කන්න බොන්න කලින් එන්න

Burgers Hut Dehiwala පොකට් එකට නොදැනෙන්න බර්ගර් කන්න බර්ගර්ස් හට්

banner

අද අපි කියන්න යන්නේ පුංචි පහේ බර්ගර් අවන්හලක් ගැන.මේ බර්ගර් අවන්හල පිහිටන්නේ දෙහිවල නගරයේ.රසවත් ව සහ බඩපිරෙන්න අතේ ඇති මුදලට බර්ගර් කන්න කියාපු තැනක් තමයි මේ බර්ගර් හට් කියන්නේ.ඒ නිසාම ගොඩ දෙනෙක් අතර මේ තැන ජනප්‍රියයි.Goodness in every bite කියන තේමාවෙන් රසවත් බර්ගර් පිරිනමන එක තමයි ඔවුන්ගේ එකම අරමුන.අපි අද ගොඩ උනේ මේ බර්ගර් හට් එකට.

වටපිටාව

burgershut4

මේක ඉතා කුඩා ප්‍රමානයේ පාරට කිට්‍ටුවෙන්ම තියන තුන් මහල් ගොඩනැගිල්ලක බිම් මහල.වාහන දෙකකට පමන තමයි මෙතන නවත්වන්න පහසුකම් නම් තියෙන්නේ.රතු පැහැයෙන් යුක්ත ව බර්ගර් හට් නාමය සහිත පුවරුවකින් ඉදිරිපස දිස් වෙනවා.මෙහි කෑම ගන්න වෙනම කුඩා කොටසක් තියනවා.ඉඩ නම් සීමිතයි.කුඩා ඉඩේ 4කට එක වර ඉඳගෙන කන්න පුලුවන් විදියට මේස සහ පු‍ටු සකස් කරලා තියෙනවා.මෙතන පාර අයිනේ උනත් ලොකු අපිරිසිදු බවක් නම් පේන්න නෑ..

බඩජාරි මෙනුපත

burgershut3

මෙහි බර්ගර් නම් ඉතාම රසවත් බර්ගර්ස් කිව්වොත් නිවැරදියි.බර්ගර් බන් එක ඉතාම මෘදුයි.එය ටිකක් විශාලයි.ඔබ ඇනවුම් කරන බර්ගර් එකට ෆ්‍රයිස් සහ සෝස් ලැබෙනවා.මෙතන ඇවිත් රසවිඳින්න හොඳම බර්ගර් එක චිකන් කෝඩන් බ්ලූ බර්ගර් එක.එය මයෝ,චීස් සැලඩ් සහ විශාල චිකන් එකකින් යුක්තයි.රස අති මහත් කිව්වොත් හරි.ඒ වගේමයි හොට් ඇන්ඩ් ස්පයිසි චිකන් බර්ගර් එකත්.ක්‍රිස්පි චිකන් බර්ගර් එකත් ඉතා හොඳ තේරීමක් කිව්වොත් නිවැරදි.නියම බර්ගර් රස මේ හැම බර්ගර් එකක් එක්කම තියනවා.ඔබ මෙහි ආවොත් රස බලන්න තවත් හොඳ තේරීමක් තමයි ග්‍රිල් කල බීෆ් බර්ගර් එක.මේ බීෆ් කෑල්ල හොඳින් සීසන් කරලා රසයෙන් උපරිමයි.
බර්ගර් වලට අමතරව චිකන් සබ්මැරීන් එකත් ගෙවන මිලට ඉතා සාධාරනයි.එය එලවලු මයෝ සහ තන්දූරි චිකන් වලින් පිරවිලා.මේ හැම පිරවුමක්ම ලෝබ නැතුව එකතු කරලා තියෙනවා.

burgershut2

ක්‍රිස්පි චිකන් බර්ගර්,චිකන් කෝර්ඩ්න් බ්ලූ බර්ගර් එක වගෙම ග්‍රිල්ල් කරපු බීෆ් බර්ගර් එකකුත් 300යි.බීෆ් බර්ගර් එකක් 260ක් වගේ මිලක් වෙන්නේ .හොට් ඇන්ඩ් ස්පයිසි චිකන් බර්ගර් එකකුත් ඒ ගනන්.මීට අමතරව වෙජිටබල් බර්ගර් ‍ෆිශ් බර්ගර් ත් ඔබට ඇනවුම් කරන්න පුලුවන්.චිකන් සබ්මැරීන් එකක් 350ක් වගේ වෙනවා.කුඩා ප්‍රමානයේ එකක් 220යි.තවත් විවිද විදියට චිකන් රසයෙන් හදාපු බර්ගර් වර්ග 300කට අඩුවෙන් මිලට ගන්න පුලුවන් තැනක් තමයි බර්ගර්ස් හට් කියන්නේ.

burgershut

සේවාව

මෙතන සේවාව හොඳ මට්ටමේ එකක්.ඔබට බොහෝ දුරට කෑම මේසයට එන්න උපරිම විනාඩි දහයක් යාවි.ඒ තරම් මෙහි සේවාව ඉක්මන්.මෙහි වැඩ කරන අයත් මිත්‍රශීලි අය කිවොත් නිවැරදියි.කාඩ් මගින් උවත් මෙහි මිල ගෙවීමේ පහශුකමත් තියන එක හොඳයි.

මග

මෙතනට කොලඹ ඉඳන් එනවා නම් දෙහිවල විලියම් හංදිය පහු කරලා හමුවන වමට ඇති පලමු හරස් පාරේ ඒ කියන්නේ අනගාරික ධර්මපාල මාවතේ දිගටම මීටර් 500ක් එන්න ඕනි.ඒ පාරේ වම් අත පැත්තෙයි මෙය පිහිටන්නේ.පාරෙන් අනික් පැත්තේ නවලංකා කියලා සුපර් මාකට් එකකුත් තියනවා.ඒ නිසා හොයා ගන්න එක අපහසු නෑ

මෙතන දිවා කාලයේ 2 විතර ඉඳන් ඉඳන් රාත්‍රී 11 පමන වෙනකන් විවුර්ථයි.ඔවුන්ගේ දුරකථන අංකය වෙන්නේ 0773669667.මෙහි දුරකථන අංකය 53,ඇලන් ඇවිනියු,දෙහිවල. ඔබත් දෙහිවල පැත්තේ ආවොත් සාක්කුවට පහසුවෙන් රසම බර්ගර් එකක් කන්න Burgers Hut  Dehiwala  එකට ගොඩවදින්න අමතක කරන්න එපා.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *