කන්න බොන්න කලින් එන්න

ගමේ විදියට ගමේ කෑම කන්න තිස්සමහාරාමේ ස්මෝකි කිචන් – Smoky Kitchen Tissamaharama

banner

 

කටට රහට හොඳ කෑම වේලක් කන්න අපි කවුරුත් ආසයි.දේශීය ක්‍රමයට රසවත් ආහාර වේලක් නම් ඒක වඩාත් හොඳයි.අපි අද කියන්න යන අවන්හල දේශීය ක්‍රමයට කෑම සපයන නොම්බර එකේ ගැමි කෑම පිරිනමන අවන්හලක්.මේකේ නම ස්මෝකි කිචන්.නම පොඩ්ඩක් බටහිර පන්නෙට උනාට කෑම වර්ග නම් එහෙම නෑ.මේ අවන්හල පිහිටන්නේ තිස්සමහාරාමය පැත්තේ.

 

වටපිටාව

 

මේ අවන්හල ඇතුලතට එනකොටම අපිට ඉතාම ප්‍රසන්න හැඟීමක් තමයි දැන්නෙනේ.එක පසකින් මැටි මුට්ටිවල තබපු ආහාරත්.පන් වලින් වියන ලද වට්ටි වල තබපු එලවලු වර්ගත් දිහාවට පලමුවෙන්ම ඇහැ යනවා.ඒ වගෙම අවන්හල ඇතුලෙම තියන විවුර්ථ කුස්සිය අවන්හලට අමුතු ගතියක් එකතු කරලා තියනවා.ඒ මොකද මැටියෙන් හදාපු ලිප් වල මැටි බඳුන් වල දර ලිපේ උනු උනුවට හැදෙන කෑම අපිට දැකගන්න පුලුවන්.මේ ලිප වටේ මැසක මැටි බදුන් පිලිවෙලට සකස් කරලා තියන හැටි දැකුම් කලුයි.ඒ වගෙම ගැමි ගෙදරක කුස්සියේ දකින්න පුලුවන් උපකරන බොහොමයක් ඔබත් මේ අවන්හලට ආවොත් දැක බලාගන්න පුලුවන්.

අවන්හල ඇතුලත ඉතා පිරිසිදුවට පවත්වාගෙන යන බව අපිට හොඳින් දැකගන්න පුලුවන්.මැටි පාටින් කල බිත්ති වල එල්ලලා තියන සිතුවම් අවන්හලට අමුතු ගතියක් එකතු කරලා තියනවා. මේස සහ පු‍ටු සැපවත් ඒවා.ඒ වගේම ඒවා මනා දුරකින් අසුරලා,ඉතින් ඉඩකඩෙත් අපහසුවක් නෑ.

කෑම

මෙතන උදේ ඉදන් රාත්‍රී නවය පමන වෙනකං විවුර්ථව පවතිනවා.දේශිය ක්‍රමයට තමයි කෑම සපයන්නේ.ඔබ මේ අවන්හලට ආවොත් රස බලන්න තියන හොඳම ‍තෝරාගැනීම තමයි ඔවුන්ගේ බුෆේ එක.අවන්හලේ වෙනම පසෙක මැස්සක යටි ඇති බුෆේ එකෙන් ඔබට කැමති මාලු පිනි වර්ග 8ක් 10ක් අතරින් කැමති විදියට කුකුල් මස් ,මාලු නැත්නම් සෝයා මීට් එක්ක කෑම ඇති වෙනකන් බෙදාගෙන කන්න පුලුවන්.බන්ඩක්කා මාලුවක්.කොල මැල්ලුමක්,පොලොස් මැල්ලුම් ,කෙසෙල් මුව වගේ ගමේ කෑම බොහොමයක් නිතර මේ බුෆේ එකේ දැකගන්න පුලුවන්.

මේ ඔක්කොම කාල බඩේ ඉඩ තියෙයි නම් බුෆේ එකට කිරියි පැනියිත් හම්බවෙනවා.මේ ඔක්කොම රුපියල් 800ක් වගේ මිලක් වෙන්නේ.ඉත්න් ගෙවන මිලට ඉතා සාධාරන කෑම වේලක් කන්න ඔබටත් ස්මෝකි කිචන් ආවොත් ඔබට හැකි වෙනවා.

සේවාව

මෙතන වැඩිය කලබල කාරී සෙනග ගැවසෙන තැනක් නෙවෙයි.ඉතින් ඔබ මෙහි ආවොත් පාඩුවේ ඉඳගෙන කටට රසට හොඳ කෑම වේලක රස බලන්න පුලුවන්.මෙහි සේවක මහතුන් වගේම අයිතිකරුත් මෙහි සිටියොත් මිත්‍රශීලි ආගන්තුක සත්කාරයක් ලබාගන්න පුලුවන්.ඔවුන් ඉතා හොඳින් මෙහි යන එන අයත් එක්ක ගනුදෙනු කරන බවක් පේන්න තියනවා

මග

මේ අවන්හලට එනවා නම් තිස්ස මහරාම ප්‍රධාන බස් නැවතුම් පලේ ඉඳන් කිලෝමීටරයක වගේ දුරක් ප්‍රධාන වීදියේ එන්න ඕනි.එහෙම යනකොට පාරෙන් වම් අත පැත්තට වෙන්න තමයි මේ අවන්හල පිහිටන්නේ.ස්මෝකි කිචන් නමින් ඔවුන්ගේ නාම පුවරුව පාරට පේන්න දර්ශනය කරලා තියන නිසා හොයාගන්න වැඩි අපහසුවක් වෙන එකක් නෑ.

මෙතන ලිපිනය වෙන්නේ නොම්බර 100 හම්බන්තොට පාර තිස්සමහාරමය.ඔවුන්ගේ දුරකතන අංකය 0777301213.ඔබත් කතරගම පැත්තට යන වා නම් අතරමග කටට රසට කෑම වේලක් කන්න smoky kitchen Tissamaharama හොඳ ‍තෝරගැනීමක් වෙනවා නො අනුමානයි.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *