වාඩිය අවන්හල පිහිටන්නේ මින්නේරිය වැව් ඉස්මත්තේ.ඉතින් ඔබ පොලොන්නරුව පැත්තේ නටඹුන් බලන්න යන අතරමග නිවාඩු පාඩුවේ රසවත් කෑම වේලක් කන්න ගන්න හොඳ තැනක් තමයි මේ වාඩිය අවන්හල.මොකද මින්නේරි වැව් සුලගත් එක්ක ගන්න ආහාර වේල ටිකක් වෙනස් විදියේ එකක් වෙන නිසා.
වටපිටාව
මේ අවන්හල හොඳින් වටපිටාවට විවුර්ථ උනු අවන්හලක්.පොලොන්නරුව කොලඹ පාර අයියේ මේ අවන්හල පිහිටියත් හොඳ තරමක් ලොකු වාහන නතර කිරීමේ පහසුව මේ අවන්හල සතුයි.මැටි පුවරුවක “The වාඩිය ” නමින් හොඳින් පෙනෙන පරිදි මේ අවන්හලේ නාමය අලංකාරව දර්ශනය කරලා තියෙනවා.අවන්හල ඇතුලත වී හැඩයට සකස් කල වහලය පොල් අත් වලින් සෙවිලි කරලයි තියෙන්නේ.මෙහි ඇතුලත වගේම අවන්හලෙන් එලියෙත් ඔවුන් මේස සහ පුටු අසුරලයි තියෙන්නේ.ඉතින් මෙහි එන කෙනෙක්ට කැමති විදියකට ආහාර ගන්න පුලුවනි.මේ මේස පුටු ලීයෙන් කල ඒවා.ඒවා සැප පහසුයි.ඒ වගෙම බිම සිමෙන්ති පොලවක් තියෙන්නේ.ටිකක් විතර රස්නේ පලාතක් උනත් වැව් හුලගත් එක්ක මේ රස්නේ බව නම් දැන්නේ නෑ.
අවන්හල ඉතා පිරිසුදුවට පවත්වාගෙන යනවා.මෙහි වැසිකිලි පහසුකමත් පවතිනවා.වැසිකිලි පවා ඉතා පිරිසිදු තත්වයේ තියන්වා කියන්න පුලුවනි.
මෙනුපත
මෙතන දිවා වේලට තියෙන්නේ බුෆේ විදියට කෑම කන්න පහසුකම තමයි.දේශීය හෝ විදේශීය විදියට ඔබ කැමති කෑම ඔබ කෑති විදියට බෙදා ගන්න පුලුව්නෛ.දේදීය මාලුපිනි 10-15ක් අතර ප්රමානයක් කෑම්ති විදියට බෙදා ගන්න පුලුවනි.මස් මාලි එලවලු එක්ක රත් හෝ සුද් කෑකුලු බත් එක්ක කන්න ගන්න එක හොඳයි.මොකද මේ සහල් මේ ප්රදේශයේ කුඹුරු වල නැවුම් හාල්.ඇත්තටම මේ බත් රසයි .ඒ වගේම මාලු පිනි වලට ගමේ කෑම ගොඩක් තියෙනවා.වැව් මාලු මේ මෙනු එකේ වරදින්නේම නෑ.ඉතින් ඔබ මෙහි ඇවිත් උත්සහ කරනවා නම් වැව්මාලු කෑල්ලකුත් බත් පතට එකත් කරගන්න අමතක කරන්න එපා.
කොහොම උනත් මාලු පිනිත් එක්ක මේ කෑම ඉත හොඳම තත්වයේ කියන්න නම් බැ.ඒ උනත් ශේප් කියන්න පුලුවනි.උදේ වරුවටත් ඔවුන්ගේ අවන්හල විවුර්ථයි.ඒ වගෙම රාත්රී කාලයට මේ බුෆේ මෙනු එකට අමතරව එලිමහනේ බබකිව් එහෙමත් දානවා.මේ හැම දෙයක්ම සිද්දවෙන්නේ පුහුව ලත් කෝකිවරු අතින්.
සේවාව
මෙහි සිටින කාර්ය මංඩලය මෙහි එන සියලු දෙනාටම හොඳ සේවාවක් සපයනවා.ඔබට වැව් කිට්ටුවට වෙන්නට ආහාර ගන්න ඕනි නම් ඔවුන් මේසයක් ඒ කිට්ටුවෙන් සකස් කර දෙන්නට ඔවුන් සුහදශීලී කියන්න පුලුවනි.සේවාව ඇත්තටම හොඳ මට්ටමේ එකක්.
මග
මේ අවන්හල පිහිටන්නේ මින්නේරියේ ඉඳන් කිලෝමීටර 4.5ක් වගේ දුරකින් හබරන පාරේයි.මින්නේරිය ඉඳන් ටික දුරක් එනකොට ඔබට ගල් ඔය දක්වා දිවෙන මාර්ගය හමු වේයි.ඒ හංදියත් පහු කරගෙන තවත් මීටර් 800ක් වගේඑනකොට පාරේ වම් අත පැත්තේ තමයි මේ අවන්හල පිහිටන්නේ.
මේ අවන්හලේ ලිපිනය වෙන්නේ අංක 173 බටුඔය,මිනිහිරිගම,මින්නේරිය.ඔවුන්ගේ දුරකථන අංකය 0272247400.උදෑ සහ දිවා වරුවලට නම් මෙතන ඒ හැටි ලොකු සෙනගක් නෑ.නමුත් පෙලක් වෙලාවට රාත්රී වරුවට මේ අවන්හල දෙස් විදෙස් අයගෙන පිරිලා යනවා.ඔබ මෙහි රාත්රී වරුවකට එනවා නම් ටේබල් එකක් අපි කලින් කිව්ව නම්බරේට කතා කරලා වෙන් කරගන්නවා නම් කෝකටත් හොඳයි.ඔබත් මින්නේරිය පැත්තේ ආවොත් වැව් සුලඟ විදිමින් රසවත් ආහාර වේලක් කන්න The wadiya Minneriya අවන්හල පැත්තේත් ඇවිත් යන්න .