කන්න බොන්න කලින් එන්න

Dewmini Roti Shop – Mirissa පැනි රසට වගේම කට සැරට රොටී කන්න එන්න නොම්බර එකේ දෙව්මිනි රොටී කඩේ

banner

මිරිස්ස කියන්නේ ලස්සන මුහුදක් නිසාවෙන්ම සංචාරකයන් එන පලාතක්.ඒ වගේමයි මිරිස්ස තල්මසුන් බලන්නන් අතරෙත් ජනප්‍රියයි.මේ මිරිස්ස නගරයේ තියන වෙනස් විදියේ සහ ගොඩාක් ජනප්‍රිය තැනක් තමයි දෙව්මිනි රොටි කඩේ කියන්නේ.විවිද අයුරට රසවත් රොටී කන්න ගොඩ දෙනෙක් නිතර එන යන තැනක් තමයි මෙතන.මෙහි අයිතිකරුවන් වන ගයානි සහ චමින්ද කියන දෙන්න 2009 වසරෙදි තමයි මෙතන ආරම්භ කරලා තියෙන්නේ.තනි පවුලක් එකතු වෙලා කරගෙන යන දෙව්මිනි රොටී කඩේ ගැන තමයි අද අපි ඔබට කියන්න යන්නේ

වටපිටාව

dewmini5

මෙය පිහිටන්නේ මිරිස්ස නගරයේ.ගෙදරක තමයි මෙය පවත්වාගෙන යන්නේ.ඔවුන් ඔවුන්ගේ උදයානය අවන්හලට ගැලපෙන ලෙස සකස් කරලා තියනවා.මිදුලේ තැනින් තැන ප්ලාස්ටික් මේස පු‍ටු දමා තියනවා.ඒ තරම් සැප පහසුවක් නම් නෑ.වැස්සක් එහෙම ආවොත් නම් මෙතන ඉඳන් කන එක නරක අත්දැකීමක් වෙන්නත් පුලුවන්.කොහොම උනත් මෙතන හොඳ පිරිසිදුවට පවත්වාගෙන යන බවක් හොඳින් පේන්න තියෙනවා.මොවුන් මෙහි උයන පාඨමාලවකුත් පවත්වාගෙන යනවා. පැය හතරක පාඨමාලවට මුදල් ගෙවලා සහභාගි වෙන්නත් පුලුවන්.උයන කටයුතු ත් වෙන්නේ ඔබ ඉදිරිපසමයි.

බඩජාරි මෙනු පත

dewmini7

මෙතන කෑම විදියට සැරට වගෙම පැනි රසට හදන රොටී වර්ග වලටයි මූලිකම තැනක් දීලා තියෙන්නේ.මෙනු එක ගත්තොත් අපි නිතර දකින පොල් රොටීයේ ප්ලේන් රොටී එලවලු රොටී බිත්තර රොටී බිත්තර රොටී වගේ රොටී වර්ග කන්න ගන්න පුලුවන් .ඒවා රුපියල් 60 -100 වගේ මිල සීමාවේ පවතින්නේ.ඒ වගෙමයි ටිකක් වෙනස් විදියට ඔවුන් සතුව තියනවා බිත්ත්තර චීස් සහ එලවලු පිරවුනු රොටී. ඒවගේමයි බිත්තර චිකන් චීස් සහ එලවලු පිරවුනු රොටී .එහෙමත් නැත්නම් චිකන් බිත්තර චීස් සහ ඉස්සෝ පිරවුනු රොටී.මේ ආහාර වර්ග සේරම ඉතාම රසවත්.රොටියේ ඇතුලත හොඳින් පිරවිලා.ටිකක් විතර ගම්මිරිස් රසත් එක්ක පදමට ලුනු සමග පිරවුම චීස් රසයත් එකතු වෙලා වෙනස්ම රසයක් මතු කරනවා.ඇත්තටම ඉතා රසවත් ආහාර වේලක් කිව්වොත් හරි.මේ කෑම 250-350 අතර මිල සීමාවේ තමා පවතින්නේ.මෙතන තවත් සුවිශේශී කෑමක් තමයි කොත්තුව .ඒ අතරින් චිකන් චීස් කොත්තුව ඉතාම රසවත්.මෙතනට එන ගොඩ දෙනෙක් අතරේ චිකන් චීස් කොත්තුව ජනප්‍රියයි.එය මිලෙන් 300ක් වෙන්නේ.මේ ගනනුත් ඉතාම සාධාරනයි.

