුදා ගන්නට වගේම යාල වනෝද්‍යානය නරඹන්න යන එන අය බොහොමයක් මෙහි පැමිනෙනවා.මෙහෙම එන සංචාරකයන්ට හොඳ මට්ටමේ අවන්හලක් හොයා ගන්න එක ටිකක් අමාරු වැඩක්.ගොඩක් පිරිසිදුකම අතින් කතරගම නගරයේ අවන්හල් වල තත්වය එතරම් හොඳ නෑ.කොහොම උනත් අතේ ඇති මිලට හොඳ තත්වයේ කෑම වේලක් ගන්න පුලුවන් කතරගම ප්‍රදේශයේ අවන්හලක් ගැනයි අපි අද කියන්න යන්නේ.මේ අවන්හල නමින් ද චිල් අවන්හල.

වටපිටාව

chill2

මේ අව්නහල පිහිටන්නේ නගරය මැද්දට වෙන්නටයි.මේ අවන්හල පාරට මුහුනලායි තියෙන්නේ.වාහනයක් පාක් කරන්න නම් කිසිම ඉඩකඩක් මේ අවන්හල සතු නෑ.අවන්හල ඇතුලත කුඩා එකක්.එක වර හාර ගන්න පුලුවන් වෙන්නේ 20-30කට වගේ පිරිසකට විතරයි.එක මේසයක 4 දෙනෙක්ට අසුන් ගන්න පුලුවනි.අවන්හලේ වහල සමාන්තර දුරකින් පිහිටන ආලෝක බුබුලු වලින් වර්න ගන්වලා තියෙන්නේ.අවන්හල ඇතුලත ටිකක් විතර රස්නෙයි.ඒ රසනය අඩු කරන්න ෆැන් සවි කරලා තියනවා.අවන්හල ඇතුලත පිරිසිදුව තියනවා කියන්න පුලුවනි.

thechill1

මෙනුපත

chill3

මේ අවන්හලේ ප්‍රධාන ආහාර වේලට මාලු පිනි 5ක් එක්ක රයිස් ඇන්ඩ් කරි කන්න ගන්න පුලුවනි.ඒ වා චිකන් ‍ෆිශ් වෙජිටබල් වගේම එලවලු විදියට කන්න ගන්න පුලුවනි.ඒවායේ මිල 120-180 ක අතර මිලකට කන්න ගන්න පුලුවනි.ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් චිකන් චොප්සි සහ චිලි පේස්ට් එක්ක කන්න ගන්නත් පුලුවන්.මේ බත් පෝශන් නම් උපරිමයි.මදි නොකියන්න මේසයට එනවා කියන්න ඕනි.සවස් වරුවකට මෙහි ආවොත් කොත්තු සහ ආප්ප කන්න ගන්න පුලුවන්.ඒ වගෙම බිත්තර රොටී පරාටා වගේ කැමත් මස් හොදි එක්ක කන්න ගන්න පුලුවනි.රාත්‍රී වරුවකට ඔබ මෙහි ආවොත් ඔවුන්ගේ නූඩ්ල්ස් මෙනු එකත් ඉතා හොඳ මට්ටමේ එකක් කියන්න පුලුවන්.
මේ කැම වලට අමතරව බයිට් වර්ග ශෝට් ඊට්ස් වර්ගත් කන්න ගන්න පුලුවනි.

thechill12

සමස්ථයක් විදියට මේ අවන්හලේ මිල ගනන් ඉතාම සාධාරනයි.ලොකු පෝශන් එකකුත් ලැබෙනවා.කෑම වල රසත් වරදක් නෑ කියන්න පුලුවනි.

සේවාවා

මෙය පවත්වාගෙන යන්නේ පවුලක් විසින්.ඒ වගෙම තවත් වැඩ කරන අය දෙතුන් දෙනෙක් ඉන්නවා.මෙහි වැඩ කරන සියලු දෙනාම මෙහි යන එන අයට හොඳ සේවාවක් ලබාදෙන්නට සැදී පැහැදී ඉන්නවා.ඔවුන් ඉතා මිත්‍රශිලී අය.ඒ නිසා මෙහි යන එන අයට මේ අවන්හල එතරම් ආගන්තුක බවක් දැනෙන්නේ නෑ.ඒ වගෙම කැම මේසයට ගෙන්න ගන්න වැඩි වෙලාවක් යන්නෙත් නෑ.ඉතින් සේවාව හොඳ මට්ටමේ එකක් කියන්න පුලුවනි.

මග

ඔබ කතරගම නගරයේ බස් නැවතුම්පල පැත්තේ ඉඳන් පූජා නගරය පැත්තට මීටර් 100ක් වගේ යනකොට වම් අතට මුන ගැහැන අභය මාවතේ පුන්චි දුරක් යනකොට පාරෙන් දකුනු අත පැත්තට වෙන්නයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හලේ දුර්කථන අංකය වෙන්නේ 0472236173.ඔවුන් උදේ ඉඳන් මැදියම් ‍රැ වෙනතුරුම විවුර්ථව පවට්තිනවා.ඔබත් කතරගම නගරයේ ඇවිත් අතේ ඇති මිලට හොඳ තත්වයේ ආහාර වේලක් ගන්න The chill Restaurant එකට ඇවිත් යන්න.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *