කන්න බොන්න කලින් එන්න

අතේ ඇති මිලට කොත්ත් පරාටා කන්න එන්න Lak Chand Restaurant – Thissamaharama

banner

තිස්සමහාරාමේ පැත්තට නිවාඩුවකට ගියොත් කටට රසට කැම වේලක් කන්න යන්න හොඳ තැනක් ගැනයි අපි අද කියන්න යන්නේ.මේ අවන්හලේ නම ලක් චාන්ඩ්.පිහිටන්නේ තිස්ස වැවට කිට්‍ටුවෙන්නටයි.වැවෙන් නාලා කරලා ඇවිත් කටට රසට බඩ පිරෙන්න කැම වේලක් කන්න යන්න පුලුවන් තැනක් විදියට මේ තැන හදුන්වන්න පුලුවනි.

වටපිටාව

lakchand2

මේ අවන්හලට සැලකිය යුත් තරමේ පාකිං පහසුකම් තියනවා.මහ පාර දිගේ මේ පැත්තට එනවා නම් ඔවුන්ගේ අවන්හලේ නම සහිත විශාල නාම පුවරුව දර්ශනය වෙන්න තියන නිසා ඕනි කෙනෙක්ට මෙතන හොයාගන්න පහසුයි. අවන්හලේ එලි මහනේ වගෙම ඇතුලත ඉඳනුත් ආහාර ගන්න පුලුවනි.එලි මහනේ කුඩා හට් එකකුත් එක්ක යකඩ මේසයකට ප්ලාස්ටික් පු‍ටු අසුරලායි තියෙන්නේ.මෙහි හතර දෙනෙක්ට එකට ඉදන් කන්න ගන්න පුලුවනි.

lakchand3

ඇත්ලත ලී මේස වලට ප්ලාස්ටික් පු‍ටු සකස් කරලා තියනවා.බිම ටයිල් කරලා පිරිසිද්ව පවත්වාගෙන යනවා.ඇත්ලත රස්නය සමනය කරන්න ෆෑන් සවි කරලයි තියෙන්නේ.ප්‍රදාන ආඅහාර ගන්න අවන්හලට වම් පැත්තට වෙන්නට තමයි මෙහි කොත්තු,රොටී වගේ ආහර හදන තැන පිහිටන්නේ.එතනත් හොඳින් පවත්වාගෙන යනවා.මේ කැම හදන හැටි ඔබට මෙහි ආවොත් දැක බලාගන්නත් පුලුවනි.

මෙනුපත

මේ අවන්හල ඇත්ලට ආවොත් ඔබට නිකන්ම මෙහි මෙනු පත ගැන දැනගන්න පුලුවනි.ඒ හැමතැනම ඔවුන් එය ප්‍රදර්ශනය කරලා තියන නිසා.ඔවුන් දිවා සහ රාත්‍රී ආහාර තමයි සපයන්නේ .දවල් වරුවකට මෙහි ආවොත් ප්‍රධාන ආහාර විදියට ෆ්‍රයිඩ් රයිස් කන්න ගන්න පුලුවනි.මේ ෆ්‍රයිඩ් රයිස් එලවලු,එග් චිකන් ප්‍රෝන්ස් සහ මික්ස් රයිස් විදියට කන්න ගන්න පුලුවනි.මේ රයිස් පෝශන් ඉතා විශාලයි.දෙන්නෙක්ට එකක් ඇති පොඩි බඩජාරියෝ දෙන්නෙක් නම්.මිලත් 250-400 අතර තමයි පවතින්නේ.lakchand5

මීට අමතරව සවස් වරුවට මෙහි ආවොත් කන්න ගොඩක් කැම වර්ග තියනවා.ගොඩක්ම රසවත් කොත්තු එක තමයි මේ අවන්හලේ රසවත්ම කෑම මෙනු එක කියන්න පුලුවනි.ඒ තරමටම ඒක රසවත්.චිකන් කොත්තුවක් 400ක් වගේ මිලක් වෙනවා.මේක දෙන්නෙක්ට ප්‍රමානවත් කියන්න පුලුවනි.ඒකත් එක්ක උනු උනු ප්ලේන්ටියක් බොන්න පුලුවන් නම් ඉතා හොඳ ‍තෝරාගැනීමක් කියන්න පුලුවන්.

lakchand4
ඊට අමතරව සවස් වරුවට පරාට ප්ලේන් රොටි එලවලු රොටී වගෙම බිත්තර සහ චිකන් රොටිත් කන්න ගන්න පුලුවන්.බිත්තර ආප්පයක් රුපියල් හැටක් වෙනවා.මේ මිල නම් ටිකක් විතර වැඩියි.

රාත්‍රී වරුවකට මෙහි ආවොත් රයිස් ඇන්ඩ් කරි බුෆේ එකක් තියනවා.ඒ වගෙම නූඩ්ල්ස් විවිද රසයෙන් කන්න ගන්නත් පුලුවන්.ඒ වගෙම ටී ප්ලේන්ටි වලට අමතර්ව බොන්න ගන්න කොකාකෝලා ෆැන්ටා වගේ බීම වර්ග මෙතනින් මිලට ගන්න පුලුවන්.

සේවාව

මෙහි සේවාව හොඳ මට්ටමේ එකක්.ඉක්මනට අපිට අවශ්‍ය කැම ඉක්මනට මේසයට ගෙන්න ගන්න පුලුවනි.ඒ වගෙම මෙහි වැඩ කරන අයත් සිනා මුසුව වගෙම ඉක්මනින් ඔවුන්ගේ වැඩ කොටස ඉ‍ටු කරනවා.සේවාව කියන්න වරදක් නෑ.

මග

මේ අවන්හල පිහිටන්නේ තිස්සමහරාම නගරය මැදයි.ඔබ නගරයට ඇවිත් ප්‍රධාන වීදියේ .වැව පැත්තේ ඉඳන් එනවා නම් ප්‍රධාන වීදියේ කිලමීටර් එක හමාරක් විතර එනකොට පාරෙන් වම් අත පැත්තෙයි මේ අවන්හල පිහිටන්නේ.නගරය පැත්තේ ඉඳන් එනවා නම් ප්‍රධාන වටරවුමෙන් ප්‍රධාන වීදියට මිට්ටර් 200ක වගෙ අපයින් යන දුරක තමයි මේ වන්හල පිහිටන්නේ.ඒ පැත්තේ ඉඳන් එනවා නම් පාරෙන් දකුනු අත පැත්තේයි මේ අවන්හල පිහිටන්නේ

මේ අවන්හලේ දුරකථන අංකය වෙන්නෙ 047 2 238877.ඔබත් තිස්සමහාරමේ පැත්තේ ආවොත් අතේ ඇති මිලට රසවත් කැම වේලක් කන්න යන්න හොඳ තැනක් විදියට Lak Chand Restaurant හදුන්වන්න පුලුවන්.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *