කන්න බොන්න කලින් එන්න

Jinadasage Thalaguli – Warakapola රසම රස පැනිරස කන්න එන්න ජිනදාසගේ තලගුලි

banner

රසට පැනිරස කන්න අපි කවුරුත් ආසයි.ඒත් රට වට යනකොට පැනිරස කන්න තැනක් හොයා ගන්න එක නම් ටිකක් අමාරු වැඩක්.ඒ කොහොම උනත් ජිනදාසගේ තලගුලි අවන්හල කියන්නේ රසම රස පැනිරස කන්න පුලුවන් හොඳ තැනක්.කේ ජී ජිනදාස නැත්න තලගුලි මුදාලි තමයි මේ අවන්හල මෙතන ආරම්භ කරලා තියෙන්නේ. ඒ 1934 වර්ශයේ.ඒ කාලේ ඉඳන් මේ වෙනකන් අවුරුදු 70කට වඩා කාලයක් මේ අවන්හල සාර්ථකව පවත්වාගෙන ඇවිත් තියනවා.ඒ සාර්ථකත්වය ලබන්න පුලුවන් වෙලා තියෙන්නේ ඔවුන් නියම ආකාරයෙන් ඒ රස කැවිලි හදන නිසා වෙන්න ඕනි.

වටපිටාව.

jinadasathalaguli

මේ අවන් හල පිහිටන්නේ වරකාපොල නගරයට ආසන්නව කොලඹ නුවරපාර අයිනේ මයි. ඉතින් පොඩ්ඩක් විතර පාරට මුහුනලා තියන හංඳා නිදහස් නම් නෑ. පාකිං උනත් ලොකුවට නෑ. ඇතුලත සාමාන්‍ය විදියට වීදුරු මේස එක්ක පු‍ටු තියලා තියනවා. වැඩි සැප පහසුවක් නම් නෑ. ඒත් කියන්න තරම් ලොකු අවුලක් නෑ. මෙහි ආරම්භක කාලයේ පින්තූර එහෙමත් කලු සුදුවට බලාගන්න පුලුවන් ඇතුලේ

බඩජාරි මෙනුපත

jinadasagethalaguli4

ජිනදාසගේ තලගුලි නමින්ම කඩේ තියන හඳා ඔබ මෙහි ආවොත් රස බලන්නම ඕනි කෑමක් තමයි තලගුලි. නියම තලගුලි රස විඳින්න ඕනි නම් මෙතනයි තෑන. තලගුලියේ ප්‍රමානය නම් සාමාන්‍යයි.කාලෙත් එක්ක ප්‍රමානෙ නම් වෙනස් වෙලා. ඇතුලේ හැපෙන හකුරුත් එක්ක තලගුලි රසට කුරි එකක් බොන්න පුලුවන් නම් මරු. ඒ දෙක හොඳට පෑහෙනවා. කිරි තේකත් ඉස්තරම්.ඒ වගේම අපි ඔබට උත්සහ කරන්න යෝජනා කරනවා වැලි තලප. ඒවත් ඉතා රසයි. නියම ගැමි විදියට රස කිසිම අඩුවක් නොවෙන්න පැනි රසට ජිනදාසගෙ තලගුලි කඩෙන් වැලිතලප කන්නත් පුලුවන්. ඒත් හැම වෙලේම නම් තලගුලි වගේ වැලිතලප තියෙන්නේ නෑ.