dewmini4

මෙතන රොටී වර්ග වලට අමතරව නිතර අපි කන ෆ්‍රයිඩ් රයිස් එහෙමත් කන්න ගන්න පුලුවන්.චිකන් ෆ්‍රයිඩ් රයිස් එකක් 260ක් වගේ වෙන්නේ.ඒ වගෙම රසවත් දේශීය මාලු පිනි වර්ග 6ක් එක්ක චිකන් හෝ මාලු කැම එකක් 450ක් වෙනවා.ඉස්සෝ කැම එකක් 600ක් වෙනවා.

dewmini2

ඔබට පැනි රසට රොටී කන්න හිතුනොත් ඒ සඳහා ගොඩක් තේරීම් ඔබ සතු වෙනවා.චිකලට් රොටී අන්නාසි රොටී කෙසෙල් රොටී චොකලට් මැන්ගෝ වගෙ නමින් රොටී වර්ග ගනනාවක් කන්න ගන්න පුලුවන්.හැම එකක්ම රසවත් පිරවුමකින් යුක්තයි.150-300 අතර මිලකට රස පිරි මේ රොටී වර්ග ඔබට ඇනවුම් කරන්න පුලුවන්.පැනි රස රොටිය තවත් රසවත් වෙන්න ඔබේ කැමැත්ත පරිදි පොල් එකතු කරනවා නම් තව 30ක් එකතු වෙනවා.කජුත් එකතු කරගන්න ඕනි නම් ඒකට තවත් රුපියල් සීයක් එකතු කරන්න වෙනවා.ඒවගෙමයි උඩින් අයිස් ක්‍රීම් ටිකකුත් ඕනි නම් තවත් රුපියල් හැටක් තමයි වියදම් කරන්න වෙන්නේ.

බීම වර්ග විදියට විව්ද වර්ගයේ පලතුරු බීමත් මෙතන ගන්න තියන්වා. ඒ වගේම අයිස් කෝපි මිල්ක්ශේක් වගේම උනුසුම් ව බොන්න ඉඟුරු දාපු තේකක් නැත්නම් කිරි කෝපි එකක් උනත් වරදක් නෑ.

සේවාව

මෙහි ඉතා හොඳ සේවාවක් ලැබෙනවා.කැම ඉතා ඉක්මනින් මේසයට ගෙනත් දෙන්න ඔවුන් වග බලා ගන්නවා.ඔවුන්ගේ පවුලේ හය දෙනෙක් මේ සඳහා එකට වැඩ කරනවා.ඔවුන් ඉතාම සුහදශීලියි.

මග

මෙතනට එනවා නම් කොලඹ මාතර පාරේ ඇවිත් මිරිස්ස නගරය පහු කරලා මීටර් 600ක් විතර ඉස්සරහට ගියාඅම තියන උඩුපිල පාරෙන් වමට හැරිලා දිගටම 200ම් වගේ යනකොට ඔබේ දකුනු අත පැත්තට තියෙන පලවෙනි ප‍ටුමගේ ඇවිත් ආයෙත් දෙවනියට තියන පාරෙන් දකුනට හැරුනු ගමන් ඔබට දැකගන්නට තියෙනවි දෙව්මිනි රොටී කඩේ.

ඔවුන් උදේ දවල් රාත්‍රී තුන් වෙලටම ආහාර සපයනවා. මෙතන දුරකථන අංකය 0715162604.රාත්‍රී දහය වෙනතුරු මෙතන විවුර්ථයි.ගොඩාක් වෙනාවට විදේශිකයන් මෙහි ඇවිත් කෑම ගන්නවා දකින්න පුලුවන්.ඒ කොහොම උනත් දේශීය සංචාරකයෙකුටත් මෙතනට ඇවිත් රසවත් රොටී කාලා වෙනස්ම අත්දැකීමක් ගන්න කියාපු තැනක් තමයි දෙව්මිනි රොටී කඩේ.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *