කන්න බොන්න කලින් එන්න

ගෙදර වගේ රසට කෑම වේලක් කන්න බලන්ගොඩ විශ්මි ෆුඩ් කැබින් එන්න Vishmi Food Cabin – Balangoda

banner

බලංගොඩ නගරය පසු කරගේ බදුල්ල පැත්තට යන එන අයට කන්න යන්න පුලුවන් හොඳ තැනක් ගැන කියන්නයි අපේ මේ සූදානම.මේ අවන්හල නමින් විශ්මි ෆුඩ් කැබින්.විශ්මි ෆුඩ් කැබින් එකට එක පාරක් ගිය කෙනෙක් ආයෙත් මේ පැත්තෙන් යනවා නම් නැවත වරක් මෙහි ගොඩ වෙන්න දෙපාරක් හිතන්නේ නෑ.ඒ තරමට මෙහි කෑම රසවත්.

වටපිටාව

vishmi1
බලන්ගොඩ බදුල්ල ප්‍රධාන පාරේ අයිනට වෙන්නට පිහිටන මේ අවන්හලේ ප්‍රමානවත් පාකිං පහසුකම් තියනවා.වන්ගුවකුත් එක්කම පිහිටන නිසා වාහනය අවන්හල පැත්තට දානව නම් ටිකක් සැලකිලිමත් වෙන්න වේවි.මේක තුන් මහල් ගොඩනැගිල්ලක බිම් මහලේ තමයි ප්‍රධාන අවන්හල පවත්වාගෙන යන්නේ.ඇතුලත ලොකු ගතියක් නම් නෑ.සාමාන්‍ය විදියට මේස පු‍ටු සකස් කරලා.පිරිසිදු කම අතින් ඒ තරම් වරදක් කියන්නත් බෑ.

මෙනුපත

vishmi
මෙහි උදේ දවල් රත්‍රී කියන තුන් වේලටම ආහාර සපයනවා.උදේ වරුවට ඉඳි ආප්ප පිට්‍ටු කිරිබත් වගේ කැම කන්න ගන්න පුලුවන්.දවල් වරුවකට ආවොත් ඔවුන්ගේ ප්‍රධාන ආහාර වේල විදියට රයිස් ඇන්ඩ් කරි කන්න පුලුවන්.ඔබ ඇනවුම් කලහම ඇති වෙන්න බත් එක්ක මාලු පිනි7ක් විතර මේසයට ලැබෙනවා.ඒ අතර පොලොස් මැල්ලුමක්,ගො‍ටුකොල සම්බෝලයක් අලු කෙසෙල් ආලුව ක් වගේ ගමේ විදියට හදාපු මාලු පිනි 4ක් 5ක් හැමවෙලේම ඇතුලත් වෙනවා.ඒත් එක්ක පරිප්පු හොද්දකුත් මගහැරෙන්නේ නැ.

vishmi2

මේ කැම වේල ඉතාම රසවත් එකක්.තිතට ලුනු ඇඹුල් ඇතිව කන්න පුලුවන්.මේ කැම වේලේ රසය අවුරුදු ගනනකින් වෙනස් වෙලා නෑ.මෙහි ෆ්‍රයිඩ් රයිස් එකත් ඉතා රසවත් ‍තෝරාගෙනීමක්.දිවා සහ රාත්‍රී වරුවලට ඔබ මෙහි ආවොත් ඒ කෑමත් උත්සහ කරන්න පුලුවන්

සේවාව

ලොකුවට සේවාව ගැන නම් කියන්න දෙයක් නෑ.සාමාන්‍ය මට්ටමේ සේවාවක් තමයි ලබා ගන්න තියෙන්නේ.වොශ් රූම් පහසුවත් මෙහි තිබෙනවා.ඒවාත් සාමන්‍ය මට්ටමේ කියන්න පුලුවන්.

මග

මෙතනට එනවා නම් බලන්ගොඩ නගරයේ ඉඳන් හරියටම කිලෝමීටර් 1.5ක් විතර තියනවා.මේ පාරේ එනකොට රාස්සගල පැත්තට හැරෙන තෑන එහෙම පහුවෙලා මීටර් දෙතුන්සීයක් යනකොට පාරෙන් වම් අත පැත්තේයි මේ අවන්හල පිහිට්න්නේ

ගොඩ දෙනෙක් බදුල්ල බන්ඩාරවෙල ඇල්ල වගේ පැතිවලට අයනකොට බලන්ගොඩ නගරය පසු කරමින් සංචාරයේ යෙදෙනවා.ඒ කොයි කාටත් ගෙදර වගේ රසට කෑම වේලක් ගන්න තැනක් හොයනවා නම් මේ Vishmi Food Cabin එක හොඳ ‍තෝරාගැනීමක්.මෙහි දුරකථන අංකය වෙන්නේ 0452289404. ඔවුන් උදේ 7 ඉඳන්රාත්‍රී 9 පමන වෙකන් විවුර්ථයි.ඔබත් මේ පැත්තේ ආවොත් විශ්මි ෆුඩ් කැබින් එකට ගොඩ වෙලා රසවත් අහාර වේලක් කන්න අමතක කරන්න එපා


Leave a Reply

Your email address will not be published. Required fields are marked *