කන්න බොන්න කලින් එන්න

Coco’s Negombo – එක එක ජාතියේ කෑම එකම තැනකින් කන්න එන්න මීගමුවේ කොකෝස්..

banner

මීගමුව නගරයේ පිහිටි හොඳ මට්ට්මේ ආහාර සපයන අවන්හලක් ගැනයි අද අපි කියන්න යන්නේ.මේ අවන්හල නමින් කොකෝස්.ගොඩක් විවිධත්වයක් තිබෙන මෙනු එකක් මේ අවන්හල සතුයි.මීගමුව නගරයේ බොහොමයක් අවන්හල් විදේශිකයන් ඉලක්ක කර තිබෙන අවන්හල් නිසා ගොඩක් අවන්හල් වල මිල ගනන් අදිකයි.ඒ අතින් බලනකොට මේ කොකෝස් අවන්හලේ කෑම වල මිල සාධාරන මට්ටමේ පවතිනවා

වටපිටාව

cocos

මේ අවන්හල තුන් මහල් ගොඩනැගිල්ලක පහත මාලයේ තමයි පිහිටන්නේ.සැලකිය යුතු තරමේ ඉඩක් වාහන නතර කිරීමට මෙහි පවතිනවා.උදැසන ඉඳන් රාත්‍රී වෙනකන් මෙහි ආහාර සපයනවා.මේ අවන්හල ටිකක් ප්‍රමානයෙන් කුඩායි.නමුත් ඇතුලත මනා ලෙස සකස් කරපු අවන්හලක්.ඇතුලත ඇති පු‍ටු කුශන් කරන ලද ටිකක් උස අඩු පු‍ටු.මේ පු‍ටු ඉතා සැපවත්.දෙදෙනෙකුට හෝ හතර දෙනෙකුට එකට ඉඳගෙන කන්න පුලුවන් වෙන විදියට ඒ මේස පු‍ටු සකස් කරලා තියනවා.අවන්හල ඇතුලත කහ පැහැයට හුරු වෙන ලේ බිත්ති පාට කරල තියෙන්නේ.ඒ අතර ලා කහ පැහැයෙන් රාත්‍රියට දැල්වෙන පහන් මේ අවන්හලට අමුත් ගතියක් එකතු කරලා කියන්න පුලුවන්.අවන්හල ඇතුලේ ෆැන් සවි කරල අතියනවා.ඒ වගෙම මෙහි ඒ සී එකත් හොඳ මට්ටමේ තියනවා කිඅයන්න පුලුවනි.
අවන්හල ඇතුලත ඉතා පිරිසිදුයි.ඉතා හොඳින් මේ අවන්හල පවත්වාගෙන යන බවක් පේන්න තියනවා.

කෑම බීම

cocos2

මේ අවන්හල විවිධාකාරේ කෑම වලින් යුක්තයි.මෙහි බේකරි කෑම වර්ග ,කේක් වර්ග බර්ගර්ස් පීසා වර්ග වගෙම ප්‍රධාන ආහාර විදියට රයිස් වර්ග,රසවත් ඩෙසර්ට් විදියට විවිද වර්ගයේ අයිස් ක්‍රීම් නැවුම් පලතුරු යුශ ගන්න පුලුවනි.

මෙතන බේකරි කෑම ඉතාම නැවුම් ගතියෙන් යුක්තයි.ඒ වා ලොකු මුදලුකුත් නෑ.ඔබ මෙහි ඇවිත් ප්ලේන්ටියක් බීලා රසවත් පේස්ට්‍රියක් කන්න රුපියල් 60ක් 70ක් ඇති වේවි.බේකරි කෑම අතරේ රෝල්ස් පැටිස් බනිස් වර්ග වගේ කෑම ගනනාවක් තියෙනවා.කැමති විදියට කන්න ගන්න පුලුවනි.මේ අවන්හලේ පීසා වර්ගත් කන්න ගන්න පුලුවනි.චීස් පීසා චිකන් පීසා වගේ රුපියල් 100 වගේ මිලට කන්න ගන්න පුලුවනි.ප්‍රමානෙ නම් ටිකක් විතර පොඩියි.හොඳ පීසා එකක් නොවුනත් මේය රස අතින් හොඳ මට්ටමේ තියනවා.

cocos3

රයිස් ඇන්ඩ් කරි චිකන් මාලු හොප වෙජිටබල් විදියට කන්න ගන්න පුලුවනි.ඒ හැම එකක්ම 250ට වඩා මිලෙන් අඩුයි.මේ පෝශන් එක නම් සාමානය මට්ටමේ එකක්.ලැබෙන මස් හෝ මාලු කෑල්ලත් ඒ තරම්ම ලොකු නම් නෑ.ඊට අමතරව ලැබෙන මාලු පිනි ටික නම් ශේප් කියන්න පුලුවනි.මීට අමතරව විවිද වර්ගයේ අයිස් ක්‍රීම් වර්ග 4ක් 5ක් මෙතනට ආවොත් කන්න ගන්න පුලුවනි.ඒ වගෙම පුන්චි කේක් කෑල්ලක් උනත් බත් කාලා ඩෙසර්ට් එකට ගන්න පුලුවනිල්.වැඩි ගානක් වෙන්නේ නෑ.

cocos4

ඒ වගෙම මේ අවන්හලේ සවස් වරුවට කොත්තු මිලට ගන්න පුලුවනි.ඒත් එක්ක කෝපි එකක් බොන්න පුලුවන් නම් හොඳ වෙනස් අත්දැකීමක් කියන්න පුලුවනි.

සේවාව

මේ අවන්හල මෙහි යන එන අයට හොඳ සේවාවක් සලසන බව කියන්න ඕනි.දිවා ආහාරය තියන වෙලාවට නම් මෙතන දේශීය අයගෙන් ටිකක් පිරෙනවා.ඒ කොහොම උනත් මේ අවන්හල කරගෙන යන අය කා එක්ක උනත් හොඳින් කතා බහ කරලා මෙහි යන එන අයට හොඳ සේවාවක් සලසනවා.මෙහි සේවකයනුත් ඉතා ඉක්මානින් මෙහි යන එන අයට සේවය සපයනවා.

ගමන් මග

මේ අවන්හල පිහිටන්නේ මීගමුව නගර මැදට වෙන්නටයි.මීගමුව නගරයේ Sea Street එකේ තමයි මේ අවන්හල පිහිටන්නේ.හරියටම කියනවා නම් ශාන්ත සෙබස්තියන් දෙව් මැදුර ආසන්නයේ.

මේ අවන්හල උදේ 7 ඉඳන් රාත්‍රී 10 පමන වෙනතුරු විවුර්ථව පවතිනවා.මේ අවනලේ දුරකතන අංකය වෙන්නේ 0314547647.ඔබත් මීගමුව නගරය පැත්තේ ආවොත් මේ Coco’s Negombo අවන්හල පැත්තට ඇවිත් රසවත් කෑම වේලක් අරන් යන්න අම්තක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *