නිවාඩුවක් ලැබුනොත් ගොඩ දෙනෙක් යන්න හදන පලාතක් තමයි නුවර එලිය කියන්නේ.ඉතින් නුවර එලියේ ගිහින් සීතල විදින අතරේ කටට රහට කෑම වේලක් කන්න හොඳ තැනක් ගැන විස්තර කියන්නයි අද අපේ සූදානම.මේ අවන්හල Salmiya Restaurant.පිහිටන්නේ නුවර ඉඳන් ගෙගරි වැව පැත්තට යනකොට.පුන්චි පහේ තැනක් උනත් රසම රස පීසා එකක් උනු උනුවට කන්න හොඳ තැනක් තමයි සල්මියා අවන්හල.
වටපිටාව
මේ අවන්හල අපි කලිනුත් කිව්ව වගේ පොඩෛ පහේ අවන්හලක්.පාර අයිනේමයි තියෙන්නේ.වාහනයක් නවත්වන්න වෙනම පකිං නැ.කොහොම උනත් මේ කිට්ටුවෙන් වාහනයක් නවත්වන්න තැනක් හොයාගන්න පුලුවන් වේවි.,මේ අවන්හල පිටතින් බැලුවහම පේන්නේ ටිකක් පරන වෙච්ච පෙට්ටි කඩයක් වගේ.ලෑලි වලින් තමයි හදලා තියෙන්නේ.වහලයට ඇස්බැස්ටෝස් දාල.ඇත්ලත වගේම පිටිනුත් හට් ගහලා ආසන පනවලා තියනවා.ඔක්කොම 15කට වගේ එකට ඉඳගෙන කන්න ගන්න පුලුව්නෛ.ඇතුලත වගෙම පිටටතත් එතරම් සුව පහසු ආසන නම් නෑ.මේස උනත් ටිකක් විතර පොඩියි.ලොකු ඉඩක් නම් මේ අවන්හලේ නෑ.
මෙනුපත
මේ අවන්හල පුන්චි පහේ එකක් උනත් රසවත් පීසා කන්න නම් නුවර එලියේ අංක එකේ අවන්හල කියන්න පුලුවනි.මේ අවන්හලේ බොහොමයක් හැදෙන්නේ ඉතාලියානු කෑම වර්ග.පොදුවේ මෙහි හැදෙන පීසා වැස්ම තුනී සහ ක්‍රිස්පි රහයි.මේ හැම එකකටම ඔවුන් යොදන අමුද්‍රවය නැවුම් බවකින් යුක්තයි.මේ අවන්හලේ කන්න ගන්න පුලුවන් ඉතාලියානු පීසා වර්ග ගනනාවක් තියනවා.Pizza magherita,pizza napoli,bergano,shammy,calzone වගේ විවිධාකාර පීසා වර්ග කන්න ගන්න පුලුවනි.Pizza Ai 4 Formaggi පීසා එක එකිනෙකට වෙනස් චීස් රස 4කින් තමයි හැදෙන්නේ.මේ විදියට එක එක ජාතියේ පීසා වර්ග රැසක් කන්න ගන්න පුලුවනි.පීසා වල මිල ගනන් 700-1500 අතර් මිලක් වෙනවා.මේ හැම එකකම මස් ඇති තරම් තියෙනවා.ඒ වගේම පීසා එකත් ලොකුයි.බඩ පිරෙන්න උනු උනුවට හීතලේ කන්න ගන්න පුලුවනි
ඔවුන්ගේ ෆ්‍රෙන්ච් ෆ්රයිස් උනත් ඉතාම නැවුම් තත්වයේ තියෙනවා.හරියටම මැක්ඩොනල්ඩ් එකේ ෆ්‍රෙන්ච් ෆ්රයිස් වගෙමයි.කිසි වෙනසක් නෑ.පීසා වලට අමතරව ස්පැගටි පැස්ටා එහෙමත් නියම ඉතාලි රසට නැවුම් විදියට මෙතනින් කන්න ගන්න පුලුවනි.මේ සියලුවම කෑම මේසයට එනවිට ඉතාම අලංකාරයි.ඉතාලි කෑම වල එක එක පාටින් යුත් බව මේ අවන්හලේ කෑම වලත් දකින්න පුලුවනි.
බර්ගර් කන්න ආස නම් චිකන් බීෆ් සහ වෙජි විදියට බර්ගර් වර්ගත් කන්න ගන්න පුලුවනි.චිකන් බර්ගර් එකක් 350ක් වෙනවා.එහිත් පිරවෞම සහ රස හොඳ මට්ටමක තියනවා කියන්න පුලුවනි.මේ අවන්හල කරගෙන යන්න පවුලක් එකතු වෙලයි.ඉතින් ඔවුන් ගෙදර හදනවා වගේ රසට මේ හැම දෙයක්ම කරගෙන යන බවක් පේනවා.ඒ නිසා වෙන්න ඕනි මෙහි කෑම මෙතරම් රසවත්.
සේවාව
මේ අවන්හලේ සේවාව ඉතා හොඳ මට්ටමේ එකක්.මෙහි ඉන්න අය මෙහි එන අයට හිනා මුසු මුහුනින් යුතුව හොඳ සේවයක් සලසනවා.ලොකු පහසුකම් නැති උනත් හොඳ මට්ටමේ සේවාවක් ලබා දෙන්න ඔවුන් උත්සක වෙන බවක් පේන්න තියනවා.කෑම බිම මේසයට එන්න ටිකක් පරක්කු උනත් අවට පරිසරය එක්ක ගෙගරි වැව පැත්ත දිහා බලාගෙන අවට සිරි විඳින්න නිදහසේ එලියට වෙලා ආහාර වේලක් ගන්න එනවා නම් මෙතන කදිමයි.
මග
මේ තැන පිහිටන්නේ නුවරැලියේ ඉඳන් බදුල්ල ප්‍රධාන පාරේ මීටර් 400ක වගේ දුරකින්.රෙස්කෝස් පාරත් මේ පාරත් හමුවෙන මන්සංදියේ ගෙගරි වැව පෙනෙන හරියෙන් පාරෙන් දකුනු අත පැත්තේයි මේ අවන්හල පිහිටන්නේ.හොයාගන්න එතරම් අපහසු වෙන එකක් නම් නෑ.
ඔබ නුවර එලිය නගර සිමාවේ ඉන්නවා නම් 0779135263 කියන අංකයට අමතලා පීසා එකක ඉන්න තැනකට ගෙන්වා ගන්නත් පුලුව්නෛ.නුවර එලියේ සීතල විදගන්න ආවොත් මේ අවන්හල පැත්තේ ඇවිත් පීසා එකක රස බලන්න එන්නත් අමතක කරන්න එපා.මොකද ඒ තරමට මේ පීසා රසවත්.
-
1 කොලඹ නගරයේ පිහිටි පට්ටම පෝක් අවන්හල් දහයක්
-
2 නුගේගොඩ නගරය කිට්ටුවෙන් විවෙක පාඩුවේ කෑම වේලක් කන්න කියාපු තැන ස්පයිස් ඇන්ඩ් කරී – Spice & Curry Nugegoda
-
3 අම්බලන්තොට නගර මැද පිහිටි සුපිරි අවන්හලට ගොඩ වෙමු – Ruhunu Resort Ambalanthota
-
4 ගමේ විදියට ගමේ කෑම කන්න තිස්සමහාරාමේ ස්මෝකි කිචන් – Smoky Kitchen Tissamaharama
-
5 යාපනයේ ඇවිත් අමතක නොවෙන රසවත් කෑම වේලක් කන්න එන්න 11 to Eleven Pizza Restaurant
-
6 ගෙදර වගේ රසට කෑම වේලක් කන්න බලන්ගොඩ විශ්මි ෆුඩ් කැබින් එන්න Vishmi Food Cabin – Balangoda
-
7 රසවත් කෝපි කෝප්පයක රස බලන්න එන්න කැෆේ ප්ලස් අවිස්සාවේල්ල – Cafe Plus Avissawella
-
8 ගෙදර වගේ ගමේ කෑම බුෆේ එක Freshtalk Restaurant Dambulla
-
9 සේද මාවත දිගේ රට රටවල කෑම වර්ග ගනනාවක් එකම තැනක..Silk Route – Malabe
-
10 ඩිල්මා නාමයේ රසවත් තේකක් බොන්න එන්න ටී ලොන්ජ් එකට- T Lounge by Dilmah