මෙහි කැවුම් කොකිස් මුං අලුවා වගේ දේශීය රස කැවිලි ඕනි එකක් කන්න ගන්න පුලුවන්.උදේ වරුවකට කිරිබත් ඉඳි ආප්පා බත් වගේ ආහාරත් ගන්න පුලුවන්. දවල්ට දේශීය ක්‍රමේට බත් එක්ක දේශීය මාලු පිනි වගේම ෆ්‍රයිඩ් රයිස් උනත් කන්න ගන්න පුලුවන්. ඒත් ෆ්‍රයිඩ් රයිස් එකේ නම් ලොකු විශේශත්වයක් නෑ.

jinadasagethalaguli2

සවස් වෙනකොට මෙතනට එනවා නම් හොඳම දේ කිරි එකක් එක්ක තලගුලි. එහෙමත් නැත්නම් බිත්තර ආප්පයක් එක්ක රසම රස ලුනු මිරිස්. මෙතන ලුනු මිරිසෙත් හොඳ අමුතු රසක් තියනවා.ලුනුමිරිස් එක්ක ආප්පයක් කාලා බලන්න. ඒකත් මරු. සවසට කොත්තු එහෙමත් මෙතන තියනවා. කොත්තුවනම් ලොකු විශේශයක් නෑ.

සේවාව

මෙතන එතරම් ලොකු සේවයක් බලාපොරොත්තු වෙන්න බෑ. සාමාන්‍ය හෝටලයකින් ලැබෙන සේවව ලැබෙනවා. නිතරම කාර්‍ය බහුල නැති හඳා එතරම් පරක්කු වීමක් වෙන්නේ නෑ.කොහොම උනත් අලුතෙන් වගේ ඉදි කල වොශෘම් එහෙමත් මෙතන තියනවා. ඒකත් හොඳයි.අපි දැනගත්තු විදියට ඔවුන් උත්සව සඳහාත් රස කැවිලි සපයනවා.උපන්දින මගුල් උත්සව වලටත් ඔවුන්ගේ රසකැවිලි වලට හොඳ ඉල්ලුමක් තියනවා
මග

මෙතනට එනවා නම් වරකාපොල නගරයේ ඉඳන් කිලෝ මීටර් 2.5ක් වගේ දුරකින් පිහිටන්නේ.කොලඹ ඉඳන් එනවා නම් වරකපොල නගරය පහුවෙලා අඹේපුස්ස තානායම පහු උන ගමන් පාරෙන් වම් අත පැත්තේයි පිහිටන්නේ. කොල පාටින් ගහපු ජිනදාසගේ තලගුලි නාම පුවරුව පැහැදිලිව පේන්න තියනවා.අවදානෙන් ගියොත් හොයාගන්න අපහසු නෑ.

ඔවුන් දිනකට කැවුම් කොකිස් ගෙඩි දාහකට වඩා නිපදවනවා. ඒ තරමට හොඳ ඉල්ලුමක් තියනවා. තලගුලි කැවුම් කොකිස් තමයි මෙතන වැඩිපුරම විකිනෙන්නේ. වැලිතලප අලුවා වගේ කෑම වැඩියෙන් හැදෙන්නේ නෑ.අවුරුදු කාලෙට නම් ඔවුන් දිනකට කැවුම් කොකිස් ලක්ශෙට වඩා හමුදා කඳවුරු වලටම ලබාදෙනවා. ඒ තරමට ඔවුන්ට ඉල්ලුම තියනවා..

ඉතින් ඔබත් වරකාපොල පහුකරලා අනුරාධපුර පැත්තට හරි නුවර පැත්තට හරි යනවා නම් එක පාරක් හරි නතර කරලා තේකක් එක්ක පැනි රහට තලගුලියක් වැලිතලපයක් කාලා යන්න අමතක කරන්න එපා. මෙතන පාරෙන් අනික් පැත්තේ තියනවා පියදාසගේ තලගුලි අවන්හලත්. ඒත මේ අවන්හල ආරම්ඹ කරපු ජිනදාස මහත්මයගේ සහෝදරයගේ අවන්හල.වැඩියෙන් නමක් තියෙන්නේ නම් ජිනදාසගේ තලගුලි වලට.කොහොම හරි ඔබත් මේ පැත්තේ යනව නම් එන්න අමතක නොකර ජිනදාසගේ තලගුලි අවන්හලට.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *