කන්න බොන්න කලින් එන්න

Royal Biriyani & BBQ – Wellawaththa සුපිරි මට්ටමේ චිකන් බාබකිව් අඩු මිලකට කන්න රෝයල් බිරියානි

banner

මැරයින් ඩ්‍රයිව් එක දිගේ වැල්ලවත්ත පැත්තට එනකොට තියෙන රසවත් බිරියානි සහ බබකිව් අවන්හලක් ගැනයි අපි කියන්න යන්නේ.බැලූ බැල්මටම හෝටලයක් වගේ නොපෙනුනත් මෙහි නම රෝයල් බිරියානි ඇන්ඩ් බාබකිව් කියලා තමයි හැඳින්වෙන්නේ.නමට රෝයල් කියලා තිබුනට පෙනුමට නම් කිසිම එහෙම ගතියක් නෑ.ඒත් අපි දැනගත්තු විදියට මෙහි කැම නම් නමට ගැලපෙන්න තියනවා.අපේ මේ රස සටහන Royal Biriyani & BBQ එක ගැන.

වටපිටාව

royalbbq1

මේ අවන්හල පිහිටන්නේ මැරීන් ඩ්‍රයිව් එකේ.මුහුද දිශවට මුහුනලා.ඉදිරිපස පෙනුම සාමාන්‍ය මට්ටමේ හෝටලයක් විදියටයි තියෙන්නේ.පාකිං වලට පොඩි ඉඩක් අවන්හල ඉඩිරිපසින්තියෙනවා.ඇතුලත එතරම් පිරිසිදු බවක් නම් පේන්න නෑ.ටිකක් දූවිලිත් වගේ.මේ අවන්හල වහලට ශීට් දාලා වටේත් එහෙමයි.දවල් වරුවකට නම් ටිකක් තදට ඇත්ලට රස්නෙ දැනෙනවත් ඇති.ඇතුලත ප්ලාස්ටික් පු‍ටු වගේම දැවයෙන් කල පුන්චි පු‍ටු සහ ස්ටූල් ඇතුලත තබා තියනවා.ඇතුලතට ආවහම රාත්‍රී කාලයේ නම් බාබකිව් සුව‍ඳෙන් සුවදවත් වෙලයි තියෙන්නේ.ඒ සුවදට කටට කෙල උනන ගතියක් එනවා..ඇතුලතට ආවහම ඔවුන්ගේ බිරියානි හට්ටි ඩෙහ්කක් වගෙම බාබකිව් දාන තැනත් හොඳින් දැකගන්න පුලුවනි.

මෙනුපත

royalbbq4

මෙතන අවන්හලේ නමට අනුවම රසවත් බිරියානි සහ බාබකිව් සපයනවා.පාකිස්තානු ක්‍රමයට හදන බිරියානිය ඉතා රසවත්.එහි කිසිම අඩු පාඩුවක් නෑ.නියම පකිස්තානු බිරියානියේ රසමයි.බාස්මති රයිස් එකත් එක්ක ලැබෙන තරම විශාල කුකුල් මස් අන්ඩ හොඳ මට්ටමේ එකක්.මෙහි ප්ර්මානය අඩුත් නැති වැඩිත් නැති මට්ටමේ කිව්වොත් හරි.

චිකන් බිරියානියට වඩා බීෆ් බිරියානිය ටිකක් විතර රසින් වැඩියි වේගේ දැනෙනවා.ඒ හොද්ද ඉතාම රසවත් එකක්.පකිස්තාන් බිරියානි රසට බීෆ් බිරියානිය ඔබ මෙහි ආවොත් රස බලන්න ගන්න පුලුවන් හොඳ තේරීමක්.මෙහි බිරියානි එකටත් වඩා රසවත් ‍තෝරාගැනීමක් විදියට චිකන් බබකිව් එක කියන්න පුලුවන්.මේ අවන්හල ඇතුලට එන විටම දැනෙන සුවඳත් බාබකිව් සුවඳයි.සාමාන්‍ය යෙන් දිවා වරුවට වගෙම රාත්‍රී හතෙන් පස්සෙත් මේ බබකිව් එක කන්න ගන්න පුලුවනි.කදිමට මැරිනේඩ් කරපු මස් අන්ඩකට දෙහි පලුවක් සමග උනු උනුවට හම්බෙන චිකන් බබකිව් එකේ රස වචනයෙන් කියන්න බැරි තරම්.

royalbbq2

බිරියානියෙත් බබකිව් චිකන් එකෙත් රස එක වර විඳගන්න ඔබ මෙහි ආවොත් කරන්න පුලුවන් හොඳ තේරීමක් තමයි චිකන් බබකිව් බිරියානි එක.ඒකක් රුපියල් 430ක් වගේ වෙනවා..නෝමල් චිකන් බිරියානි එකක් 280ක් වගේ මිලක් වෙනවා.මෙතන නාන් එකක් 60ක් වගේ මිලක් වෙනවා.ඒකත් එක්ක පරිප්පු හොද්දකුත් චිකන් ටික්කා මසාලා එකකුත් හොඳ ‍තෝරාගැනීමක් වෙනවා.මෙහි ගොඩක් කෑම රසවත්.ඇවිත් උත්සහ කලාට පාඩු නෑ.මිලත් ඉතා ම සාධාරනයි.ඔබට මෙහි ඉඳන් ආහාර ගන්නව නම් ටිකක් මදි වගේ දැනෙනවා නම් අවන්හලේ සේවකයෙක්ට කියලා තව ටිකක් අමතර ඉලගන්නත් පුලුවන්.මේ අවන්හලේ පොඩි මෙනු එකක් තමයි තියෙන්නේ.ගොඩක් කෑම රෑ 7න් පස්සේ තමයි කන්න ගන්න පුලුවන්.බිරියානි සහ බබකිව් වලට අමතරව චිකන් සහ බීෆ් කෙබාබ්, බීෆ් සහ මට්න් කඩායි,කුර්මා වර්ග,චපාති සහ නාන් වර්ග කන්න ගන්න පුලුවනි.අපි ඔබට කියන්නේ මෙතනින් අරන් ගිහින් කන්න.ඔබට නියම ඩිනර් අවුට් එකක අත්දැකීම මෙතන සපයන්නේ නෑ.ඒත් කෑම ඉතාමත් රසවත්.

සේවාව

සේවාව කියලා ලොකු දෙයක් කියන්න නෑ.ගොඩක් වෙලාවට මෙතන එතරම්ම කාර්‍ය බහුල නම් නෑ.ඉතින් මෙහ්ට්න ඉන්න සේවකයා ඉක්මනින්ම ඔබට අවශ්‍ය දේ මේසයට ගෙනත් දේවි.ඒ වගේම මදි පාඩුවක් ඉල්ලුඔව්ත් කලින් කිව්ව වගේ අරන් එන්නත් ඔවුන් කාරුනික වේවි.ඒ හැරුනු කොට කියන්න තරම් විශේශ දෙයක් නෑ.

මග

මේ අවන්හල පිහිටන්නේ වැල්ලවත්ත පැත්තට වෙන්න.මැරීන් ඩ්‍රයිව් එකේ.විවේකානන්ද මාවත කිට්‍ටුවෙන් කොලඹ ඉඳන් එනවා නම් පාරෙන් වම් අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.

මේ අවන්හල උදෑසන 11 විතර ඉඳන් රාත්‍රී 11 පමන වෙනතුරු විවුර්ථව තියෙනවා.මෙතන දුරකථන අංක වෙන්නේ 077117763,0727424411.දෙන්නෙක් ඇවිත් බඩ පිරෙන්න කන්න 1000කටත් අඩු මිලකට පුලුවන් වෙයි.කෑම ගෑන විතරක් හිතනවා නම් මේ පැත්තේ ආවොත් Royal Biriyani & BBQ අවන්හලට ගොඩ වෙලා රසවත් ආහාර වේලක රස බලලා යන්න.අපි නම් කියන්න අරන් ගිහින් කන්න.එය ඇත්තටම ඔබ රස බැලුවට පාඩු නැති මට්ටමේ අවන්හලක්


Leave a Reply

Your email address will not be published. Required fields are marked *